Posts

Showing posts from 2018

ඉකිබිදුම්

Image
ජිවිතේ තනි මංසලක පෙර මුන ගැසි අප එක් වෙලා එකම මග ගෙන දුරක යන්නට අත් බැදන් හිත් පැටලුනා
කොහේ කොතැනක මග වැරදි ගිය බව මුමුනා කියනා හිත නිසා ⁣කොපුල් තෙමනා කදුලු වැල් මං හුඟක් අසරණ කල නිසා
නුඹට මා ගැන හිතන්නට ඉඩක් වත් අද නැති නිසා නොහිතා ඉන්නේ මං කොහොම අද ඔයා පෙර වගෙ නැ කියා
මං කියන දේ අසා ඉන්නටවත් ඉඩක් නුඹ නැ කියා රිදුවු හද මගෙ මහ හුඟක් පෑරුනි නුඹට මං හරි දුර නිසා....
හිටියෙ මට නුඹ පමනමයි මතකේ තියෙනා දා ඉදන් නුඹෙන් ඉල්ලුවෙ නුඹව පමනයි බලා ගන්නට ආදරෙන්
වරම් නැති වග හිතෙන විටකදි ⁣මොර දිදි මගේ හිත දුකින් මං පතන්නම් පෙර වගේ නුඹ මගේ වේවායි ආදරෙන්   ❤




කුෂි

Image
"කුෂිනි ඇයි ඔයා මං කියන දේ තේරුම් නොගන්නේ.."

"අනේ දේව් මට ඔයා කියන දේ තේරෙනවා.ඒත් අපි කොහොමද එහෙම කරන්නේ..ඒ ඔයාගේ අම්මායි තාත්තයි..මට බැහැ මේ වෙලාවෙ නම් ඔයාට හා කියන්න.."

"ඒත් කුෂි ..."

"අපිට අපි අයිති නම් කවදහරි අපේ වේවි ඉවසන් ඉදිමු."

ඒ දේව්ගෙයි මගෙයි කතාවේ නැවතිමේ තිතයි.කවම කවරදාකවත් මේ විදියට සමුගන්න වේවි කියලා නොහිතපු අපි ⁣අද වෙන්වෙනවා..

ඒත් මගේ දේව් මේ අපේ අන්තිම හමුවිම කියලා නොදැන අම්මලාගෙ කැමැත්ත ගන්න විදිය කල්පනා කරකර ගෙදරට යද්දි මං මගේ හැමදේම අත හැරලා දුරකට යන්න බස් එකට නැග්ගා.

මහනුවර ,දලදා තේවාව ඇහෙන මානයේ මගේ අලුත් නවාතැන .⁣යෙහෙලියෙකගෙ මාර්ගයෙන් මේ ගෙදර මිලට ගත්ත මම ජිවිතේ අලුතින් පටන් ගන්න හිතුවත් දේව්ගෙ මතකයන් මාව හිරි වට්ටලා තිබුනේ.
මාව හොයන්න එපා කියලා ලියපු ලියුම් කොලඹින් තැපැල් කරපු නිසා පොලිසි ගානේ නොයා එයාලාහිත් හදාගන්න ඇති.

හැම දවසකම දලදා හිමි ලග මගේ දේව්ගෙ සතුට ප්‍රර්ථනා කරපු මට ඒ ආද⁣රයෙන් දුරස් විම දරා ගන්න බැරිව ඉකිගසමින් ගෙවපු නිදි නැති රාත්‍රින් අපමණයි.

