Posts

Showing posts from November, 2019

59.අත්හරින නිමේෂය

Image
නිමක් නැත  නිමාවක් දකිනු නැත  විඩාවක් පමණි ගතසිත වෙලා ගෙන  රැ⁣දෙන්නේ දනිමි අවසන් වෙමින්  පවත්නා බව දැරිමේ හපන්කම  බලා ඉමි එනතුරා  අත්හරින නිමේෂය (15.02.2018 දරා ගන්නට නොහැකි තරමටම මානසිකත්වය ගොඩනැගී තිබු මොහොතක අකුරු ඇමුණු කවි පෙලක්.)

58.වටහා ගැනීම

Image
අත හරින්නට හිතෙන තැන් වල  තදින් අල්ලන් හිටියා හැරයන්නට හිතෙන තැන් වල නොයා නැවතී හිටියා රිදෙන හිත ඉරිතැලෙන හිත ඉවසා දරා හිටියා කදුලු පිරි දෑසින් ලොවක්  දෙස සිනාසී බලා හිටියා ජිවිතය ලියනා කතාවේ අරුත හිතමින් හිටියා දිරිය හිත ඇවැසි බව වටහා ගනිමින් හිටියා