Posts

Showing posts from October, 2018

ෆිලින් ආතල්

Image
ගාට ගාට ඇවිදින්... වැඩ ඇරිලා ව්‍යායාමෙටත් එක්ක (මං කියුවෙ මේ බකල් ද කබල් ද ⁣මන්දා වෙච්චි කකුල ෆිට් කර ගැන්මේ මුලික අරමුණ ඇත්ව) හිමි හිමිහිට ගෙවල් බලා 0.0005kmh- වගේ වැදගත් වේගයකින් ආපු මගේ ඇගේ ගැවි නොගැවි වෙට්ටු දැමු ස්කුටරයේ ආවා වු අයියාලා දෙන්නාටත් අර ලොකු බයිසි⁣කලේක ආවා වු අයියලා දෙන්නාටත් ආදරෙයෙනි. 😋😋😋😋😋😋 සුටි කෙල්ලක් දිහා බලනා බැලුම් හෙලිම පිලිබඳව මාගේ බලවත් මෙව්වා එක ආද⁣රයෙන් පුදකිරිමට කැමති අතර මගේ වන් ශොට් ඇනලයිස් කිරිම 100ට 90ක් විතරම හරි යන බැවින් මට හැගිගිය දැනි ගිය පරිද්දෙන් ඒ මල කෝලම් සිව් කට්ටුව මට වඩා වයසින් ලාබාල බව ප්‍රකාශයට පත් කරන්නේ හද පරි පෙරකි මෙව්වා එකෙන් මය.එහෙයින් හෙට අනිද්දාට ජන්දෙ පිහිටෙන් පන්සලක හෝ ප්‍රජා ශාලාවක හෝ නොමිලේ බෙදා දෙන ඇස් 👓 කණ්ණාඩියක් ලබා ගැනිමට යැම හොද අතර එයට යම් කිසි නිර්දේශයක් අවශ්‍ය වේ නම් මා එය කිරිමට කැමැත්තෙමි.. "අහ් නංගි සස්සනයි " කියා මාගේ දුක අංකය ඉල්ලු ලොකු බයිසි⁣කලේ අයියාටත් මගෙන් නෝ රෙස්පොන්ස් විට මට අංකය දෙන්න හැදු ඒ අයියාටත් පසු පැදිකරු ලෙස සිට අනිත් අයියාටත් කියන්නට ඇත්තේ අගය කල යුතු උත්සාහයක් වුවත් දෙවෙන

48. ප්‍රසා (02)

Image
මිතුරියකි ඇය ලැබුනු රැකියාවේ ප්‍රථමයෙන් හිතෙන්නෙම සොයුරියකි සසරේ මඟ ලඟ රැදුනු දඟකාරකම් වලට හිස වනා එකඟ වෙන නපුරු කම ඉහවහා ගිය විටදි රවාගෙන ඕන මල දානයක මගේ අසලින් රැදෙන කදුලු කැට පිසදමා හිනාවට මඟ කියන ජිවිතේ දරන හැටි දරාගෙන කියාදෙන ඇය නමින් ප්‍රසා විය ප්‍රභාගේ ලඟ රැදුනු අමාරුම තැන් දිවියේ ටේක් ඉට් ඊසි කියු කරන ගොන් වැඩ වලදි මෝඩයා මට කියපු මං නොදන්නා බොහෝදේ දැනෙන්නට කියලා දුන් යෙහෙලියට නැගනියට සේ හිතට හුරු කරලා දුන් ඔයයි මගේ අක්කා පණ අහම්බෙන් මුනගැසුනු සෙල්ෆි කුවින් නමට මං සමඟ පෙම් කරපු පතන්නෙමි මතු සසරේ දිනක එක මව් කුසම කරන්නට මඟ හැරුණු පිස්සු කෝලම් සේරෝම (2018.10.07) නොදැනිම ඇය ගැන මතකයන් කවියට නැගුනි අහම්බෙන්      

47. ප්‍රසා (01)

Image
BOC මව්න් ගෙන් ලද  අපමණ  දේ අතර  නු⁣⁣ඔගෙ මිතුදම  මහමෙරකි මට හරි නම් ප්‍රසා ප්‍රසා නම් හරි විහිලු මැද කල් ගෙවු  කාලය සොදුරු ය මතකය පිරි ඇත  දඟකාර කම් වලින් අපගේ මදකට සමු ගනිමු අප  එකම සෙවනක සේවයෙන් SF queen නුඔ නැතිව  කැමරාව දුක් ⁣වේවි නුඹ මගේ යෙහෙළිය යි සදා හිත පුරා ඉන්නා පතමි පරණමුත් යලි හමු වු  සෙවනේ නුඹ දිවිය සුභ වෙන්න (2017.10.06 )

46. පොත් වසන්තය - 2018

Image
හිරිකඩ සුලං හමනා ඒ උදෑසන  දුර ඇමතුමක් ආවයි මා සොයා ගෙන ඇමතුවිට දි ඒ හිත ගත්  මිතුරු සිත කිවේ ආවයි ඇය  පොත් වසන්තේට මේ වසරේ අහිමිය මට එහි යෑම එනමුදු මිතුරු නැත  අමතක කලේ මම වෙනදට පොත් වසන්තේ  මිලදි ගත් පලමු පොත ඇය වෙනුවෙන්ය මම  ගන්නේ පලමු කොට විමසා ආස කල  යම් පොත් වේද මම මෙලෙසින් ගෙනෙත්  මගේ දෝතට දුන්නේ එය අක්කා පනට අයියා සුදුට තැන්කියෝ  කියා චතුරි ගේ කවි පොතට වෙල්කම් කියමි මෙමා ❤❤❤❤ (මෙච්චර කාලයක් exhibition යාම කරදරයක් ලෙස දුටු මගේ අක්කා ෆෙරෙන්ඩ්ව එහි කැටුව ගිය අයියා පොරට ස්තුතියි ... ඕකිව නරක් කරන්න බැරි වුනේ මට ඔය exhibition  රෝන්දේ ගිහින් මැගි කා කෝක් බිමේ කලාව කියා දිමෙන් පමණි .. ඉතින් පවුල් පංසල් වි එම රොන්දයද පුරුදු වු ඔබට මගේ ප්‍රණාමය...😘 ඒ මගේ එකෝ ආදර දිල් , අපි එක්කෝ ඊලඟ පාරවත් යම්.. කවදාවත් එතැයි නොසිතන නමුත් තනිව යාමට පොත් ගැනිමට අවසරය සැමදාම දි ඇති මගේ එකා සමඟ අතිතයේ එකම එක දවසක පමණක් ආ ජෝඩු දමා ගිය පොත් වසන්තයක් ද මට ඇත...)😍😍😍😍😍 ප.ලි : පොත ගැන - පොත් ගොනුවේ