හදහන් ගලපන මගේ දෙමාපියන් වගේම දේව්ගෙ දෙමාපියනුත් මට තිබුන මාරක අපලය…

සුමුදු සුසිනිදු

Image
අද මං කියන්නට යන්නේ මුන ගැසිමට පෙර නම් සෙට් නොවේ යැයි මනසින් හංවඩු ගසා සිටි පට්ටම පිස්සියෙක් ගැනය.. දැන් නම් සුපිරියටම සෙට්ය. නමින් සුමුදු වුන ඇය සත්තකින්ම ගතිගුන නම් සුමුදුය..මතකයත් නම වගේම සුමුදු ය.😉
මතක ඇති විදියට නම් මගේ නමේ කැල්ලක් තිබුනා වගේය.ඇන්ටිටත් අන්කල්ටත් වැරදිලා සුමුදුටත් ප්‍රභා කැල්ලක් දාපු එකට දුකය.සමහර විට මගේ නම ඒක විම ගැන ඇයත් දුක් වෙනවා ඇත.😋😋
පට්ට මිටරයක් වෙන ඇය ගානක් සුළු කරන්නට අපි ගනක යන්ත්‍ර සොයද්දි ගාන සුළු කර හිතින්ම යටින් ඉරි දෙකද ගසා අවසානය. එහෙව් මිටරයකි.👍
හැබැයි ඉතින් මු කොහොමද ෆේල් නොවි බේරුනේ කියා සිතුනු අවස්ථාවන් ද තියෙන බව ද මං කියමි.
ඉංජි නොව අයිටි විමට හිනයක් හිතේ තියෙන ඇයගෙන් අපේ ඔෆිසියේ කොම්පියුටර බේරෙන්නේ අනුනවයයි දශම නවයයි තව චුට්ටකිනි. දෙයියනේ කියා ඒවා අපි හදන්න ට්‍රයි කරොත් බඩුම තමයි කියා අසා තියෙන නිසා අදාල අංශ වලින් ඇවිත් හදනකම් එහෙන් මෙහෙන් අතපත ගෑම පමනක් ඇය අතින් සිදුවේ. දන්න තරමින් ඇගේ නිවසේ ඇති කොම්පියුටර රාජයා නම් භාවිතා කල හැකි නමුත් නව පරික්ෂණ මට්ටමේ පවතින අත්හදා බැලිම් නියැදියකි.😐
ආපු මුල් දවසේ මං හෙන නපුරෙක් යැයි සිතා සිටි බව ඇ…

හිමි අහිමි - 02 කොටස

Image
සාමාන්‍ය පෙල විභාගය අත ලඟ..
ඉස්කෝලේදි බාහිර වැඩ කලත් කියන දේ නාහා මොන දඟ වැ⁣ඩේ කරත් අපි දෙන්නගේම ආසාව තිබුනා හොදට ඉගෙන ගන්න .කාට හරි හිතුනොත් අපි අවාසනාවන්ත ලමයි කියලා අපි අපේ ඉස්කෝලෙට,කොන්වන්ට් එකට නම් වාසනාවන්ත ලමයි. මොකද අපි දෙන්නා අම්මා තාත්තා ඉන්න ලමයින්ට වඩා අදුනන්නෙවත් නැති අම්මා තාත්තට ආඩම්බරයක් හිතෙන විදියට වැඩ කරා..
කොන්වන්ට් එකෙන් පාසල් තරඟ වලට යවන්නේ මොකටද ඒකේ මොකක් හරි අංශයක ඉදිරිපත් විම අපි දෙන්නා වෙන් කරන් තිබුනා. ඉතින් ඉදිරිපත් විමෙන් සැහෙන්න බැ කියලා කප් එකක් උස්සන්න හරි ගෝල්ඩ් පාට පදක්කමක් බෙල්ලේ එල්ල ගන්න හරි තිබුනෙ මාරම ආසාවක්.
හැම තරගයකටම ඉදිරිපත් වෙච්චි අපි දෙන්නා ක්‍රිඩා තරඟත් අත ඇරියේ නැ.හැබැයි මෙතෙනදි නම් අපි දෙන්නා මොන ක්‍රිඩාවට ඉදිරිපත් වුනත් හරියටම කරේ චෙස් ඇදිල්ලයි බැඩ්මින්ටන් ගැහිල්ලයි තමයි..
ශ්‍රේණිගත කිරිම් වලත් මුල් දහ දෙනා අතර හිටිය අපි දෙන්නා අන්තිමට තරඟ කරේ අපේ පලාතේ හොඳම පාසල් චෙස් ක්‍රිඩකයා තෝරන්න තිබුන තරගෙකටයි. ⁣ඒ තරඟය ටිකක් ප්‍රසිද්ධ වුනා යාලු තරඟයක් කියලා. අන්තිමට මං දිනලා හොඳ ක්‍රිඩකයා වෙද්දි දෙවෙනියා වු⁣නේ මගෙම යාලුවා. ඒත් කවදාවත් අපි දෙ…

