Posts

Showing posts from August, 2018

නිවුන් හැගුම්

Image
සංසාරේ ගොඩාරියක් ප්‍රර්ථනා කරන්න ඇති මම.ඔයා මගේ විමත් ඒ වගේ දෙයක් තමයි අයියේ. විනාඩි කිපයකට කලින් දොස්තර මාමලා දඟ ඔයාව එලියට අරන් අහිංසක මාව නංගි කරාට මං තරහක් නෑ. මොකද ඔයා වගේ හොඳ සුදු අයියෙක් මට හම්බුනේ ඒ නිසානේ. අම්මා මල් මල් බබා ඇදුම් පාට දෙකෙන් එක වගේ අන්දපු ඒ අතිතය හරි ලස්සනයි නේද අයියේ.හැම දෙයක්ම එකට කරපු අපි දෙන්න සරසවියට යන්න සමත් වෙච්චි වෙලාවෙ අම්මගෙයි අප්පච්චිගෙයි ඇස්වල සතුටු කදුලු දැක්ක නේද අයියා.. සරසවියේදි අපි දෙන්න එකට ඉන්නවා කියලා කොච්චර කට්ටිය විහිලු කරාද කොක්කක් සෙට් නොවි නංගිවම බැදගනින් බං කියලා...අහ් අපි සැලුනද... අපේ ඉරණම්කාරයෝ අපි හොයාගත්තතේ නිවුන් හමුවකින් නිසා අපි ඔය ලපටි විහිලු වලින් ඇස් රතු කරගත්තෙත් නැ..පැහැදිලි කිරිම් වලට යොමු වුනෙත් නැ..😃 අපි අපේ අරමුණු වෙත යන්න දුක් වින්දා.ඔයා මාව හුඟාරියක් පරිස්සම් කරා.ස්තුතියි අයියා.. අද උපාධි ප්‍රධානෝත්සවය.අදත් අපි දෙන්නා එකම විදියට ඇදලා..අයියා මට ඔයා ගැන හරිම සතුටුයි..දන්නවා ඔයාටත් මං ගැන හරිම සතුටුයි කියලා. අපි මේ එකට ලංකර ගත්ත තවත් අරමුණක්.. අයියා මං ඔයාට ගොඩක් ආදරෙයි .. ලබන ආත්මේද

43. බ්‍රවුනි

Image
එදා කිසාගෝතමියට පටාචාරවට  හැම දේම අහිමි වෙද්දි පිහිටට බුදු හාමුදුරුවෝ සිටියා එරට නමුදු නැතිය කිසිවෙක් අද මට පන පොවන්නට මගේ බ්‍රවුනිට හැම තත්පරයකම මගේ ලඟ හිටියා සෙල්ලම් දුව පැනිලි මා සමඟම කෙරුවා  අද මගේ කරමතින් ගෙන යද්දි හිටියා ඇයි බ්‍රවුනි මං නරක ද මට හිතුනා දුවගෙන ඇවිත් ආදරෙ නු⁣ඹේ මට දෙන්න නැති බව අායේ නුඹ එලෙසින් රැදෙන්න දැනෙනා විටදි මගේ හදවත පැලෙන්න ලංවෙනවා වගෙයි නුඹ එක්කම මියෙන්න ගැලු කදුලු වැල් නිම් නැත නුඹ හින්දා එනමුදු යලිත් නුඹ මාවෙත නොඑනා හින්දා  හිත දැඩිකරන් නුඹේ අවසන් මං කෙරුදා පතනවා නුඹට මිනිසත් භවයක් මතුදා (දුටු රුවට වදනක්) 2018.08.23

