Posts

Showing posts with the label රූ සිතුවිලි

56.මන්දෝදරිය

Image
දහසක් සීතාවන් ඉදිරියේ  සැලෙනු ඇත  රහත් නොම වු පිරිමි සිත නමුදු  ඒ හිතේ කිදා බැසීමට තරම්  ප්‍රභල විය නම්  පතිනියගේ පෙම අහෝ සීතා පසු බසිනු මැන නුඹට උරුම වු රාම වැනි  පෙමක් වෙත  රාවණා හිමි මන්දෝදරියටම බව දැන.... ඉතිහාසය නොකී මුත්  ඇයයි  ස්වාමිභක්තිකම  පතිනිය මා හිතට එකගව... මන්දෝදරිය නුඹ නම්  ඇදැහිය යුතුමය  දරා සිටියාට මේ තරම්  රාවණාගේ සිතුවිලි  රිදුම් දුන් නමුත් හද ගැබ නිමිත්ත - හංසි ගේ පබැඳුමකි

53. මදහස

Image
යනෙන මාවත නිමක් නොපෙනෙන විටක හදවත ඉරි තලා පෙනි නොපෙනෙන මුවේ මදහස ජිවිතය ගැන පැවසුවා...

හිතෙන අන්දම

Image
සමහර පින්තුර , සමහර වචන , සමහර හැසිරිම් , සමහර හැඟිම් , තියෙනවා හිත කොච්චර විස්වාස කරත් කොනිත්තනවා වගේ ඒවා 👿 උත්තර ඕන තරම් ඇති.. ඒත් හැමදාම කොමාවකින් නවත්වලා මං ලියන කතාවේ අලුත් පරිජේද වලින් පටන් ගනිද්දි මතක තියා ගන්න....🤔 මේ කතාව නතර වෙන්නේ සමහර විට කතාව සාමකාමිව ගෙවලා, නැත්නම් ඔයාට හිතා ගන්න අමාරු වෙන තැනකින් මුලු කතාවම වෙනස් වෙන්න පුලුවන්. හිතන්න ...... එපා..  මට උත්තර... ඔව් මමත් සාම්ප්‍රදායික ගැනු ලමයෙක් ....👯 ඒත් සාම්ප්‍රදායික ගති අත ඇරපු වෙලාවල් ඔයාටත් මතක ඇති ....💪 වෙලාවක් ආවොත් ඒ වෙලාවලටත් වඩා දුරකට නව්‍ය වෙන්න ම⁣ට පුලුවනි👍 ඒත් එදාට ඔයාට අතින් අල්ලලා නවත්වන්න බැරි වේවි.👫 මොකද හිතින් අල්ලං හිටිය මම අතඇරෙද්දි අතින් ඇල්ලුවට පලක් නැති නිසා💔 හිතන්න ............................ පොෂ් නැත...පොෂ් නැත්තේද නැත... තැනේ හැටියට ඇණේ ද රෝම සභාවට රෝමංකාරයෙක්ද විමට මට හැකි බව මම දනිමි 👻 හුරතල් විමටත් නපුරු විමටත් පසු බැසිමට මෙන්ම නැගි සිටිමටත් මට එක ලෙසම හැක💣 ඉතින් හොඳින් හිතන්න .... යමක් කිරිමට පෙර ප්‍රභාගේ සිතුවිලි වලටද සිතෙන අන්දම........💭?...

ජිවිත පොත

Image
මේ දවස් වල මම කියවන්නේ අලුත්ම පොතක්.. ඒ පොතේ මේ දවස්වල කියවන්නේ හරිම ත්‍රිල් එකක් දැනෙන පිටු සෙට් එකක්.ත්‍රිල් එක කොච්චරක් ද කියනවානම් එක ඡේදයක් අනික් ඡේදයට වඩා එහෙම් පිටින්ම වෙනස්... සතුට හිතෙන පොඩි වාක්‍ය දෙක තුනකට පස්සේ දුක හිතෙන පතරංග ජාතක සයිස් ඡේද පිරිච්ච පිටු ගනන් කියවන්න වෙන එක හිතට ගේන්නේ මැරෙන්න තරම් දුකක්.. ඒත් මේ පොතේ මේ පරිච්ඡේදයේම මරණය ගැන වෙන්විම් ගැන අනන්තවත් ලියවිලා තිබුන නිසා ඒ අදහසත් මට එපා වෙලා.. අද කියවපු ලස්සනම ඡේදේ අතරමගදි අත ඇරිලා කලින් මඟ ඇරුණ පරිඡේදයකට අහම්බෙන් කියවන්න ඉඩක් ලැබුණා.. හිතුනෙම නොකියව හිටියනම් කියලා..ඒත් අනාගත පරිඡේදයකට අදහස් මේකේ තියෙනවා කියලා හින්ට් එකක් හම්බුන එකේ ඒකත් කියෙව්වා...මේ පරිඡේදේ ඉක්මනට ඉවර වෙලා රොමැන්ටික් එකක් එනවනම්.... (දෙයියන්ට දෙයියන්ගේ හාල් කැවිමෙන් පසු ලියු මගේ ජිවිත පොත හෙමිහිමිහිට කියවමින්.....)

