Posts

Showing posts from September, 2018

45. නුඹ මුලාවී

Image
මහ හඬින් කියයි හැම විට  මා වැරදි බව ලොවට මඳක් නුඹ හිතුවා ද  මා හිතනා ලෙසට ආදරේ එක වගේ කියා  පොඩි කල කියපු කතාවෙ වෙනස මට තේරුණ ද පසුකලෙක ඇය ඉන්න තැන නුඹේ  හිනා මල් පිපි ඇත හැම වරම මෙමා නුඹට ඇස ඇණි කටුය පන්නා විත් පසු පසින්  කෑ ගසන්නේ මටයි මහ වැරදි ඇය කරන  නු⁣ඹේ මතකේ ටික දිනයි මං කලොත් යම් දෙයක්  එය හරි වුනත් වැරදි වෙයි ඇය කලොත් වැරැද්දක්  මුළු ලොවින් සඟවා තබයි කිවුම ගැන සමාවනු  නුඹව මට හරි දුරයි ඔච්චම් හිනාවම මගේ මුව මත නැගෙයි නුඹ මුලාවී බව හැඟී....

44. අපේ කතාව

Image
මේ මහ පොලව උඩ  මේ සුවිසල් ගගන යට මට යමක් හිමි වෙද්දි මගේ සතුට දැක සතුටු වුන මට යමක් අහිමි වෙද්දි  මගේ දුක තමන්ගෙම  කර ගත්ත මගේ මිහරක් වැඩ  කේන්තිය මැදින් වුනත් ඉවසලා හරි වැරැද්ද මට දැනෙන්නට කියලා දෙමින් හිත රිදෙන හැම මොහොතකම මට මතක් කර දුන්නා මං මේ ලෝකේ  කවුරු නැතිවුනත්  ඒ හිත මං වෙනුවෙන් ඉන්න බව....

හැරයැම... මා විසිනි

Image
හිතට වදදෙන හරිම අමාරු සිතුවිල්ලක් අමාරුවෙන් වුවත් අකුරු කරන්නයි මගේ මේ වැයම.. ඇත්තටම මං මේ කියන්න යනදේ පිලිගන්නේ ටික දෙනයි. මොකද මං කියන දේ අහන් ඉදලා ඉදලා අන්තිමට ඒ අය කියන දේවල් වලින් නම් මට තේරෙන්නේ මං අවධානය ගන්න උත්සාහ කරලා එයාලාගේ හාස්‍යයට ලක්වුනා වගේ හැගිමක් ..  ඒත් මේ කියන්නේ ඇත්ත කියලා මං ඕන තැනක කියන්න පුලුවන් වගේම දිව්රන්නත් පුලුවන් ... ඉස්සර මං මාරම ආසයි Arash කියන ගායකයාගේ Helena එක්ක කියන සින්දු දෙකකට ...  ඉස්සර විතරක් නෙවි අදටත් තවමත් ඒ සින්දු දෙක මගේ playlist එකේ උඩම තියෙනවා. එක සින්දුවක් pure love . අනික තමයි broken angel.. මේ සින්දු දෙක එකකට එකක් සම්බන්ධ වෙච්චි to be continue වර්ගයේ එකක් නිසා ආසාවෙන් බැලුවෙ අමුතු කතාවක් තියෙන නිසයි. බලන හැම වෙලෙකම ඇස්වලට කදුලු අරන් ආපු මේ සින්දු රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක්ගේ ආත්මයක් ශරිරයෙන් ඉවත් වෙලා තමන්ගේ පෙම්වතිය බේරගන්න උත්සාහ කරන විදිය කියවෙනවා.. එදා ඉදන්ම මට තියෙන ප්‍රශ්නෙ තමයි , එහෙම වෙන්න පුලුවනි ද? කියන එක. ඒ කියුවෙ හැපුන ගමන් ශරිරයෙන්  ආත්මය ඉවත් වෙලා තියෙන්න පුලුවන් ද කියලා. ඇත්තටම එහෙම ව