හැඟිම්

Image
ප්‍රේමය ආදරය එක ලඟ එකට කියවෙන වචන. ඉතින් ඔය පද වැලේ තැනක මිමිනෙන වචනයක් තමයි රාගය. සමහර වෙලාවලට සම්බන්ධයක පැවැත්ම රඳා පවතින්නත් මේ රාගික හැඟිම් එක්කමයි. ඉතින් නුඹ මගේ සිතැඟි තේරුම් ගන්නේ මං ඒ සිතුවිලි සිතන්නට පෙර සිටමයි. අපි ආදරය කරා , ප්‍රේම කරා. ඔව් ඒ දෙයාකාර වචනයන්. ඒ වගේම රාගික හැඟිම් වලට වහල් වුණා. නුඹ ලඟදි මම වගේම මම ලඟදි නුඹත් අවනත නැති සිත් අවනත කරගන්නට වෙර දරන අන්දම , හිතන්න පුලුවන් ද ඒ හැඟිම.. ඉතින් නුඹේ ඔය නා දලු වන් දෙතොල මගේ රළු දෙතොලට මැදි වෙද්දි පුංචි මුවැත්තියක් කොටි හපුවෙක්ගේ ලඟ ඉන්නව වගේ බයක් නුඹට දැනෙන්න ඇති. මට සමාවෙයන් මගේ මැණික රිද්දන්න හිතුවෙ නැ මම. මගේ රං කැටේ මගේම වෙන නිමේෂය ඉක්මන් කර ගන්න හදිස්සිය නිසායි ඒ දේ වුනේ. ඉතින් නුඹ හා මම අපේ ලොවකට පියමැන්න ඒ සොඳුරු මොහොත නුඹේ ⁣සොඳුරු සුකුමාල ගත මගේ ගොරෝසු හැඩිදැඩි ගත සමඟ මුහුවෙද්දි වේදනාව දුක සතුට පිරැන මහා අමුතු හැඟුම්න් පොකුරක නුඹ අතරමං වෙන්න ඇති. නැ නෙවෙයි මැණික . මං ඒ හැඟිම වින්දා නුඹ නිසා. මං ආදරෙයි ඒ මොහොතට. ඇත්තෙන්ම මං ආදරෙයි මහ හුඟක් නුඹ හට. කොහොම කියන්නද කියලා නොතේරෙන මේ විසේකාර හැඟු

42. මගේ පණ

Image
මෙලෙස නුඹ දකින්නට හිනයක් හිතේ විය සොඳුරු නුඹ සුර ලියක් ලෙසින් හැඩ වීලා අද පෙරදාක ලඟ රැදුන පෙම් ලොවේ රැජින අද මනාලිය ලෙසින් මා දැස් අභියස සිටින ආදරෙයි හැමදාම සිතැත්තියෙ මං නුඹට රකිමි මම ආදරෙන් නුඹව මගේ පණ ලෙසින්

41. මැවු හින

Image
මහ හුඟක් මං හින  දැක්කලු සොදුරු  දවසක්  ලඟ එතැයි දෛවයේ මගෙ  ලියා තිබුනලු  අහිමි වග මට  ඒ හැඟුම් දුක හිතුන මුත්  කදුලු පිරි නෙත් මගේ තනියට  ලඟම සිටිමුත් නුඹට මං හැර  අන් සියලු දේ මහමෙරක් බව දත් දිනේ කොහේ යන්න ද සැඟවිලා මං  නුඹට ආදරේ  නැති ලෙසේ සමුගනිමි මම ඉතින් නුඹ ගෙන් නුඹට කිසි දොස නොවේවා මං  හින්ද නම් (2018.07)     

40. නංගිගෙන් අයියාට

Image
හිටියේ නැ අයියෙක්  හැම විටම  හිත හදන හමු වුනා ආදරේ හින්ද පන වගේ අයියෙක්  මෙමට විස්වාසෙ කඩ කලා  මල්ලි හා එක් වෙලා ඇත්ත තිත්තයි කියා  නොසඟවා පවසලා හිටිය හිත දත් සොයුරු  අද මාවෙතින් දුර ගියා. කනට ගැසුවා නම් දිවි මගේ තොරනම් නොදැනේවි නැගනි හට  මේ තරම් වේදනා දෙන්න හැකිනම් සමා නුඹේ මල්ලි මා දිවි සමයි අයියේ මං හැමදාම  නුඹේ චුටි නංගිමයි.. (එක නංගියෙක්ගෙ ඉල්ලිමක් )

39. කල්පනා

Image
හිතට හිත ගැලපෙනා මොහොතක ලොවේ  නෙත් විරසක වෙලා අපි⁣ට අපි හිමි වෙනා  දවසක දෙනෙත අපගේ පියවෙනා හිරුත් හිනැහෙන  සඳුත් හිනැහෙන  ලොවේ දිනයක  හිනැහි සිටින්නට කරපු පින් අපි  සස⁣ර ගමනේ දි තවත් දුරදැයි  කල්පනා  10.08.2018