ඇය හා සරසවි පෙම

Image
හදවතට සමිප ගීතයක්...
මතකයේ මං මාවත් දිගේ පාර හොයාගෙන පියමනින්න නොහිතුවට මං ඉබේම වසර කිහිපයක් ආපස්සට පියමැනලා තිබුනෙ ඒ ගිතය මගේ අතිතය මතක් කරලා දිපු නිසයි..
ඔව් අපි මුනගැසුනා ඒ බව නම් සත්තතයි. ඒත් ඒ අපි වෙන් වුන නගරයේදි නම් නෙවෙයි.ඊට ගොඩක් දුර ලස්සන නගරයක සරසවි පිවිසුම් සමුළුවකදි.. සාමාන්‍ය මිතුරුකමක් විතරක් අපි අතර තිබුනත් දෛවය සරදමක් කරන්නට සැරසෙන්න අර අදින බව මං හිතුවෙම නෑ. අන්තිමේ අපි එකම සරසවියේ එකම කණ්ඩායමේ..එකම අංශයේ.
හැමවිටම එකට මුනගැහිමත් හිත තනියට කාව හෝ සෙවිමත් නිසා ඔබට මා ගැන සිතෙන්නට ඇති.ඇගෙන් දුරක විමත් අපි ලං කරන්නට ඇත.මටත් නොතේරෙන මට දැනුන සිතුවිල්ල ගැන අදටත් මම සිතන්නේ දරැණු පසුතැවිල්ලකින්.
ඔබෙත් මගෙත් මිතුරෙක් ඇය ගැන පැවසුවේ අපි මුන ගැසුන මුල් කාලයේ වුවද මට ඇය අමතක වි ගියේ ඔබ හැකි හැමවිටම සවියක්ව සිටි නිසා.
ඔබ අනුබල දුන්නාද නොදුන්නාදැයි නොදනිමි.
නමුත් මා ඔබ ගැනම සිතුවෙමි.
අසන්නන්ට දකින්නන්ට මිතුරු දමක් බව කිවද මා ඉන් එහා දෙයක් පතා ඇතිබව සිත ගතු කියන්නේ දැන් මේ වර්තමානයේය. මිතුරු ඇසුරක් ද ⁣ඊට එහා යන දෙයක් දැයි කියන්නට නොදත් මේ සබැඳියාව සරසවියේදිත් සරසවි නිවාඩු නිමේෂය…

හිමි අහිමි - 01කොටස

Image
මම කසිනි වික්‍රමසූරිය.

 මතක ඇති කාලේ ඉදලාම මං හිටියෙ කොන්වන්ට් එකක.සිතල නුවර එලියේ ලස්සන පරිසරයක තියෙන කොන්වන්ට් එක මගේ මුලු ජිවිතේම වෙලා තිබුනේ.
හැම දේටම මට හිටියෙ කන්‍යා සොයුරියෝ.මං හැදුනෙ වැඩුනේ කන්‍යා සොයුරියන්ගෙ ඒ කියන්නේ සිස්ටර්ලාගේ ආදරේ මැද්දේ.
පිලිවෙල තමයි අංක එක.
කෙනෙක්ට හිතෙයි එහෙම ඉන්න එක හරි බෝරිං නේද කියලා.අනේ නැ.මං ඒකට හරි කැමති..
අනිත් අයට වඩා අපේ ජිවිත වෙනස් .ඒක නම් ඇත්ත.

මට අම්මා තාත්තා ගැන පුංචියටවත් මතකයක් නැහැ.එහෙම මතකයන් තියෙන්නේ ඒ සෙනෙහස වින්ද නම්නේ.
ගෙදර කියන පරිසරය මං අත්දැකලම නැහැ.එයාලගෙ ආදරය විදලාම නැහැ.
ඒත් මගේ ලඟ එයාලගෙ පින්තුරයක් තියෙනවා..මාව මෙහෙට බාර දෙද්දි ඒ පින්තුරයත් මගේ වෛද්‍ය වාර්තා එක්ක දෙන්න තරම් කාරුණික වෙන්න මගේම අයට පුලුවන් වුන එක ගැන මගේ හිතේ තියෙන්නේ ස්තුතිවන්ත හැගිමක්.
සමහර විට මාව වගේම ඒ පින්තුරයත් ඒ අයට ප්‍රශ්නයක් වෙන්න ඇති.
මුකුත් නැතිවට වඩා ඒ දිහා බලලා හරි සැනසෙන්න මට පුලුවන් වුනා.කොහොම වුනත් මං ඒක බලා සැනසෙන්න විතරයි තියා ගන්නේ.
ඒක පස්සේ හොයාගෙන යන්න හිතුනත් මං නිසා එයාලට ප්‍රශ්න අැති වේවි කියලා මට බයයි.ජිවත් වෙලා ඉන්නවද කියලවත් දැන්න…

35.සංසාරේ හැමදාමත්

Image
සංසාරේ හැමදාමත් මගේම වෙනවා   නම්  මුළු දිවියෙම මා අසලින් රුදී ඉන්නවානම් සතුට කදුල එක ලෙස මා විඳ       ගන්නම් නුඹ වෙනුවෙන් හැමදාමත් ජිවත්   වෙන්නම්
ලොවම එරෙහිවී අප වෙත බාධා ගෙන ආවත් සමනල ගිර සේ නොසැලී නුඹ ඉන්නවා නම් ගිරි මුදුනින් උපත ලැබු නිල් දිය දහරක් සේ ගලා යන්නෙමී මෙමා ලොවම එරෙහි වුවත්

(2006-2010)

