Posts

Showing posts from March, 2020

65. අවසන

Image
වාවන්නට පුලුවනි නම්  සිතකට තවත් එපමක්ටම වාවා ඇත මා මේ දුකත් ජීවිතයට කදුල මෙමට හුරු වුනත් දෙතොලතරට ආ හිනාව  මහ මෙරක් නිම් නොමැතිව ගැයුවත්  මා පෙම් කවක් ඉරිතැලුවේ කවුරුද එහි නෑ සැකක් හැගුමන් උතුරා දැනෙනා  මොහොතක වුවත් ගල් හිත් නැත සුමුදු වෙන්නේ යලි යලිත් 2020.03.29

ආදරේ කතන්දරේ

Image
මුලින්ම දැක්ක දවස අරවා මේවා මොකකවත් මට මතක නම් නැහැ.හැබැයි ජීවිතයේ හිටපු හොදම හොද යාලුවා තමයි එයා.එකම ගමේ වුන නෑකමකුත් තියෙන එකම school van එකක ඉස්කෝල නම් දෙකකට ගියපු අපි දෙන්නාගෙන් මට නම් පිරිමි යාලුවෙක් හිටිය එකෙන් පරිස්සමක් වගේම අලකලංචිත් අඩු නැතිව වුනා. අපි සම්බන්ධයක් පටන් ගන්නත් කලින් අපේ අම්මගේ තාත්තාගේ සුභ සෙතම හිතපු CCTV ඇන්ටිලා අන්කල්ලා වැඩියෙන්ම නෑයෝ කියන සමහර වේයෝ,අපිව කසාද බන්දලාත් තිබුනේ අම්මලාගේ කනේ අපි යාලුවෙන්නත් කලින්ම යාලුයි කියන hot news එක තියලා.ඇත්තටම නිකන් බැනුම් අහන එක එපා වෙලා වෙන්න ඇති අපි වරදක් කරලාම බැනුම් අහන්න හිතන්න ඇත්තේ. ගුරුවරියක් වුන මගේ අම්මගේ අමතර පන්තියට වගේම OL එකම විශයන් කරපු අපිට ගොඩරියක් අමතර පන්ති තිබුනේම අපේ ගෙදර.මීට හරියටම අවුරුදු 14කට කලින් ගනන් පන්තියේ දි ලියන්න පෑනක් නැතිව ඉන්න කොට මට ලියන්න පෑනක් මෙයා දුන්නා .එදා හරියටම වැලන්ටයින් දවස.මතකද ෂාරුක් රගපු ඇඩ් එකක් තිබුනා පෑනක් ගැන "සදහටම ඔබ මගේ"කියලා කියවෙන.ඒක තමයි මෙයා මට දීපු පෑන .ලියලා ඉවර වෙල දෙන්න හැඩුවත් ඔයාට කියලා ගෙදර ගියපු මනුස්සයා තවත් දවසකට පස්සේ ඒ කියන්නේ ආදර මාසේ 16

කැන්වස් රෙදි

Image
සමහර චිත්‍ර ශිල්පීන්ට තමන්ගෙම කියලා කැන්වස් රෙද්දක් ගන්න ක්‍රමයක් නැතිව, එක්කෝ සල්ලි නැති කමින් , හොද මොනවර්‍ය ද කියලා නොදන්නා කමින් හෝ උවමනාවක් නැති කමින් අනුන්ගේ කැන්වස් රෙදිවල තමන්ගේ සිහින සිත්‍තමට නගනවා. අන්තිමට එහෙම සිත්තරුන්ට තමන්ගේ සිත්තමත් එක්කම සිහිනත් කැන්වස් රෙද්දේ අයිතිකාරයටම දෙන්න වෙනවා. සිත්තමේ පොඩි හරි පැටලිල්ලක් ‍තිබුනොත්, මම කියන්නේ අමතක වුන පැන්සල් හෝ පින්සල් ඉරක් තිබ්බොත් අර කැන්වස් එකේ අයිතිකෙනා නටන නැටුම දහ අට සන්නියේවත් නැති තරම්.. අනුන්ගේ කැන්වස් රෙදි මගේය මා සිත්තම් කල යුතුමය යන අනවශ්‍ය සිතුවිල්ල නිසාවෙන් අහිමිව යන සිතුවම් පිලිබදව සිහින පිලිබදව හිතෙහි මතුවන වේදනාවෙන්ම තවමත් පින්සල් රටා මවමි. ඉතින් තමන්ගේම කැන්වස් රෙද්දක සිතුවමක් ඇදීමෙහිලා අසීමිත ආසාවෙන් පෙලෙමින් පිඹුරුපත් සදමින්.. #corona2020 #curfewtime #dreams