කැන්වස් රෙදි


සමහර චිත්‍ර ශිල්පීන්ට තමන්ගෙම කියලා කැන්වස් රෙද්දක් ගන්න ක්‍රමයක් නැතිව, එක්කෝ සල්ලි නැති කමින් , හොද මොනවර්‍ය ද කියලා නොදන්නා කමින් හෝ උවමනාවක් නැති කමින් අනුන්ගේ කැන්වස් රෙදිවල තමන්ගේ සිහින සිත්‍තමට නගනවා.

අන්තිමට එහෙම සිත්තරුන්ට තමන්ගේ සිත්තමත් එක්කම සිහිනත් කැන්වස් රෙද්දේ අයිතිකාරයටම දෙන්න වෙනවා.

සිත්තමේ පොඩි හරි පැටලිල්ලක් ‍තිබුනොත්, මම කියන්නේ අමතක වුන පැන්සල් හෝ පින්සල් ඉරක් තිබ්බොත් අර කැන්වස් එකේ අයිතිකෙනා නටන නැටුම දහ අට සන්නියේවත් නැති තරම්..

අනුන්ගේ කැන්වස් රෙදි මගේය මා සිත්තම් කල යුතුමය යන අනවශ්‍ය සිතුවිල්ල නිසාවෙන් අහිමිව යන සිතුවම් පිලිබදව සිහින පිලිබදව හිතෙහි මතුවන වේදනාවෙන්ම තවමත් පින්සල් රටා මවමි.

ඉතින් තමන්ගේම කැන්වස් රෙද්දක සිතුවමක් ඇදීමෙහිලා අසීමිත ආසාවෙන් පෙලෙමින් පිඹුරුපත් සදමින්..


#corona2020 #curfewtime #dreams

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න