34.මිතුර

Image
සසර සරන එක් භවයක මිතුරෙකු ලෙස මා වෙත ආ නුඹව තමයි සසර පතා මා ආවේ දිගු ගමනක් අමාවකට එලිය වෙලා මරු කතරට දියක් වෙල හැම මොහොතෙම ලඟම ඉන්න නුඹම තමයි මා පැතුවේ
නුඹට ලංව ඉන්න ආස  මගේ පැතුම් බොඳ වන්නට කවදාවත් එපා මිතුර  මගේ ලඟින් දුරක යන්න නුඹ නොමැතිව තත්පරයක්  මට කල්පය තරම් දිගුයි නෙතු කඳුලැලි මට නපුරුයි සත්තකින්ම අපි දුරකයි ලංව ඉන්න මට ආසයි


(2006-2010)

33.කුමරියේ

Image
සිහිනයේ දුටුව නුඹව නෙතු මානයේ දුටුව දින දැණුනි මුළු ලෝකයම හිමි වුණා සේ මෙමට සොඳුරු නුඹේ තෙපුල් බස් සිනා සෙන නුඹේ දෑස් මතකයේ රැදෙයි හැමවටම කුමරියේ නුඹෙ නමින් මසිත පිරි සෙනේහය කියා නිම කරන්නට කෙදිනක හැකිවේද මට
සසර සරනා හැම භවේකම අපේ සිත් එක් සිත් වෙලා කුමරියේ නුඹ රැදෙන් මා ලඟ ආදරේ මා හට කියා (2008)

32. බුදු පියතුමා

Image
නිමල බුදු දහම් ගඟුලෙ ගිලෙන්නට පියාණෙනි මට දෙනු මැන අවසර
ඉපදුණු දිනයේ මෙමා රජ මැදුරෙ තනිකර තපසට ඇයි ද ගියේ
සක්විති රජ සැප එපා ය මා හට බුදු පියතුම ඔබෙ තුරුලෙ ඇතී
ආවත් ඔබ හා පොඩි හිමියන් වී මවගෙ කදුළු දුක සිතෙහි ඇතී
මව්තුමියට පින් පිරෙන්න ආදර සසරෙන් එතෙරට යන්න හැකී
ඒ ඇති පියතුම ලැබදුන් දායද ගෙනවිත් සුළැගිල්ලේ පටලා
පිය සෙනෙහස මට ලැබ දීලා




(2005)

31. සැඩ මුහුද නුඹ

Image
සොඳුරු ඔබෙ රළ පෙළින් දෙපා දොවු අපිට වියරු වුණු රළ පෙළින්  නෑසියන් හිතමිතුරු අහිමි කරවුයෙ අැයි ද ? සිතිජයේ බසින හිරු  වෙනදාට දකින්නට  පොරකෑව ළපටියන් කුරිරු ඔබෙ සිත් පතුලේ අමා නිදි සුව විදින්නේ කිනම් වරදක් නිසාවෙ ද ? වැට කඩුළු මායිම් වලින් වෙන් වෙලා සිටි දනන් එකට සිතනා එකට පතනා මිනිස් සිත් ඇති කර ද ?
නුඹ 
බිලිගත් ඒ ජිවිත වල අගය කෙසේ මිල කරන්න ද ? සනසාලු අපේ සිත අඬවාලු අපේ සිත ඔබට තාමත් ආදරේ ඇයි ?
ඔබේ සොදුරු බව හේතුවෙයි එ් ලෙසට....

(2006)

30. පියතුම මගෙ

Image
මව් සෙනෙහස අහිමි මවෙත ඔබයි මවක් වුයේ  මහ මෙරකට වැඩි⁣යෙන් ඔබ  ජිවන බර දැරුවේ දියණිය හට මව නැති බව නොදැනෙන්නට මෙන්නේ දුක් වින්දා හැම දිනකම නෙත් තෙත් කරමින්නේ ඔබේ සතුට කැප කෙරුවා මා ගැන සිතමින්නේ සුළු මව් සෙනෙහසක් මවෙත නැත ගෙනවිත් දුන්නේ ඔබෙ සෙනෙහස සිහිවන විට මා හද කකියන්නේ හොර රහසෙම මා හැරදා  මරු හා ඇයි බැදුණේ
මතු භවයෙත් පියතුම මගෙ ඔබ වේවයි පතමි සෙනෙහෙ සිතින් ඔබෙ නාමය  මම නිති සිහි කරමි

(2007)

අතිතයෙන් අනාගතයට යමින්

Image
ආයෙමත් මීට අවුරුදු බර ගානකට කලින් වගේම දවසක් ඇවිත්..
වැඩියෙ නැහැ අවුරුදු පහකට චුට්ටක් වැඩි ...

ඒ කාර් එකේම නැගලා තාත්තත් එක්න අායෙමත් ඔෆිස් එකට..එදාට වඩා අද වෙනස් ..අම්මත් මේ දෝණි එක්ක යන්න ඇවිත්..

