61.අරමුණු


තුටින් මා පියා
නුඹට මා සරණ කර දුන් දිනේ
මුළු දිවියම නුඹ රකින්නට 
කැපකෙරැවෙමි
අකමැතෙන් වුවත්,


මා පෙම් කල ඇයව
කරකාර ගත්තා නම්
අද විදින්නෙමි
නිරාමිස සුවය
ඇගෙන් ලද තිලිණයන් ද 
සමග


වෙහෙසෙමි දිව රැ පුරාවට
නුඔව රැජිනියන් අතර රැජින 
කෙරැමට
නමුත් එය මදිය නුඔ හට
අතර යන්නට නුඔව
නොහැක අද මට
ලොවම මා දන්නේ 
නුඔගේ ලෙස හෙයින්


එහෙයින් නුඹට ආදරය 
සිතුමට තවමත් වෙරදරමි 
මම
නමුත් සමාවනු මැන
ඇය මෙන් ඇයක්
සිදි අද මා අසල

නුඹට පෙම් කරන්නට
අකුරු කරවමින් මට


(උසස් අධ්‍යාපනය අමතක කර ආර්ථික ශ්‍රම බලකායට එක් වූ යුවතියකගේ හිතක් )


Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න