විදින්න ජිවිතය

Image
ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙන එක..මොනදේ කරත් දුක විතරක් මගේ වෙන එක...පුංචි පුංචි දේවල් මහා ලොකු දේවල් වෙලා හිත පාරන එක...මේ හැගිම් සේරම මහා එපා කරපු ඒවා... ඒ මදිවට ඔයාට හිතුනොත් ඔයාව USE කරනවා කියලා..හිතෙනවා විතරක් නෙවෙයි ඇත්තටම ඒක එහෙම නම් ඇයි තවත් ඔයා ඔහොම ඉන්නේ .. මැරෙන්න හිතෙනවා නම් මේ දේවල් වලින් පැනලා යන්න හිතෙනවා නම් අනේ කොහේ හරි මේ නපුරු අයගෙන් ඈතට ගිහින් ඉන්න හිතෙනවා නම් .... හිතන්න පොඩ්ඩක් .... මේ විදියට හිතෙන අය මේ ලොකේ ගොඩක් ඉන්නවා..බලන්න වටපිට ඔයාගේ ලඟම කෙනෙක්ට වෙන්නත් පුලුවනි ..නැතිනම් මේ හැඟිම් පොදිය තමන්ගෙ කරන් ඉන්නේ ඔයාම වෙන්නත් පුලුවන් .. කරුණාකරලා සැහැල්ලු වෙන්න බලන්න .... සුභවාදිව හිතන්න බලන්න .... තත්ත්වය දරැණුවටම ඔඩු දුවලා නම් මනෝ වෛද්‍ය උපදෙස් ගන්න බලන්න ... ඔයාට ඇත්තටම ආදරේ අය සමීපයේ ඉන්න බලන්න.... රිදවන අයගේ පමණ දැන ලග රැදෙන්න බලන්න ... ඔයා ඔයාටම ආදරේ කරන්න බලන්න...❤ ඒ ආදරේ ඇත්තටම ආදරණියයි ... විදින්න ජිවිතය.. හරිම කෙටියි ..

බැදිම්

Image
ආදරය ❤ මේ බැඳිමේ නම ඒක ද ? අනේ මං දන්නේ නැ. මගේ හිත කියන්නේ ඔයා තමයි මගේ මුලු ජිවිතයම.. ඔයා නැතිව ඔයාගෙ තැන හිස් තැනක් කරලා ටික වෙලාවකට වටපිට බැලුවොත් පපුවෙ අන්තිමම කෙලවරේ ඉදන් උඩට එන වේදනාව ඒ දැවිල්ල ආදරේ අහිමි විමේ වේදනාව වෙන්න ඕනි. සිතුවිල්ලට හිතලා බැලුවට හැබැවටම මට ඒ හැගිම දරා ගන්න අමාරුයි .. ඔව් මං මැරෙයි..හුස්ම හිරවෙලා මැරෙයි. මේ විදියට ඔයාගේ අත්දෙකේ තුරැල් වෙලා ඉන්න කොට මට දැනෙන්නේ මුලු ලෝකයම මගේ කියලා.. රත්තරං ඔය දැතෙන් මාව මුදවන්න එපා.. නුඹ එක්ක මං ආස හැමදාම පියමනින්න අනන්තය වෙනකම්ම... ආදරෙයි මං නුඹට නුඹ හිතනවාටත් වඩා මහ හුඟක් ... සංසාරේ පුරාවට මගේම වි ඉන්න....💖        (හිත් ගත් රෑ සටහනකට වදනක්)

නිවුන් හැගුම්

Image
සංසාරේ ගොඩාරියක් ප්‍රර්ථනා කරන්න ඇති මම.ඔයා මගේ විමත් ඒ වගේ දෙයක් තමයි අයියේ. විනාඩි කිපයකට කලින් දොස්තර මාමලා දඟ ඔයාව එලියට අරන් අහිංසක මාව නංගි කරාට මං තරහක් නෑ. මොකද ඔයා වගේ හොඳ සුදු අයියෙක් මට හම්බුනේ ඒ නිසානේ. අම්මා මල් මල් බබා ඇදුම් පාට දෙකෙන් එක වගේ අන්දපු ඒ අතිතය හරි ලස්සනයි නේද අයියේ.හැම දෙයක්ම එකට කරපු අපි දෙන්න සරසවියට යන්න සමත් වෙච්චි වෙලාවෙ අම්මගෙයි අප්පච්චිගෙයි ඇස්වල සතුටු කදුලු දැක්ක නේද අයියා.. සරසවියේදි අපි දෙන්න එකට ඉන්නවා කියලා කොච්චර කට්ටිය විහිලු කරාද කොක්කක් සෙට් නොවි නංගිවම බැදගනින් බං කියලා...අහ් අපි සැලුනද... අපේ ඉරණම්කාරයෝ අපි හොයාගත්තතේ නිවුන් හමුවකින් නිසා අපි ඔය ලපටි විහිලු වලින් ඇස් රතු කරගත්තෙත් නැ..පැහැදිලි කිරිම් වලට යොමු වුනෙත් නැ..😃 අපි අපේ අරමුණු වෙත යන්න දුක් වින්දා.ඔයා මාව හුඟාරියක් පරිස්සම් කරා.ස්තුතියි අයියා.. අද උපාධි ප්‍රධානෝත්සවය.අදත් අපි දෙන්නා එකම විදියට ඇදලා..අයියා මට ඔයා ගැන හරිම සතුටුයි..දන්නවා ඔයාටත් මං ගැන හරිම සතුටුයි කියලා. අපි මේ එකට ලංකර ගත්ත තවත් අරමුණක්.. අයියා මං ඔයාට ගොඩක් ආදරෙයි .. ලබන ආත්මේද...