එයාලා මං ගැන ගොඩක් හිතනවා ඒකයි.අනිත් අතට මටත් හිතේ හයිය විතරයි තියෙන්නේ කියලා එයාලා දන්නවා..(මට හිතෙන විදියට මං ලඟ දැන් ඒකත් නැ)😓

ඒත් හුරුපුරුදු ඔ⁣ෆිස් එකට නෙවෙයි යන්නෙ කියලා හිතන කොට හිතට නිකන් හරි මොකක් ද වගේ දැනෙනවා.

හුරුපුරුදු යාලුවෝ ටික මගේ වටේ නැ කියලා මතක් වෙද්දි මල කරදරයක් කියකියා ගියත්  අනේ ආයෙත් එහෙ යන්න තියෙනවා නම් කියලා හිතුනවා.😐

දුර වැඩි නිසා ඔයාලා ගාවට මේ තත්ත්වයෙන් එන්න හොඳ නැති නිසා පෙරලුන පිට හොඳයි කියලා මාත් මේ තිරණය ගත්තා ..

හිත නිදහස් .මොකද ඊයේ දිගම දිග මල් පාත්තියක්ම ඒ ඔෆිස් එකේ යාලුවො එක්ක කැඩුවානෙ...💓
එකම ආයතනයක් ඔෆිස් දෙකක්..
හරියටම අදට අවුරුදු හයකට සති ගානකට කලින් මං මේ අද යන ඔෆිස් එකට මං ගියා.
පුංචි දඟකාර කෙල්ලෙක් විදියට කැම්පස් යන්න කලින් දෙන පුහුණුවකට ..

අන්තිමේ මට ඒ ආයතනයේම රැකියාව කරනවා..
අද යද්දි එදා හිටපු අය කවුරුවත් නැ.

තාත්තෙක් වගේ හිටිය සර් විශ්‍රාම…

රස්සාවට යන අම්මා

Image
දැන් ජිවිතය ඉස්සරට වඩා වෙනස්ය. 😒
පවුලක පිරිමියා පමනක් නොව කාන්තාවද හරි හරියට ජිවිත අරගලයේ යෙදෙනු වස් රැකියාවක නිරත වෙයි..කාන්තාවක් රැකියාවක නිරත විම සමාජය දකින්නේ විවිධාකාරයෙනි..
අපි හරි මග යයි නම් එක එකාලාගේ කතාවන්ට හිත යොමු නොකර සිටිය යුතුමය..
නැත්නම් බෙර පදේට නැටවෙනා නැට්ටුවා මම වෙනා කියා ඉන්න තමයි වෙන්නේ.
මම ද රස්සාවට යන්නෙමි..තවමත් විවාහ ජිවිතයේ බරක් පතලක් හිසේ නැතත්  පෙම් ලෝකය තුල රස්සාව නිසා සමහර විට ගැටලු ඇති වුවද ඕන දෙයක් සුභවාදිව දකින ප්‍රභාගේ සිතුවිලි හොදින් වටහා ගත් දිල් නිසා මගේ ගැටලුවලට විසදුම් හැම විටම  ඇතිය.. ඉතින් අනාගතය ගැන බියක් හිතේ නැතිය... කොහොම වුවත් රස්සාවට වඩා පරස්තාවට කැමති මං ගෘහණියක් ලෙස සමාජ ගත විමට අනාගතයේ ඇති ඉඩකඩ වැඩිය.( අනාගත කාල වාක්‍යයකි )😁😁
සිතුවිල්ල ඇය ගැනය..මගේ මුර දේවතාවිය ගැනය..සිතුවිලි දහසක් ලියුවද මදිය අම්මෙ නුඹ නමට....💖
මගේ අම්මා ද රැකියාවක් කල අතර තවමත් රැකියාවෙහි නිරත වෙයි.

ඇය ගුරුවරියෙකි.

මෙලොව තිබෙන උතුම්ම වෘත්තියේ ඇය නිරත වෙන බව අතර එය උපරිම අන්දමින් ඉටු කිරිමටද ඇය කිසිදා පසු බසින්නේ නැත.. දැනුම සොයා පිපාසිත ඇය තමන් ලබා ගන්නා දැනු…

29. නිසැකවම

Image
ගැඹුරු පඩි වදන් "නිව්ටන්" ද "ෆැරඩේ" ද "එල්මෝ" ද "මාකෝනි" ද සොයා බලන්නට විමර්ශනය කරන්නට තීක්ෂණ දෑසක් ඔබ සතුව ඇත
කළ යුත්ත නිබඳවම මතකයට නැගීමයි ඔබද එවිට සක්වලම ජය ගනු ඇත නිසැකවම
(2006-2010)

28.අසිමිත ආදරය

Image
දිවා රැය දෙක පුරා නුඹ ගැනම මා සිතයි අසිමිත ආදරය මේ තරම් තතු සොයයි.... මං දුරක බව දැනුනි විටක හද පාරවා.. අතිතය හිමි අතිතයටම බවත් අමතකව සිටි නිසා නුඹ එක්ක අනාගතේ තැනු සිහින මාලිගා බිඳි යනු නොපෙනුනා වත්මනේ අපි දුරස් බැව් අද මෙමට තේරැණා... මට තනිව යන්න යැයි නොකියාම කියවුණා... 💔💔 😢😭😭😭😭😭😭😭😭😭😪

(2018.05.22)

මගේ ලිවීම.

