Posts

Showing posts from July, 2019

ඉල්ලීම

Image
ජිව්තය ලස්සනම ලස්සනයි කියලා මම හිතුවට ඒක ඒ තරමට ලස්සන නැති බව තේරුම් ගන්න මට මේ තරම් වෙලා යන්නේ ඇයි ද මන්දා ... මට කොහේදි හරි වැරදුනා.ආයේ ආයේ මම ඒ වැරද්දම කරනවා කියල හිත කියන කියන පාරක් ගානෙම මම හිතටත් තරවටු කරලා ඒ වැරද්දම කරා.. මම හිතුවේ හැම වැරද්දක්ම මගෙයි කියලා. මොකක් ද කියලා කියන්න නොදන්න මහ ලොකු බැදීමක් මම මගෙයි ඔයාගෙයි අතර තිනවා කියලා හිතන් හිටියට ඒක එහෙම නෙවෙයි කියලා ඔයා මට නොකියා කියපු බව අතීතයේ මතක අතර සරන මේ වගේ වෙලා වලට මතක් වෙද්දී ඇස් වල කදුලු පිරෙනවා.. ඔව් ඔයා මගේ ආදරේ.. මගේ පන.. පන වගේ ආදරය කරන මට ඔයා රිද්දන්නේ කාලෙන් කාලෙට.. අනේ මං දන්නේ නැහැ.මම ඔයාට මොන වරදක් කරලා ද කියලා . ඔයාට නිදහස මම නොදි ඉදලා තියෙනවද? සමහර දේවල් එපා කියලා කියනවා.ඒත් ඒ කියන්නේ ඔයාගේම හොදට .ඔයාගේ පරිස්සමට .අන්තිමට ඔයාටම තේරුම් යනව ඇයි මම එපා කියුවේ කියලා. ලෝකේන්ම ඔයා නිසා බැනුම් අහන්න මට පුලුවන් වුන වෙලාවල් තිබුනා.ඔයාත් රිද්දන මගේ හිත ඔයාගේ සමහර මෝඩ වැඩ නිසා ලෝකයේ මිනිස්සුත් රිදුවා...ඉවසුවා ඉවසුවා ..වාවා ගන්නම බැහැ රත්තරං .. සමහරු අපි පතාගෙන ආවා කියලා කියන කොට ඔයා මගෙන් ඇත් වෙලා ඉන්න හැම

54.අතහැර යන්නට

Image
සමුගැනීම ලේසි යමක් නොවන බව කියාදුන් නුඹම අද දරා ගැනීම ලේසි යමක් නොවන බව කියාදුන් නුඹම අද හිතක් පපුවක් නැති බව දැනුනද මෙමට නුඹ ගැන ඉවසා ඉන්නෙමි තවත් සත් වසකට වඩා කලක් නුඹට බැදි ප්‍රේමයේ නාමයෙන් මම අදත් ලබාදුන් දේට වැඩියෙන් නුඹ මෙමට පේ වෙලා කැපකරපු දේ වැඩිය මම අතහැර යන්නට මෙමට මං කියාදෙනු එපා...

ගමේ සැටලයිට්

Image
" වැඩකට යනවා ද දැන්? " රටේම ඕපාදූප ගෙයි ඉස්සරහට වෙලා හොයන මනුස්සයාගේ මනුස්සකමටත් ගරු කරන්න එපායි කියලා හිතුන එකේ ඔන්න ඔහේ උත්තරයක් දුන්නා..😋 " දැන් ටික දවසක ඉදලා හන්දියේ පොඩි වැඩකට යනවා" 😊😊😊😊😊😊😊😊 අනේ අම්මපා මං ගැන මටත් වඩා දන්න අයනේ මෙව්වා මගෙන් අහන්නේ... ඒ තරමටම අපේ ගමේ සැටලයිට් සර්විස් අවුල් වෙලා ද??? (මේක වෙලා නම් ටික දවසක් වෙනවා ...😂😂)

53. මදහස

Image
යනෙන මාවත නිමක් නොපෙනෙන විටක හදවත ඉරි තලා පෙනි නොපෙනෙන මුවේ මදහස ජිවිතය ගැන පැවසුවා...

52.කාලය

Image
කල් බැලුවෙමි..... නමුත් වෙනසක් නොමැත... පෙර දා හා සැසැදුවෙමි... වෙනසක් දුටිමි.... කාලය නුඹ..... පුදුමයකි...