Posts

Showing posts from October, 2019

මම මම වීම

Image
හරියටම අදින් දින 587 කට කලින් හිටිය මම ආයෙමත් ම මම විදියට එනවා නම් , නැතිවෙච්චි ගොඩරියක් දේවල්  ආයෙමත් මගේ ජීවිතයට එනවා නම් , මම " plz help me" හරී "plz support me" හරී නොකියා මගේ වැඩ මමම කරගන්නවා නම් , අඩන්න ඕන වෙලාවල හිනාවෙලා හිනාවෙන්න ඕන වෙලාවල උඩ පැනපැන හිනා වෙලා ඉන්නවා නම් , බැහැ නැහැ නොකියා YES I CAN සිතුවිල්ලේ ඉන්නවා නම්, ....................... ඔව් එදා මම ගාව හිටිය මම අද මම ගාව නැහැ..ඒකීට රිදෙන්න ඕන තැන් වලටම රිදුනා..රිදෙන හැම මොහොතකදිම රිද්දවපු අයට රිදේවි කියල  මම හිතන් හැසිරුන විදියට රිදිලා තියෙන්නේ මටමයි... ඒත් මම වෙනස් වෙන්න තීරණය කරා..අද නෙවෙයි ටික දවසක ඉදන්..ඒත් වේදනාවල් දැනෙද්දී ඇගයුමක් නැති වෙද්දී මට අමතකම වෙලා ගියා මම ආයෙමත් මම වෙන්න හිතුවා කියලා .ඒක එක ස්වප්නයක් ,මොහොතක සිතුවිල්ලක් විතරක් වෙලා තියෙද්දි  , මට ඉස්සර හිටපු මාව මතක් කරන්න ඒ හිටපු මගේ වටිනාකම අදට වඩා එදා හුගක් වැඩි බවත් එදා හිටිය මම ආයෙමත් නැවිදින් හිටියොත් මගේ ජීවිතයේ හුගක් පසුතැවීම් සිදු වෙන එක නවත්වන්න බැරි බවත් හිතේ ගැඹුරටම කතාකරලා තේරුම් කරවන්න අද පුලුවන් කම ලැබුනා.. මම මේ