Image
ඉස්කොලෙ යන කාලෙ ඉදහිටලා කවියක් ගෙතුවට ආදරේ අරන් මගේ හදවත(මං එයාට දිල් කියලා කියන්නම්කෝ..හදවත=දිල් 💓මේ හින්දියෙන් හරිද ? 👍) මං ගාවට ආවට පස්සේ ආදරේ ගැන කවි ලියුවට මං ලියන ඒවා එයා බලලා හොඳයි කියුවට මං දැනන් හිටියා මට ලියන්න බැ කියලා.
එයා මං දුක් වෙනවට කැමති නැති නිසා එහෙම කියලා මාව සනසවනවා ඇති කියලයි මං හිතුවේ(ඇත්තත් ඉතින් ඒකමනේ) .😀

ඉස්කොලේ හතේ අටේ පන්ති වලදි බිත්ති පුවත් පත කරන්න වගේම ඒකට ලිපි ලියන්නත් අවස්ථාවක් දිපු පන්ති බාර සිංහල සර් තමයි චුට්ටක් හරි හිත ෆිට් කරේ "ලියන්න පුතා හරි හැඩයි ඔයාගේ රචනා" කියලා.ඒත් ඉතින් මං ලියුවද රචනාවකට එහා දෙයක්..අනේ නැ..😊



කාලයක් මං දෙයකට කියලා කරේ ෆිල්ම් බැලිල්ලයි කතාපොත් කියවිල්ලයි තමයි.එක අතකට ඒවා නිසා ලියන්න තිබුන ආසාවත් තව වැඩි වුනාට අබරංට වෙච්චි දේ වෙයි කියලා මං බැරි වැඩ නොකර හිටියා.

උසස් පෙලට ගණිත අංශයෙන් කරලා ශ්‍රම බලකායට සප් එක දෙන්න වෙනස්ම පාරක් තෝරගෙනත් දැන් අවුරැදු 05කට කිට්ටුයි ..ඔය කාලේ කවියක් කුරැටු ගැවේ  උපන් දිනේකට සුභ පතන්න විතරයි..

කොහොම හරි පහුගිය කාලේ ජිවිතේ වෙන්න ඕන චාටර්ම දේවල් වුනා..😖

එච්චර දෙයක් නෙවෙයි මායි දිලුයි…

27. කෙසේ දෝ පා නගන්නේ

Image
කුමරියක පතනියක වී අද පිරිවරා ගත් අසිරි ගී මැද දෙනෙත් යොමු කොට කළඹ දෙසටා එයත් ගෙන ඔබ දුරස් වුවා මල් වැටී විසිරුණු මාවතේ පියවරින් පියවර දෑලි බැඳගෙන ඇවිද ගිය අපි, මඟුල් පෝරුව මතට නැඟ ඔබ මා තවම ඔබ දෙපා පාමුල මැවුණු ලොව අද සුන්⁣වෙලා ගොස් මිතුරු මගෙ අතිනත ගෙනේ ඔබ සිනාසෙනු මට පෙනෙයි ඔබ නම් හිමි නොවු ඔබ දකින මා හට නිරුදක වූ සිනහව කෙසේ දෝ පා නගන්නේ..

(2006-2010)


ආදරයේ උල්පත

Image
ජංගමය අතට ගත්තේ නුඹ අමතා පරිස්සමින් ගියා දැයි අසන්නටය.කියන්නට යමක් ද හිතේ විය.
අංකය ඇතුලු කොට පසකින් තැබුවේ පසුගිය කාලයේ ජංගමය නුඹ ඇමතිමේදි මිමිණු හින්දි ගිතය හින් හඩින් මුමුණමින් ය.
නමුත් ඇසුනේ වෙනත් පදවැලකි.වෙනස් තාලයකි..
අසා සිටියෙමි.කදුලු වලකා ගන්න නොසිතුවෙමි.ගැලු කදුලට ඉඩ දෙන්නට පසෙකින් ඉඳ ගතිමි..😢😢
නුඹ ජංගමයට පිළිතුරු නොම දුන් නිසා එහඬ අවසන් වන තුරුම ඇසුවෙමි..
ඇමතුවේ ඇයි දැයි මට අමතක විය.කියන්නට පෙල ගැස්සවු කරුණු පේලි කැඩි ගොස්ය..නමුත් නුඹ ජිවිතයේ සිතන්නට යමක් මට ඉතිරි කර තිබුණි.
නුඹ අන් අයට වඩා වෙනස්ය .නුඹ බෝසත් පුතෙකි..නුඹ ඇයට නුඹේ පනටත් වඩා ආදරේ බව හැදින ගත්තෙමි.ඇය සමඟ සුරතල් වන හැටි දැක්කෙමි.ඇය සමඟ බොරුවට රණ්ඩු වන හැටිද තරහ වෙන හැටි ද දැක්කෙමි.ඇය අසල සිටින්නට ආසා කල බවත් දැක්කෙමි
නු⁣ඹේ ආදරය නුඹේ දැසින් මෙන් ම ඇයගේ දැසින් ද දැක්කෙමි.ඒ ආදරය පිවිතුරු ය.මට ලියන්නට වචන නැති එකී ආදරය මෙලොව උතුම්ම ආදරයකි.
මම නුඹේ කදුලු දැක ඇත්තෙමි.එය මගෙන් සඟවා ඉන්නට උත්සාහ කල ද නුඹ මාවද එදා හැඬවුයේ දරා ගන්නට නොහැකිම තැනදිය.එදින ඇය අසනිපයෙනි..අදත් එසේමය..
නමුත් ඇය මට හමුවු හැම වාරයකදිම යම් විශේෂිත බවක් ම…

