ඇවිත් යන්න එන්න

ආදර අයියටයි අක්කටයි

ඉතින් ඔයාලා දෙන්නට කොහොමද? හුඟ දවසකින් මට ඔයාලා දෙන්න දකින්න හම්බ වුනෙත් නැ.මං ගෙදර එද්දි ඔයාලා ගෙදර එන්න හිතලවත් නැ කියලා පොඩි අයියා කියනවා ඇහුනා.

ඔයාලා දෙන්න මාත් එක්ක ගොඩක් තරහද ?😌 එදා උදේ අක්කව ඔෆිස් එකට දාලා හවසත් අක්කව එක්කන් එන්න අපි දෙන්න ගියෙත් අක්කා අසනිපෙන් හිටිය නිසානේ.පරිස්සමට එක්කන් එන්න.
අපි එච්චර හයියෙන් ආවෙත් නැනේ නේද අයියේ? අපේ ඉස්සරහින් ගිය කාර් එක පැද්දෙත් වයසක අන්කල් කෙනෙක් නේ..එයා ගියේ 30ට නැත්නම් 40ට.ඉතින් කොහෙද මායි අයියයි හයි ස්පීඩ් යන්නේ..අපි එයාගේ පස්සෙන් සුහච කිකරු විදියට නේ ආවේ.අනිත් එක අක්කා පණ අපි එක්ක ඉන්න කොට අපි දඟ නැ නේ නේද අයියේ ? 😋

කොහොමටත් ඇගට පන නැතිව එහා මෙහා වැනෙන්නත් මට උවමනාවක් තිබුනෙ නැ.(විහිළුවට හරි කවුරු හරි කියුවොත් එහෙම මං වැරදි කියලා ඒකයි මං මතක් කරේ😈) ඔයාලා දෙන්නා මාව එදා උදේත් ෆුල් බොඩි ⁣චෙකප් එකක් කරානේ..මං ඒකත් පාස් නේ..😀

ඇත්තමයි අයියේ තාමත් මට හිතා ගන්න බැ එදා මොකෝ වුනේ කියලා..අක්කා අයියට කෑ ගහන සද්දේ ඇහුනා විතරයි මතක ..අක්කා උඩින් විසි වෙලා පැත්තක වැටිලා හිටියා.අයියා පාර මැද්දේ වැටිලා අක්කට ඇස් අරින්න කියනව මට ඇහුනා.අයියා කැගහපු කැගැහිල්ලට  තමයි අක්කේ ඔයා ඇස් ඇරියේ.ආයේ ආයේ අක්කට සිහි නැතිවෙද්දි මට අම්මෝ බය හිතුනු තරමක්.යකඩ මට එච්චරට දැනෙනවා නම් අය්යාට අක්කා ගැන කොච්චරක් බය හිතෙන්න ඇද්ද ?😰

අක්කා අැස් ඇරලා අයියා දිහා බලලා 'ලොකු ..කකුල ' කියලා ඇස් වහගනිද්දි තමයි මාත් වටපිට බැලුවේ..

අනේ දෙයියනේ මට හම්බ වෙච්චි හොදම යාලුවො දෙන්නා ලේ පෙරාගෙන.අයියාගෙ මුලු ඇගේම ලේ.ඔලුවත් පැලිලා.අක්කා කියුව වගේම අයියගෙ කකුල..හම ඉරිලා මස් ගැලවිලා ඇට කැඩිලා..වාවන්න පුළුවන්ද ? 😭හෙමිහිට අක්කා දිහා බැලුවහම අක්කගෙත් කකුලෙන් අතෙන් ලේ ගලනවා..වලලුකර හරියේ ඇඹරිලත් වගෙයි.පෙනුමට අක්කා පණට පිට තුවාල අඩුයි වගේ..එ්ත් ඇයි අක්කාට සිහිය නැත්තේ..ඇග ඇතුලින් මොනව හරි වෙලාද ?? 💭 (මට හිතුන දේ හරි කියලා මං දැන් දන්නවා..අනේ අක්කො ඔයාගේ කොන්ද ගොඩක් රිදෙන්න ඇති නේද? 😓අයියාගෙත් ඇගේ දාපු යකඩ කැලි ගලවයි නේද?😓 )

මං දන්නවා ඔයාලට මාව මතක් වුනේ නැතිව ඇති ඒ වෙලාවේ.මං තරහ නැ හොදේ ඒකට..

