Posts

Showing posts from January, 2020

62.හැකියාව

Image
සිතට හැකිනම් නොරිදී ඉන්නට නෙතට  හැකිනම් නොපෙනෙනා ලෙස ඉන්නට මුවට  හැකිනම් සිත රිදෙන වදන් තෙපලන්නට  සවනට  හැකිනම් නොඇසුනා ලෙස ඉන්නට මෙමට  හැකිය කදුලැලි අමතක කර ඉන්නට

61.අරමුණු

Image
තුටින් මා පියා නුඹට මා සරණ කර දුන් දිනේ මුළු දිවියම නුඹ රකින්නට  කැපකෙරැවෙමි අකමැතෙන් වුවත්, මා පෙම් කල ඇයව කරකාර ගත්තා නම් අද විදින්නෙමි නිරාමිස සුවය ඇගෙන් ලද තිලිණයන් ද  සමග වෙහෙසෙමි දිව රැ පුරාවට නුඔව රැජිනියන් අතර රැජින  කෙරැමට නමුත් එය මදිය නුඔ හට අතර යන්නට නුඔව නොහැක අද මට ලොවම මා දන්නේ  නුඔගේ ලෙස හෙයින් එහෙයින් නුඹට ආදරය  සිතුමට තවමත් වෙරදරමි  මම නමුත් සමාවනු මැන ඇය මෙන් ඇයක් සිදි අද මා අසල නුඹට පෙම් කරන්නට අකුරු කරවමින් මට (උසස් අධ්‍යාපනය අමතක කර ආර්ථික ශ්‍රම බලකායට එක් වූ යුවතියකගේ හිතක් )

මගේ තියරිය

Image
මගේ තියරිය වෙනස් එකක් ..  අකැමැති වුනත් කැමැත්තක් ඇති කර ගනිපු රස්සාවක් මට තියෙන එකේ සැලරි එකත් දේව පිහිටෙන් five digits වලින් සෙට් වෙලා එනවා නම් (හරි හරි කැපිලා කෙටිලා ac එකට එනකොට දැනෙන feeling එක අදාලම නැ.හරිය) ශෝ එකට පින් මගේ නැතිව පලක් ඇති පිනක් මම කරනවා නම් අනේ වදින්නම් මගේ බඩකඩිත්තු මටම තියාගන්න කියලා පින් කරන විදිය කියලා දෙන්න එන්නේ නැතිව හිටහන් බං..🙋 අනිත් එක මං ආස දේවල් වලින් අංක එක පොත් .. ඒවා මම ගන්නවා.ගන්නෙත් මගේ සල්ලි වලින් නම් අනේ නාහෙන් අඩන්න එපා.මට ඒ ගනිපු පොත් වලට මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා දෙන අදහස් මට ගේන ෆීලින් එක ...පුහ් ! ඒක තේරුම් ගන්න ඔයාට අමාරුයි මෙයා..කේන්තියක් ඒක ඇස් වලට කදුලු පුරවනම..🤷 අනිත් එක මට කරන්න බැරි පුලුවන් දේවල් ගැන අදහසක් මට තියෙනවා.මට යාන්තම් සැප කියන හැගීම දෙන දෙයක් නම් ඉට්ස් ඕකේ බේබි.මම ඒක ඇක්සෙප්ට් කරන්වා..my car my petrol කියන්න තරම් ලෙවල් එකක් නැතත් මට (ඉස්සරෝම කාලෙනම් ෆුට් බයිසිකල් එකක් තිබ්බා) යන එන ගමන් ගැන ටිකක් විතර ශරීර සෞඛ්‍යය ගැන එහෙම හිතලා මම ගන්න තීරණ ගැන පට්ට ආගියු කරන්න එපා .. සුජීව අයියා වගේ කියුවොත් 'ඔයාට පව් ප

2❤2❤

Image
ජිවිතය ... අපි එක එක කෙනා ඒක දකින විදිය වෙනස්. කෙනෙක් මේ සසර පුරා කරන ලද මහා අනර්ඝ පිංකම් පලදීමෙන් ලද මේ ජිවිතය විදින අතරම තවකෙක් ඒ ජීවිතය විදවනවා... 😌 දයාන් ලයාන්විතව කියන "විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා " කියන පද පේලිය මේ දවස් ටිකේම මම හිමි හිමින් මුමුණනවා.. ඇයි මේ..   මම මගෙන්ම අහනවා.🤦 මගේ මනස අකීකරු වෙලා.උඩ හිත යටි හිතත් එක්කලා මහා සටනක්...🤺🤺 ඒක තමයි මේ මිමිනෙන ගී පදය මට ගැලපෙන්න තියෙන එකම සාධකය.. යටි හිතේ බොහෝ කලක් තැන්පත් වෙලා හිටපු සිහින..ඒවට සැබෑ වෙන්න ඕන කියලා හිතිලා මේ හදිසියේම.ඒත් යටි හිතට අමතක වෙලා මගේ යුතුකම් වගකීම් හැකියාවන්..උඩු හිත වලිකන්නේ ඒ දේවල් යටිහිතට මතක් කරලා දෙන්න.🙅🤷 ඒත් යටි හිත මේ පාර පැරදෙන්න කැමතිම නැහැ වගෙයි..අනෙක් හැම පාරකදිම වගේ පහුබහින්න සූදානම් නැහැ වගෙයි..ඒ දෙන්නට මම ගැන තීරණය කරන්න ඉඩදීලා මම පැත්තකට වෙනවා..හරි තීරණය අරන් මට කියන්නකෝ.. ඒ අතර මාත් මම ගැන හිතන්න ඕන කියන හැගීමට ඉඩක් වෙන් කරන්න හිතුවා ඉතින් නිදහසේ හිතුවාම හිතෙනවා මට මොනවද අඩු...ඇයි මේ මම දුකින් කියලා.🤷 දකින බලන ඕනම කෙනෙකුට හිතෙන දෙයක් තමයි "