පීසා පාටි ඇට් මුහුදු වෙරල

Image
ජිවිතේ ජිවත් වෙනවා කියලා දැනෙන්න නම් අපේ කියලා අපේ හිතට දැනෙන අය එක්ක පුංචිම හරි වෙලාවක් ගත කරන්න ඕන. මං ඒ අතින් වාසනාවන්තයි මහ ගොඩාරියක්. මොකද මට මගෙයි කියලා කියලා ඉන්න අය අතරේ Crime partners ලා කිප දෙනෙක් ඉන්නවා.. ❤එක් කෙනෙක් තමයි මගේ ආදරේ . ඔයාලා දන්න හදුනන දිල්.. මං ආස දේවල් එකක් දෙකක් ඇරුණාම අනෙක් හැමදෙයක්ම එයා නැ බැ නොකියා YES තියරියෙන් ඉශ්ඨ කරලා දෙන්න එයා වග බලාගෙන තියෙනවා.. (නොකරපු දෙක තුන ඉතින් සක්කරයටත් කරන්න ටිකක් අමාරු ආසාවල් තමයි ඉතින්.දන්නවනේ මං ගැන)😉 ❤අනික් Crime partners ලා වෙන්නේ මගේ නංගියි දිල්ගේ මල්ලියි.. අවුරුද්දක වයස් පරතරයක් තියෙන අය්යායි නංගියි වෙන මුං දෙන්න තකට තක.. අක්කවයි අයියවයි හුරා කැමේ වෙනමම ලියාපදිංචි හවුල් ව්‍යාපාරයකුත් පවත්වාගෙන යන ගමන් තමයි ඉතින් අපිත් එක්ක අපේ  සමාගමෙත් අධ්‍යක්ෂක ධුර පවත්වාගෙන යන්නේ. හැබැයි මේ දෙන්නා දුකේදි සැපේදි වේදනාවෙදි සතුටෙදි එකිනොකි හැම හදවතේ කතාවකදිම මායි දිල් එකකයි ඉදලා තියෙනවා අදටත් ඉන්නවා.. හ්ම් හෙටත් ඉදිවි. මං මේ කියන්න යන්නේ පුංචි දේකින් ගොඩක් සතුටු වෙන හැටි..ජිවිතේට මතකයන් එකතු කර ගන්න හැටි.. අපේ නං

බැදිම්

Image
ආදරය ❤ මේ බැඳිමේ නම ඒක ද ? අනේ මං දන්නේ නැ. මගේ හිත කියන්නේ ඔයා තමයි මගේ මුලු ජිවිතයම.. ඔයා නැතිව ඔයාගෙ තැන හිස් තැනක් කරලා ටික වෙලාවකට වටපිට බැලුවොත් පපුවෙ අන්තිමම කෙලවරේ ඉදන් උඩට එන වේදනාව ඒ දැවිල්ල ආදරේ අහිමි විමේ වේදනාව වෙන්න ඕනි. සිතුවිල්ලට හිතලා බැලුවට හැබැවටම මට ඒ හැගිම දරා ගන්න අමාරුයි .. ඔව් මං මැරෙයි..හුස්ම හිරවෙලා මැරෙයි. මේ විදියට ඔයාගේ අත්දෙකේ තුරැල් වෙලා ඉන්න කොට මට දැනෙන්නේ මුලු ලෝකයම මගේ කියලා.. රත්තරං ඔය දැතෙන් මාව මුදවන්න එපා.. නුඹ එක්ක මං ආස හැමදාම පියමනින්න අනන්තය වෙනකම්ම... ආදරෙයි මං නුඹට නුඹ හිතනවාටත් වඩා මහ හුඟක් ... සංසාරේ පුරාවට මගේම වි ඉන්න....💖        (හිත් ගත් රෑ සටහනකට වදනක්)

සපත්තු SINGER

Image
මට මතකයි ඉස්සරම අපේ ගෙදර කලු සුදු TV එකක් තිබුනා . ඊටත් පස්සේ පාට පාට පේන TV එකක් තිබුනා. ඊටත් පස්සේ ඒ කියන්නේ මේ වෙනකොට අපේ ගෙදර තියෙන්නේ අර පැතලි අලි සයිස් TV එකක්.. හා හා මාර නයි ඇරිල්ලක් නේද? දැන් ඇති නයි ඇරිල්ල ප්‍රභෝ..කතාව කියනෝ.. ඔය පාට පාට රුප පේන රුප පෙටිටියේ හරි ලස්සන සින්දු වගයක් ගියා. අම්මෝ ඒ සින්දු යනවනම් කොහේ හිටියත් TV එක ඉස්සරට වෙලා කටත් ඇරගෙන බලාගෙන ඉන්න එක තමයි මගෙ නම් වැඩේ.. ගොඩක් වෙලාවට ඒ සින්දු ගියේ සිරස TV එකේ.ගායිකාවක්ද ගායකයෙක්ද කියලා හිතා ගන්න බැරි හරි හුරුබුහුටි කෙනෙක් ලස්සනට නට නට පැද්දි පැද්දි සින්දු කියන විදිය බලන් ඉන්න හරි ආසයි. එයාගෙ අර සපත්තු සින්දුවට මං හරිම ආසයි.මාත් ඒ සපත්තු ඩාන්ස් එක පැක්ටිස් වුනා බැරි මරගාතේ හරි එ් කාලේ. ගායිකාවක් කියලා අනුමාන කරාට මං නම නම් දැනන් හිටියේ නැ.⁣ඔන්න කාලෙකට පස්සෙ මං දැන ගන්නවා එයා ගැන මහ හුඟාරියක් විස්තර. මං දන්නවනේ මං වගේම ඔයාලත් එයාට කැමති කියලා.මොකෝ මල සමයං විච්වුරන එයාගේ නැනේ ඒකයි. ළපටි පෙනුමක් තිබුනට (මට හිතෙන්නේ එහෙමයි) 1964 මාර්තු මාසේ 12 වෙනිදා  ඉන්දි⁣යාවේ මහරාශ්ට ප්‍රාන්තයේ ඉපදිච