කොහොම හරි අක්කවයි අයියවයි එතනට ආපු අය ඉස්පිරිතාලෙ අරන් ගියා..මං කොච්චර අමාරු වුනත් දෙයියන්ට කියුවේ ඔයාලා දෙන්නව බේරලා දෙන්න කියලා..ඇත්තමයි ඔයාලා දෙන්න දැක්කම මටත් කලන්තේ හැදුනා..එදා ඉදලා අද වෙනකම් මං මේ නම් නොදන්න තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් ගෙන් ඉල්ලන්නේ ඔයාලට ඉක්මනට සනිප කරවන්න කියලයි..

අරයටයි එයා එක්ක ආපු අයටයි ගොඩක් තුවාලයි.දන්නවද අක්කේ අරයගේ අයියාට නින්ද ගිහිල්ලාලුනේ .එයත් පවු..ගොඩක් ඇඩුවා මං එක්ක කිය කියා..මං ඉතින් ඉවසුවා අනේ. එයා කියලා මොනවා කරන්න ද? කකුල් තුනක් තිබුනට එයාව හරියට එක්කන් යන්න එයාගෙ අයියා දැන ගන්න එපායැ..අපිට පව් දෙනෝ..

කොහොම හරි ඔයාලා ගෙනිච්චට පස්සේ එතනට ආපු පොලිස් මාමාලා මාවයි අරයවයි කොහේ ගෙනත් දැම්මද කියලා හිතා ගන්න බැරුව ඉන්දෙද්දි මට හිතුනා මේ පොලිසිය වෙන්න ඇති කියලා.මොකෝ උපන්තේකට ඔයාලා මාව මේ වගේ තැන් වල ගෙනිච්චා ද ? නැහැනේ..

මටත් හුඟක් තුවාලයි..මුන කට ගන්න දෙයක් නැ..ඔයාලගේ වගේම මගෙත් දකුණු පැත්ත විනාසයි..තුවාලයි..සනිප වෙලත් මාව බලන්න එන්න එපා ඔය දෙන්න නම්..පොඩි අය්යා අඩපු විදියට මාව දැකලා ලොකු අයියා ඔයා නම් වාවගන්නෙ නැ...
අනිත් එක අයියේ, අපි වෙට්ටු දාද්දි නපුරුයි කියලා හිතුවට පොලිස් මාමාලා එදා මාව අරන් ගිහින් ⁣ඉන්දගෙන පොඩි අයියා ආවම ගෙදර එන්න දුන්නා.
එයාලා හරි හොදයි.මං හොරෙන් අහන් හිටියා පොලිස් මාමාලාගෙ කතා..අරයාගේ අයියා ඇවිත් කියුවාලුනෙ එයාට නිදිමත හැදුනා කියලා..දඩුවම් දෙයි මං හිතන්නේ ..දඩුවම් කියලා වැඩක් ද ඉතින් එයා⁣ගෙ කෝලම් නිසා ඔයාලා, මම දුක් විදිනවා මාස ගනන් මෙහෙ..

මාව ගෙදර ඉන්දන් බලබලා ඉන්න කොට දුකයි කියලා පොඩි අයියා මට අර අල්ලපු ගෙදර නවතින්න හදලා දුන්නා..
මගේ තුවාල සනිප කරන්න  ගොඩක් සල්ලි යනවලු.මේ වෙලාවෙ මාව සනිප කරන්න ඕන නැ.අනික මං හිතන්නේ සනිප වුනත් මාව ආයේ ඔයාලා එක්ක ඉන්දගන්න හොඳ නැ..මං සුපර් හිරෝ වුනේ නැ.මං අයියා බෝයි වයි අක්කා පණයි පරිස්සම් කරේ නැ..අනේ මට ඇඩෙනවා.දැන් ⁣අකුරුත් බොඳ වෙනවා..

