Posts

Showing posts from April, 2020

66. අසනු මිතුරේ

Image
දරා ගන්නට කියා දුන් අය දුරස් වී වග දැනෙනදා යකා වෙස් ගෙන වන්නම්  නටන්නත් එපා වීලා සිටිනදා හිතේ දුක නුඹ දැක්කේ  නසරානියක් ලෙස මෙදා ඇහේ කදුලැලි කියන්නේ  නුඹ කොහේ හිරවී ඇතිවදා කිරිල්ලියකට කැදැල්ලක් ඕනෑම යැයි කියු එදා අහන්නට අමතකම වූයේ  නුඹේ පෙම වේදැයි සදා ලොවක් ඉදිරියේ වනම් කියලා නුඹට පතිනිය වූවදා හීන කදු කදු නාය යනවා මතක අමතක වී මෙදා ඉසිඹුවක් ලද හොතින්  නුඹේ දෑසට ගැටෙන දා අසනු මිතුරේ මගේ පැතුමන් අපේ කර ගැනුමට බදා (2020.04.21)

මම මම ම

Image
හීන පාට නොකරම කටුසටහන් කොලත් නැතිවම මකලා දාන අපූරුව..... හැම හීනයක්ම කලිනුත් වෙනස් වුනා. ඒවා වෙනස් කරපු නිසා...... දැනුත් වෙන්නේ ඒකමයි. අනෙක් අය දකින හීන මගේ කරන්නේ නැතිව ඉන්න පුලුවන් නම් ගොඩක් පින් රෑ නින්දෙදී දකිනවටත් වඩා රිදෙන හිත හීන දකිනවා......... මම වෙන්න ..... මම ආස මම වෙන්න...... අනේ මටත් ඉඩක් දෙන්න ප්‍රභා...... 2020/04/19

පෙම්බැදි ඉතිහාසය

Image
අකුරු අමුනා කියවන්නට හැකිවූ ලමා කාලය ඇරඹුමේ දීම මගේ පොත් ගුලට එක්වූ රාමායණය බොහෝ දේවල් හිතන්නට මගේ හිතට මග පෙන්වූ පොතක්.ඒ කාලයේ යක්ස යනු වචනයේ පරිසමාප්තියෙන්ම යකා බකා ලෙස හිතේ මැවී තිබූ කාලයකි. ඉතින් රාවණා යකාට ගිය අතර ඉන්දියානු මෙගා ටෙලියක නලුවා සුපිරි වීරයා වෙන්නා සේම රාමා පොර විය. ඒත් උපන් රටේ විරුවා බල්ලට දැමීම ලේ ධාතුව විසින් පිලිනොගත්තේ හෙලයා යනු අභීත අයෙක් නිසා විය යුතුය. අතට අහුවෙන රාමා රාවණා සීතා ලක්ශ්මණා ගැන ලියවූ ලිපි තැන නොතැන නොබලා වචනයකවත් මග හැර නොගෙන කියවන්නට පෙලඹුනේ වාල්මිකී කොලේ වසා ගසා ඇතැයි ලපටියට වැටහුනු නිසාවෙනි. ඉතින් ටිකෙන් ටික හෙල මහා විරුවා කවුරුන්ද යන වග මෙන්ම එතුමා  සමග බැදී පවතින්නාවූ අතීත වර්තමාන හා අනාගත කාලයන් පිලිබදව තතු බොහෝමයක් දැනුම් ගබඩාවට ඇතුලත් විය. ආචාර්ය මිරැන්ඩෝ අබේසේකරයන් වැනි ඉතිහාස  ගවේෂකයන් ,භද්‍රජි මහේන්ද්‍රයන් වැනි රචකයන් විසින් පුස්තකාරූඩ කරවූ තොරතුරු මත පදනම්ව මා මනසේ මැවූ රාවණයන් යනු තුන් කල් දැකි මහා පුරුසයෙකි.වෙදදුරෙකි.රටකට පිනට පහල විය යුතුම රජෙකි.අහස කුස හා සක්වලම ජයගත් නිපැයුම්කරුවෙකි. ක්ශනික තීරණයක ප්‍රතිඵලයක් ලෙස ලක් දෙරනේ