43. බ්‍රවුනි

Image
එදා කිසාගෝතමියට පටාචාරවට  හැම දේම අහිමි වෙද්දි පිහිටට බුදු හාමුදුරුවෝ සිටියා එරට නමුදු නැතිය කිසිවෙක් අද මට පන පොවන්නට මගේ බ්‍රවුනිට හැම තත්පරයකම මගේ ලඟ හිටියා සෙල්ලම් දුව පැනිලි මා සමඟම කෙරුවා  අද මගේ කරමතින් ගෙන යද්දි හිටියා ඇයි බ්‍රවුනි මං නරක ද මට හිතුනා දුවගෙන ඇවිත් ආදරෙ නු⁣ඹේ මට දෙන්න නැති බව අායේ නුඹ එලෙසින් රැදෙන්න දැනෙනා විටදි මගේ හදවත පැලෙන්න ලංවෙනවා වගෙයි නුඹ එක්කම මියෙන්න ගැලු කදුලු වැල් නිම් නැත නුඹ හින්දා එනමුදු යලිත් නුඹ මාවෙත නොඑනා හින්දා  හිත දැඩිකරන් නුඹේ අවසන් මං කෙරුදා පතනවා නුඹට මිනිසත් භවයක් මතුදා (දුටු රුවට වදනක්) 2018.08.23

හැඟිම්

Image
ප්‍රේමය ආදරය එක ලඟ එකට කියවෙන වචන. ඉතින් ඔය පද වැලේ තැනක මිමිනෙන වචනයක් තමයි රාගය. සමහර වෙලාවලට සම්බන්ධයක පැවැත්ම රඳා පවතින්නත් මේ රාගික හැඟිම් එක්කමයි. ඉතින් නුඹ මගේ සිතැඟි තේරුම් ගන්නේ මං ඒ සිතුවිලි සිතන්නට පෙර සිටමයි. අපි ආදරය කරා , ප්‍රේම කරා. ඔව් ඒ දෙයාකාර වචනයන්. ඒ වගේම රාගික හැඟිම් වලට වහල් වුණා. නුඹ ලඟදි මම වගේම මම ලඟදි නුඹත් අවනත නැති සිත් අවනත කරගන්නට වෙර දරන අන්දම , හිතන්න පුලුවන් ද ඒ හැඟිම.. ඉතින් නුඹේ ඔය නා දලු වන් දෙතොල මගේ රළු දෙතොලට මැදි වෙද්දි පුංචි මුවැත්තියක් කොටි හපුවෙක්ගේ ලඟ ඉන්නව වගේ බයක් නුඹට දැනෙන්න ඇති. මට සමාවෙයන් මගේ මැණික රිද්දන්න හිතුවෙ නැ මම. මගේ රං කැටේ මගේම වෙන නිමේෂය ඉක්මන් කර ගන්න හදිස්සිය නිසායි ඒ දේ වුනේ. ඉතින් නුඹ හා මම අපේ ලොවකට පියමැන්න ඒ සොඳුරු මොහොත නුඹේ ⁣සොඳුරු සුකුමාල ගත මගේ ගොරෝසු හැඩිදැඩි ගත සමඟ මුහුවෙද්දි වේදනාව දුක සතුට පිරැන මහා අමුතු හැඟුම්න් පොකුරක නුඹ අතරමං වෙන්න ඇති. නැ නෙවෙයි මැණික . මං ඒ හැඟිම වින්දා නුඹ නිසා. මං ආදරෙයි ඒ මොහොතට. ඇත්තෙන්ම මං ආදරෙයි මහ හුඟක් නුඹ හට. කොහොම කියන්නද කියලා නොතේරෙන මේ විසේකාර හැඟු...

42. මගේ පණ

Image
මෙලෙස නුඹ දකින්නට හිනයක් හිතේ විය සොඳුරු නුඹ සුර ලියක් ලෙසින් හැඩ වීලා අද පෙරදාක ලඟ රැදුන පෙම් ලොවේ රැජින අද මනාලිය ලෙසින් මා දැස් අභියස සිටින ආදරෙයි හැමදාම සිතැත්තියෙ මං නුඹට රකිමි මම ආදරෙන් නුඹව මගේ පණ ලෙසින්