පලමුව ආරක්ෂාව 01

Image
ම්ම් ඔයාලා ඉතින් ප්‍රභා ගැන දන්නවනේ..මං ගැන තමයි අනේ..

ඇහෙන්න කටක් ඇරලා වචනයක් කතා කරන්නෙ නැ.පොලවට දැනෙන්න ඇවිදින්නෙ නැ.හරිම අහිංසක ශාන්ත දාන්ත තින්ත කුඩුව..😆

හික්ස්...මං එහෙම ඉන්න ඇත්තෙ අපෙ අම්මගෙ හින වල තමයි...මං හරි දඟයි අනේ ඉස්සර..දඟයි කියන්නේ ගස් නගින්න උඩ පනින්න කැගහන්න දුවන්න උපන් හපන්.දැනුයි කියලා ඉතින් ආයි වෙනසක් නැ..😋

හරි හරි මං දැන් කියන්න යන්නේ මගේ මගෝඩි වැඩ ගැන නෙවි අනේ..මං වගේ දඟ සුටි සුටි බබාලා ඉන්න අයගේ ගෙදර අනිවාර්යයෙන් ම තියෙන්න ඕන දෙයක් ගැන.
බබාලා වුනාම එක තැනකට කොටු කරලා තියන්න හොද නැ.එයාලට පුංචි කමට ලොකු වැඩ කරන්න දෙන්න ඔින.හැබැයි ඉතින් අම්මි තාත්ති ගේ ඉදන් නැදැ පරපුරම මෙයාලා කරන වැඩ ගැන ෆුල් ඇලට් එකේ ඉන්න ඔිනිමයි..එහෙම හිටියත් පොඩ්ඩො පොඩ්ඩ මිස් වෙච්චි ගමන් තුවාල කර ගන්න එක නම් අනිවාර්යයි..

පොඩ්ඩෝ විතරක් නෙවි ලොකු අපිටත් කොච්චරක් නම් අනතුරැ, අසනිප වෙනවද එදිනෙදා ගෙදරදි..

අන්න ඒ නිසා අනිවාර්යයෙන් ම අපේ ගෙදර ප්‍රථමාධාර පෙට්ටියක් නැත්නම් Firstaid box එකක් තියෙන්නම ඔීන.ගමන් අරන් යන අත්බැගයටත් පුංචි පසුම්බියක දාලා සමහර පුංචි බෙහෙත් ජාති දාගෙන යන්න පුලුවනි නම් අපි මග…

26.අහිමි විය

Image
නිරුදක කතරක් වන් මසිත පොද වැස්සෙන් සිසිල් කළා කොදුරා ආදර වදනක්  මගෙ සිත මට අහිමි කළා

(2006-2010)

25. ඔබ මා

Image
සිහින විමන් දොර ඇරුණා  ආදරයෙන් නෙත තෙමුණා තනිවු මා අත ගන්නට ඔබ මා තුරුලට ආවා
(2006-2010)

24. සිත් පුරා ආදරය

Image
මසිත ඉකිගසන පාළු නිමේෂය  අපි ලංවි සිටි සොඳුරු අතීතය මගෙ මතකය වෙත ගෙන ආවා දුර සිටවත් ඔබ දෙස බලන⁣ට දෛවය මා හට දුක දුන්නා  මගෙ කුමාරා ළඟ දැවටී දැවටී මුමුණන්නට ආසා හිතුණා මා අසරණ වී ඔබ අසරණ වී අප අද දෙතැනක නතර වෙලා
      කයින් දෙතැනක දුරස් වී මුත්      සිතින් අපි  එක තැනමයි      සිත් පුරා ගත් ආදරය සදා      ඔබ මා ජිවත් කරවයි     දෙවි රැකවරණින් මගෙ කුමරුනෙ     නුඹ සදා සුරැකි සිටි මැනවි     ඔබ වෙනුවෙන් දුක් විදින හිතක්      ඇති වග හිත් රදවා ගනු මැනවි