ඔයාලා දාලා යන්න දුකයි.ඒත් අයියා මාව දිලා දාන්න..අපි හිත හදා ගමු..

ඉතින් මං දැන් ගොඩක් ලියුවා..දුකයි ගොඩක් ..

ඔයාලගේ ආදරේ හිනයක් විදියට මාව ඔයාලා ලං කර ගත්තා.ඒ හිනේ ඉන්න ලැබුනේ පෙර පිනකට..
හැමෝම අකමැති වෙද්දි මාව ඔයාලගෙ කර ගත්තට තුන් දෙනාටම පින්..(අම්බානකට බැනුම් අහන්න ඇති ..මං දන්නවනේ..හැබැයි ඔයාලා හිනා වෙලා මාව බේර ගන්න ඇති නේද අයියා )

මං ලස්සන කාලයක් ගෙව්වා.මං ඔයාලත් එක්ක ගොඩක් ඇවිද්දා..හැම සෙනසුරාදාම අපිට ඇවිදින්න තැන් තිබුණා..වැඩ ඇරිලා රෑ වෙලා අයියා හරි පොඩි අයියා හරි ගිහින් අක්කා එක්කන් ආපු දවස් හරි ශෝක්..මතකයිද ඔයාලා දෙන්නට..අයියාගේ බොඩිමේ යාලුවොයි එයාලා එක්ක ඉන්න මගේ පවුලේ අයයි එක්ක ගියපු අර ට්‍රිප් එක (කටින් යන ඒවා නෙවි හොදේ)..
අයියේ අර මාව හෝදන්න ගනිපු මැශින් එක එක්කෝ මගේ අලුත් අයියාට හරි මාමාට හරි දෙන්න නැත්නම් ඉස්සරහ කාලෙදි හැඩ හතරේ එක්කෙනා නාවන්න තියා ගන්න හොදේ..

අක්කා පණ ;  දැන් ඉතින් ඔයා විතරයි අයියාගේ ගර්ල් ෆෙරෙන්ඩ්..මං කැපුණා හොදේ..
මට හරි පාලුයි ඔයාගේ ඒ හිනා කතා නැතිව ඉදලා..

පොඩි අයියා දඟ විදියට පැදලා මට ත්‍රාසජනක අත්දැකීම් දුන්නට ඔයාටත් තැන්කියු හොදේ.
නැන්දාටයි මාමටයිත් ගොඩක් ආදරෙයි..
අයියවයි අක්කවයි පරිස්සම් කරන්න බැරි වුනාට ගොඩක් දුකයි..මට සමාවෙන්න..

ඉතින් පුලුවන් තරම් ඉක්මනට සනීප වෙන්න.පුලුවනි නම් මාව යවන්න කලින් එක පාරක් මාව බලන්න එන්න (ආවත් ඇඩෙයි නාවත් ඇඩෙයි )


මාව චුට්ටක් අතගාලා මං එක්ක තරහ නැ කියන්න.මට සමාව දෙනවා කියන්න..

ඇවිත් යන්න එන්න ...මට හරි පාළුයි..


ඉතින් මං දැන් නවතින්නම්..ආයේ කවම කවදාකවත් මේ වගේ දුකක් ඔයාලාගේ කාටවත් වෙන්න එපා..

මං ඔයාලගේම ආදර
FZ



Comments

  1. ඒකනම් බොක්කටම වැදුන

    ReplyDelete
    Replies
    1. එයාට හිතෙන විදිය හිතන්න ගියාම තමයි හිතුනේ කොච්චර වේදනාවක් ඇති වේවිද කියලා පණ තිබුන නම්..

      Delete
  2. බයිසිකලේට මෙහෙම රිදුනනම් හැප්පුන යට කොහොම ඇතිද ?

    ReplyDelete
    Replies
    1. ඉවසන්න බැරි තරම්..
      මේ අද දවසෙත් වේදනා විදිනවා

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය