Posts

Showing posts from July, 2018

මගේම විය ඔබ

Image
මේ අවුරුදු එකහමාරටම මේ ඇමතුම මට ආවේ තෙවරකි.
එක පාරක් අක්කා පරිස්සමින් ගියාද අහන්නත් දෙවන වර මගේ ජිවිතේ ආයෙමත් ඉරිතැලිලා ගියබව කියා මගේ ආදරය යලි මගෙ නොවනා වග සනාථ කරන්නත්ය.

මෙවර කතා කරන්නේ ඇයි දැයි සිතා ගත නොහැක .
ඒකත් මේ මහ රාත්‍රියේදිය.
සැලෙන හදින් ඇමතුමට සම්බන්ධ වු මට ඇහුනේ කිරි දරුවෙකු නැලවිමට වෙහෙසෙනා අම්මාගේ හඩය.වෙව්ලන දෑතින් හා සැලෙන සිතින් සිටි මා හට අවසන ඔහුගේ කටහඬ ඇසුණි.
"රේශි ගිහින් අක්කේ.අයියත් කොහේ අතුරුදහන් වෙලාද මන්ද..මේ කිරි සප්පයා අම්මාගෙ උණුහුම හොයද්දි මේ ගැනිට මගුල් විසේ ගැහුවනේ".
නමුත් ඔහුගේ හඬ බිදුණි.
අවසන "ගෙදර එන්න අක්කේ" කියමින් ඇමතුම විසන්ධි විය.

සිත සැලුනි.
නෙතින් ගලායන කදුලැලි නොසලකා දමමින් මා මේ රැයේම මගේ මෝටර් රථය නුවර කොළඹ මාවතේ නිහඩ බව නැතිකරන සුළු වාහන කිහිපය හා මුසු කරේ සිතුවිලි අතිතය හා පැටලෙද්දිය..

අනාථ නිවාසයේ දානමය පිංකමකට ආ අවිනාශ් මා ඔහුත් සමඟ ගෙදර ගෙන යැමට අැවැසි බව කියා පෙරලි කරද්දී ලොකු පුතුගේ ආසාවටත් නිවසට දියණියක් ද ලැබිමේ කාරණාවත් මුල් විමෙන් සති කිහිපයක ලිපි ලේඛන කටයුතු වලින් පසුව මටද ආදරණිය මව්පිය දෙපලක් හා දෙසොහොයුරන්…

යලි එකට

Image

අද තවත් දවසකි.
නුඹගේ ජිවිතය ගැන අපමණ වු බියකින් පසුවන නිමේෂයක මෙලෙස පැරදි සිටිමට අකමැති වු නුඹ උත්සාහ කරන ලද දිනකි..
ලියා තබන්නට වැදගත් දිනයකි..
ඉතින් මම ලියමි.😊

නුඹට මතකදැයි නොදනිමි.💭
නමුදු මගේ මතකය නිවරදි නම් එදා නුඹ යමු දැයි අැසුවිට හිතේ බියකින් වුවද නැගුනෙමි.
නුඹේ පාපැදිය මත.
ඉතින් ඒ මීට වසර මහ හුඟකට පෙරය.
දොලොස් වසරකට පෙර දිනකය..
අපේ ආදරය ඇරඹුමට පෙරය.
මිතුදම කෙමෙන් ආදර මාවතේ යද්දි මේ මඟ දිගම තාත්තාගේ ත්‍රීවිල් එකේ,වැන් එකේ,මෝටෝ බයිසි⁣කලේ ද නුඹ හා පැමින ඇත.අපේ කාරයේද පැමින ඇත.
මෙකි නොකි හැම වාහනයකම මේ මඟ ගෙවා පැමිනි මට මහ හුඟාරියක් මතකයන් ද එ් පිලිබඳව ඇත.💕
විටින් විට ඒ මතක සිතුවිලි පෙලගසන්නට සිතා ඉන්නෙමි..

අවසන් වරට මේ මාවතේ පැද යන්නට සැරසුනේ නුඹේම දහඩිය මුසුවු මෝටෝ බයිසි⁣කලේ වුවද එක් අදුරු මොහොතක අපේ සොඳුරු සිහින ඈත ඉසව්වකදි ඉරිතැලුනි.
දුකක් ඇත.😔
ඒ නතර වු අහිමි වු කාලය පිලිබඳවය.
නමුත් ඒ කාලය තුල නුඹත් මා මෙන්ම නොයෙක් දේ උගත් බව දනිමි පමණටත් වඩා.
එදා ඒ අනතුර නොවුනි නම් ජිවිතය මේ තරම් වෙනස් නොවන්නට ඉඩ තිබුනි.
මේ කාලය පුරාවටම වෙනස් නොවු එනම් ඍණ නොවි ධනම පමනක් වු එකම දෙය නම් …

37. සේලයින්

Image
කිසිම ලොකු ලයින් නැතිය නුඹ ගාව දයාබර සේලයින් රකියි ජිවිතය නුඹ
කැ නොකැ හැම දේම පිටවෙලා නෙක ලෙසින ශරිරය අඩපණය කිසිදු සවියක් නැති ලෙසින
විසල් කටු බට ගොඩක් මැද්දෙන් හෙමි හෙමිහිට ගලා ඇවිදින් සහනයක් විය හිනැහි පන නගන්නට
රිදුම් දෙන මුලු ගතම ඉකිගසන බොලඳ සිත කදුලු පිරි මගෙ දැස නෙගටිව්  රිපෝට් ගොඩ
ජිවිතය එපා කරනා විටදි නුඹ කියන්නේ හිනැහෙන්න ගලා විත් මහ දුර ගෙවා රුහිරැ හා මුහුවෙලා
දයාබර සේලයින් බෙහෙත් හා මුසුව විත් නුඹ කරන මේ උදව්වට ණය ගැතිය පන ගැහෙන හැමදාම


(2018.07.03 රෝහලේ දි)