(2006-2010)

23. හද පාරයි

Image
සොඳුරු සෙනෙහස රිදයි හදවත හිමි නොවේ ඔබ මගේ අහසට සඳවතිය ඇයි හඳක් හඩවා බැස යන්නෙ අහසින් තරහවී

(2006-2010)

22. කෙසේ පිළිගමි

Image
මතක සිතුවිලි සිතට වද දෙන දිනය හා මා සබැඳිලා අද මිතුරියේ ඔබ සැඟවිලා ගොස් ක්ෂිතිජයේ සැඟවෙනා හිරු මෙන හෙට දින දි හිරු යළිත් නැඟ එයි එසේ ඔබ යළි එතැයි සිතනට ධවල දජයන් දිරි නොදෙයි මට කනට කොදුරා විහිළු වදනක් කිකිණි නද විසිරුවා දස අත එකට සිටි අප වෙන් වෙලා අද මෙලොව මා තනි වෙලා සදහට පියා දෙනුවන් ධවල කන්‍යා වැතිර සිටියා පහන් එළි මැද කෙසේ පිලිගමි වෙන්ව ගිය බව ළැබැඳි යෙහෙළිය කඳුලෙ තනිකර
(2006-2010)


21. ඔබ නපුරු වුනත්

Image
පුර පෝය දිනය උදුවප්               මාසේ  හැම නිවුණු හදිනි සතුටින්     හිටියේ  සිඳු දළ රළ පෙළ රට වෙත     ගැලුවේ දන මන හැම දෙන ගියෙ පර ලෝකේ

අපි ආස කරපු ලස්සන           වෙරළේ හිත මිතුරු පිරිස වැලලි          හිටියේ දන ලොබින් එකතු කළ හැම  දේවල් මහ මුහුද ඇවිත් අරන්          ගියානේ

ඔබ ඇවිත් ගියත් සුනාමි         විලසේ මක් කරන්න දැයි සෙලවුණි පොළවේ ඔබ නපුරු වුනත් සුන්දර         සයුරේ  අපි තරහ නොවෙමු ඔබ හා   මිතුරේ



(2006)

ඇවිත් යන්න එන්න

Image
ආදර අයියටයි අක්කටයි
ඉතින් ඔයාලා දෙන්නට කොහොමද? හුඟ දවසකින් මට ඔයාලා දෙන්න දකින්න හම්බ වුනෙත් නැ.මං ගෙදර එද්දි ඔයාලා ගෙදර එන්න හිතලවත් නැ කියලා පොඩි අයියා කියනවා ඇහුනා.
ඔයාලා දෙන්න මාත් එක්ක ගොඩක් තරහද ?😌 එදා උදේ අක්කව ඔෆිස් එකට දාලා හවසත් අක්කව එක්කන් එන්න අපි දෙන්න ගියෙත් අක්කා අසනිපෙන් හිටිය නිසානේ.පරිස්සමට එක්කන් එන්න. අපි එච්චර හයියෙන් ආවෙත් නැනේ නේද අයියේ? අපේ ඉස්සරහින් ගිය කාර් එක පැද්දෙත් වයසක අන්කල් කෙනෙක් නේ..එයා ගියේ 30ට නැත්නම් 40ට.ඉතින් කොහෙද මායි අයියයි හයි ස්පීඩ් යන්නේ..අපි එයාගේ පස්සෙන් සුහච කිකරු විදියට නේ ආවේ.අනිත් එක අක්කා පණ අපි එක්ක ඉන්න කොට අපි දඟ නැ නේ නේද අයියේ ? 😋
කොහොමටත් ඇගට පන නැතිව එහා මෙහා වැනෙන්නත් මට උවමනාවක් තිබුනෙ නැ.(විහිළුවට හරි කවුරු හරි කියුවොත් එහෙම මං වැරදි කියලා ඒකයි මං මතක් කරේ😈) ඔයාලා දෙන්නා මාව එදා උදේත් ෆුල් බොඩි ⁣චෙකප් එකක් කරානේ..මං ඒකත් පාස් නේ..😀
ඇත්තමයි අයියේ තාමත් මට හිතා ගන්න බැ එදා මොකෝ වුනේ කියලා..අක්කා අයියට කෑ ගහන සද්දේ ඇහුනා විතරයි මතක ..අක්කා උඩින් විසි වෙලා පැත්තක වැටිලා හිටියා.අයියා පාර මැද්දේ වැටිලා අක්කට ඇස් අරින්න කියන…