43. බ්‍රවුනි

එදා කිසාගෝතමියට පටාචාරවට 
හැම දේම අහිමි වෙද්දි පිහිටට
බුදු හාමුදුරුවෝ සිටියා එරට
නමුදු නැතිය කිසිවෙක් අද මට
පන පොවන්නට මගේ බ්‍රවුනිට

හැම තත්පරයකම මගේ ලඟ හිටියා
සෙල්ලම් දුව පැනිලි මා සමඟම කෙරුවා 
අද මගේ කරමතින් ගෙන යද්දි හිටියා
ඇයි බ්‍රවුනි මං නරක ද මට හිතුනා

දුවගෙන ඇවිත් ආදරෙ නු⁣ඹේ මට දෙන්න
නැති බව අායේ නුඹ එලෙසින් රැදෙන්න
දැනෙනා විටදි මගේ හදවත පැලෙන්න
ලංවෙනවා වගෙයි නුඹ එක්කම මියෙන්න

ගැලු කදුලු වැල් නිම් නැත නුඹ හින්දා
එනමුදු යලිත් නුඹ මාවෙත නොඑනා හින්දා 
හිත දැඩිකරන් නුඹේ අවසන් මං කෙරුදා
පතනවා නුඹට මිනිසත් භවයක් මතුදා

(දුටු රුවට වදනක්)
2018.08.23


Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න