ආදරේ කතන්දරේ


මුලින්ම දැක්ක දවස අරවා මේවා මොකකවත් මට මතක නම් නැහැ.හැබැයි ජීවිතයේ හිටපු හොදම හොද යාලුවා තමයි එයා.එකම ගමේ වුන නෑකමකුත් තියෙන එකම school van එකක ඉස්කෝල නම් දෙකකට ගියපු අපි දෙන්නාගෙන් මට නම් පිරිමි යාලුවෙක් හිටිය එකෙන් පරිස්සමක් වගේම අලකලංචිත් අඩු නැතිව වුනා.
අපි සම්බන්ධයක් පටන් ගන්නත් කලින් අපේ අම්මගේ තාත්තාගේ සුභ සෙතම හිතපු CCTV ඇන්ටිලා අන්කල්ලා වැඩියෙන්ම නෑයෝ කියන සමහර වේයෝ,අපිව කසාද බන්දලාත් තිබුනේ අම්මලාගේ කනේ අපි යාලුවෙන්නත් කලින්ම යාලුයි කියන hot news එක තියලා.ඇත්තටම නිකන් බැනුම් අහන එක එපා වෙලා වෙන්න ඇති අපි වරදක් කරලාම බැනුම් අහන්න හිතන්න ඇත්තේ.

ගුරුවරියක් වුන මගේ අම්මගේ අමතර පන්තියට වගේම OL එකම විශයන් කරපු අපිට ගොඩරියක් අමතර පන්ති තිබුනේම අපේ ගෙදර.මීට හරියටම අවුරුදු 14කට කලින් ගනන් පන්තියේ දි ලියන්න පෑනක් නැතිව ඉන්න කොට මට ලියන්න පෑනක් මෙයා දුන්නා .එදා හරියටම වැලන්ටයින් දවස.මතකද ෂාරුක් රගපු ඇඩ් එකක් තිබුනා පෑනක් ගැන "සදහටම ඔබ මගේ"කියලා කියවෙන.ඒක තමයි මෙයා මට දීපු පෑන .ලියලා ඉවර වෙල දෙන්න හැඩුවත් ඔයාට කියලා ගෙදර ගියපු මනුස්සයා තවත් දවසකට පස්සේ ඒ කියන්නේ ආදර මාසේ 16 වෙනිදා දවසේ class යන ගමන් මගෙන් ඇහුවනේ හාද බෑද කියන්න කියලා.😍class එකේදිත් මුනම බලබල හිටපු මේකා ගෙදර එද්දී කියාපී මම ඉස්කෝලේ යන්නේ නැහැ හා කියන කම් කියලා..මාත් ඉතින් බයට හා නොකියා හිටියට මේක අහනකම් තමා මග බලන් හිටියේ... ඕන් ඉතින් මම හා කියුවා.😍
කොච්චර නම් ගුටි කන්න බැනුම් අහන්න ඇද කියලාවත් මතක නෑ මේ ආදරය නිසා ගෙදරින් .අපිට තිබුන නෑකමත් මේකට අකමැති බව පෙන්වන හේතුවක් වුනා ඒ අයට(මගේ තාත්තා හමුදා නිලධාරියෙක් ,හිතා ගන්නකෝ තත්ත්වය )😠 හැබැයි අපි දෙන්නාම ඉගෙනීම හරියට කරන නිසාත් , කවදාවත්ම ඒවා අනාගත්තේ නැති නිසාත් එයා යනවනම් මට යන්න අවසර ලැබුන තැන් කරන්න ලැබුන දේවල් තියෙනවා . අම්මලා තාත්තාලා අර විටක් කැමති විටක් අකමැති බවක් පෙන්නුවට කැමති වෙලා තමයි හිටියේ..😉

ජීවිතයට අනන්ත ප්‍රශ්න ආවත් අපි අපි වෙනුවෙන් හිටියා.රංඩු ඒවනම් කෝමත් තිබුනා.මොකෝ හොදම යාලුවො කියන්නේ ඕන වෙලාවක වලි දාගන්න අයනේ.🤷
OL AL හොදටම පාස් වෙලා එයා මොරටුව විශ්ව විද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරුවරයකු වුනා.විශ්ව විද්‍යාල ප්‍රවේශයට කලින් ලංකා බැංකුවේ පත්වීම් ලබපු මම ඒ අතරම බාහිර උපාධිය කරනවා .ඕනම ප්‍රශ්නයක් වුනාම අපි අපට හිටියා.
ඔය අතර තමයි අපි අපිට හුගාක් වටින බව තේරුම් ගියපු දෙයක් අපේ ජීවිතය වල සිද්ද වුනේ .ඒත් මීට අවුරුදු 02කට කලින්  ආදර මාසෙම දවසකදී.එයා ආසාවට ගත්ත FZ එකේ මාවත් දාගෙන වැඩ ඇරිලා ඔෆිස් එකෙන් මාව එකකන් ගෙදර එක්කන් එන්න ගියපු එයයි මායි හැපුවේ නැතෑ නින්ද ගියපු ත්‍රීවීල් මාමෙක්.මහ පාර මැද සිහිය නැතිව වැටිල හිටිය මම එයාව දාලා ගිහින් කියලා හිතන් මේ කොලු කෑ ගහපු හැටී ඇගෙන් වෙන්වෙලා සුදු එලියකට පාවෙවී හිටිය මට ඒ සීතල එලියේ සනීපෙට වඩා මගේ එකා ලග සැපයි කියලා හිතුන නිසා ආයේම ඇගට ආව එදා තමයි අපේ ජීවිතයේ සංදිස්ථානය.🛵🛵🛵
කොහොම හරී ලෙඩ ඇදන් වලින් නැගිටන්න පුලුවන් වුන කාලෙම අපි අපේ වෙන්න තීරණය කරා.ඒ ලස්සන දවස පහුගිය අවුරුද්දේ මැයි මාසේ උදාවුන අතරම ඒ ආදරය උපරිමයෙන් විදිමින් ජීවිතය විදින ගමනුයි දැන් ඉන්නේ .💃💃 .අපේ අම්මා දිසාපාමොක් වගේ වුනා.හොදම ගෝලයට දුව දීලා.👩‍👦

රට වටේ සවාරි යන ගමන් ,තවමත් වලි දාගන්න ගමන්, රටේම තියෙන private  hospital හොද ද කියලා check කරන ගමන් (ත්‍රීවීල් අයියා ගේ නින්දට පින් සිද්ද වෙන්න), ආදරය කරන ගමන් ජීවිතය බෙදාගනිමින් තමයි ඉන්නේ ඉතින් ❤❤❤
🤷
මම හැමදාමත් ආදරෙයි දිල් 😍😍

 


Comments

  1. ආදරණීය කථාවක්. සුභ පැතුම්. සමහර කොටස් දෙපාරක් ලියවිලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.මම ඒ කොටස් අයින් කරා.ඒ ගැන කියුවටත් ස්තූතියි..🙂

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න