ෆීලින් මං වටිනවා

Image
ජිවිතේ අපිට සමහර වෙලාවල් එනවා කාටවත්ම අපිව වටින්නේ නැහැ ඇයි මම ජීවත් වෙන්නේ කියලා හිතෙන.අන්තෙටම කලකිරුනු එහෙම වෙලාවක මැරෙන්න හිතෙන්න වුනත් පුලුවනි.මම ඒ හැගීම විදලා තීනවා. ඒත් අද මේ ඇදිරිනීති වෙලාවෙත් අත්‍යවශ්‍ය සේවා සපයන අයගේ මූල්‍යමය අත්‍යවශ්‍යතා සපයන්න අත්‍යවශ්‍ය සේවාවකට අදාල සේවකයෙක් විදියට රැකියාවට ගිහින් ඇවිත් විශබීජ නැත්තටම නැතිවෙන්න පිරිසිදුවීම් කරලා ගෙදරට ආව මට (සනීපෙන් ඔව් හෙන ෆිට් කියලා පෙන්වන කිහිප දෙනෙක් මං එක්ක ජීවත්වෙනවා.වකුගඩු රෝගයක් , පිලිකාවකින් බැටකාපු දෙන්නෙක් මෙහේ ඉන්නවා.මාස කීපයකට කලින් ඔපරේශන් එකක් කරපු හබියෙකුත් ඉන්නවා,තව දියවැඩියාව උඩවැඩියාව කරගනිපු දෙන්නෙකුයි පට්ට සනීපෙන් කියල ඉන්න පිනි බිදක් වැදුනත් හචොස් ගාන ඩබලකුත් ඉන්නවා) හිතුනෙම ආයෙනම් මැරෙන්න හිතුනොත් මේ භයානක කාලේ ගැන මතක් කරලා බලනවා කියලා තමයි..ගැලරියේ තියෙන ෆොටෝ ටික ආයේම පීරනවා. අවුරුදු විස්සකට විතර කලින් මැරුන අයගේ පොත් ලකුනු කරන්න එන , රජයෙන් කියපු ණය සහන අහන්න ඇවිත් අපේ අම්මා අප්පා මතක් කරන අය ඉන්න රටක කොරෝනා කියන්නේ තවමත් වැඩ නොපෙන්වපු කෙරුම් කාරයෙක් කියලා තේරුම් ගන්න තරමට මොලේ තියන මිනිස්සුත් ඉද

අසල්වැසියා

Image
කොරෝනා නිසා ඉරට කලින් වැඩට යන ඉරට පස්සේ ගෙදර එන විකාර ජීවන රටාව මග හැරුන අතරම අත්‍යවශ්‍ය සේවා රාජකාරියෙන් දින දෙකක විරාමයක්ද ලැබුනි. මේ කාලය අතර තුර සොයා ගත් දේවල් වලට අතේ දුරටත් අඩුවෙන් පිහිටා තිබෙන නිවෙස් වල ජීවීන් ඉන්නා බවත් එකී ජීවීන් මා මෙන්ම පණ ඇති අය බවද එකතු වේ.  එහා ගෙදර අක්කාට කඩේ වසා දමා ලමයින්ට පාඩම් කියාදීමට වෙලාවක් ඇති බවත් එකී පොඩි අය ඩබලට රණ්ඩු නොවී ෆිට් එකේ සෙල්ලම් කිරීමටද හැකි බව සොයා ගන්නට ලැබූ අනිත් දේවල් ය. මේ දවස් වල මේ පොඩි ඩබල මා වැඩ ඇරී එන තුරු බලා සිටින්නේ දවසේ විස්තර බැල්කනියෙන් එබී මා හට රස කර කර කියන්නටය.. පසුගිය දවසක ලොකු බබාගේ උපන් දිනයට බැල්කනිය මත සිට සුභ පතන්නෙද කේක් පුරවාපු තසිමක් ලැබෙන්නේද ජනේලය හරහාය. මේ අලකලංචි කාලේ මොනවාම හරි කරගන්නට උපන් හපන් මාව ගරුඩ පැත්තෑයෙක් විසින් කිස් කිරීමේ සොදුරු වේදනාව දරුනුවටම දැනෙන අතරම පොඩි ඩබලගේ ආච්චි විසින් විස නසන්නට හැකි යැයි කියා බැදි හාල් කැද සාදා ජනේල් හුවමාරුවෙන් ලබා දෙන ලදී.  හදවතට දැනුනුයේ අපට කෙතරම් දේවල් මග හැරී ඇද්දැයි කියාය.වසරකට කිට්ටු කාලයක් මෙම නිවසේ සිටි මට මේ සති කිහිපය හුගක් දේ කියාදුනි. ඉති