මගේ තියරිය

මගේ තියරිය වෙනස් එකක් ..

 අකැමැති වුනත් කැමැත්තක් ඇති කර ගනිපු රස්සාවක් මට තියෙන එකේ සැලරි එකත් දේව පිහිටෙන් five digits වලින් සෙට් වෙලා එනවා නම් (හරි හරි කැපිලා කෙටිලා ac එකට එනකොට දැනෙන feeling එක අදාලම නැ.හරිය) ශෝ එකට පින් මගේ නැතිව පලක් ඇති පිනක් මම කරනවා නම් අනේ වදින්නම් මගේ බඩකඩිත්තු මටම තියාගන්න කියලා පින් කරන විදිය කියලා දෙන්න එන්නේ නැතිව හිටහන් බං..🙋

අනිත් එක මං ආස දේවල් වලින් අංක එක පොත් .. ඒවා මම ගන්නවා.ගන්නෙත් මගේ සල්ලි වලින් නම් අනේ නාහෙන් අඩන්න එපා.මට ඒ ගනිපු පොත් වලට මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා දෙන අදහස් මට ගේන ෆීලින් එක ...පුහ් ! ඒක තේරුම් ගන්න ඔයාට අමාරුයි මෙයා..කේන්තියක් ඒක ඇස් වලට කදුලු පුරවනම..🤷

අනිත් එක මට කරන්න බැරි පුලුවන් දේවල් ගැන අදහසක් මට තියෙනවා.මට යාන්තම් සැප කියන හැගීම දෙන දෙයක් නම් ඉට්ස් ඕකේ බේබි.මම ඒක ඇක්සෙප්ට් කරන්වා..my car my petrol කියන්න තරම් ලෙවල් එකක් නැතත් මට (ඉස්සරෝම කාලෙනම් ෆුට් බයිසිකල් එකක් තිබ්බා) යන එන ගමන් ගැන ටිකක් විතර ශරීර සෞඛ්‍යය ගැන එහෙම හිතලා මම ගන්න තීරණ ගැන පට්ට ආගියු කරන්න එපා .. සුජීව අයියා වගේ කියුවොත් 'ඔයාට පව් පිරෙයි දෙය්යනේ' තමයි ඉතින්...
ඔයා කරලා පෙන්වන්නකෝ ඔය විදියට..💃

අහ් මට මුකුත් බැහැ කියලා හිතන් නම් ඉන්නේ ඔයාට වැරදිලා.මට මුකුත්ම බැහැ .."ම" අකුර හරීම වැදගත් අනේ..හැබැයි බැරි මම හීන් සැරේ පොත කියවලා තීන නිසා මොන ඩෙගා නටයිද කියලා බලාගෙන අහගෙන ඉන්නකෝ හිමිට..🤦

අනිත් එක dont compair me with others (විශේෂයෙන් මට දිරවන්නේ නැති වුන් එක්ක)මට වෙන හැම එකම එයාලටත් වෙලා තිනවා නම් යකෝ වුන් හැමෝමත් අර ඇල්පිටියේ මහ දවල් බයිසිකලේ හැපිලා වයිට් කලර් ලයිට් පෙනිලා ඉන්න ඕන.දන්න තරමින් එහෙම නැහැ ..සෝ එයාලට වඩා මම වෙනස් කියලා එතනින්ම එකෙන්ම සනාථ වෙනවා.🤷

අනිත් එක මාව මනින්න යූස් කරන මිනුම් දඩු නම් හරි අවුල් ඒවා.ඔයා හරියට මාව නාදුනන කෙනෙක් වගේ පිස්සු නටන්න එපා.ඒක හරි විහිලුවක් .😂 අනික් එක නටන විදිය මම තීරණය කරන්නම් ඔයා නිකන් බෙරේ බඩ බැදන් ගහන්න ගිහින් බෙරේ පලුවක් පලාගන්න එපා.

අනේ මම හුගාක් හුගාරියක් නරකයි තමයි ...(මම දන්නවා බං ඒක)😂

ඉතින් සුදෝ පිස්සු නටන්නේ නැතිව ඉන්න...මගේ turning point එක නොවී...
ලව් යු ලොට්..😘


(Blog එකේ මෙවන් විකාර ලිවීම පිලිබදව කලකිරීමට පත්වෙමින් වුවත් එයම ලියමින් 2020.01.30)

Comments

  1. හෑ. කරකෝලා අතෑරියා වගේ 🤔

    ReplyDelete
    Replies
    1. මේ ටිකේම කරකැවිල්ල වගේ අප්පා මෙව්වට මූන දීලම

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න