ඉල්ලීම

ජිව්තය ලස්සනම ලස්සනයි කියලා මම හිතුවට ඒක ඒ තරමට ලස්සන නැති බව තේරුම් ගන්න මට මේ තරම් වෙලා යන්නේ ඇයි ද මන්දා ...

මට කොහේදි හරි වැරදුනා.ආයේ ආයේ මම ඒ වැරද්දම කරනවා කියල හිත කියන කියන පාරක් ගානෙම මම හිතටත් තරවටු කරලා ඒ වැරද්දම කරා..
මම හිතුවේ හැම වැරද්දක්ම මගෙයි කියලා.
මොකක් ද කියලා කියන්න නොදන්න මහ ලොකු බැදීමක් මම මගෙයි ඔයාගෙයි අතර තිනවා කියලා හිතන් හිටියට ඒක එහෙම නෙවෙයි කියලා ඔයා මට නොකියා කියපු බව අතීතයේ මතක අතර සරන මේ වගේ වෙලා වලට මතක් වෙද්දී ඇස් වල කදුලු පිරෙනවා..
ඔව් ඔයා මගේ ආදරේ..
මගේ පන..
පන වගේ ආදරය කරන මට ඔයා රිද්දන්නේ කාලෙන් කාලෙට..

අනේ මං දන්නේ නැහැ.මම ඔයාට මොන වරදක් කරලා ද කියලා .
ඔයාට නිදහස මම නොදි ඉදලා තියෙනවද? සමහර දේවල් එපා කියලා කියනවා.ඒත් ඒ කියන්නේ ඔයාගේම හොදට .ඔයාගේ පරිස්සමට .අන්තිමට ඔයාටම තේරුම් යනව ඇයි මම එපා කියුවේ කියලා.
ලෝකේන්ම ඔයා නිසා බැනුම් අහන්න මට පුලුවන් වුන වෙලාවල් තිබුනා.ඔයාත් රිද්දන මගේ හිත ඔයාගේ සමහර මෝඩ වැඩ නිසා ලෝකයේ මිනිස්සුත් රිදුවා...ඉවසුවා ඉවසුවා ..වාවා ගන්නම බැහැ රත්තරං ..

සමහරු අපි පතාගෙන ආවා කියලා කියන කොට ඔයා මගෙන් ඇත් වෙලා ඉන්න හැම තැනකම ඔයාගේ පාලු මකන්න ඔයාට කවුරුන් හරි හිටියා..
අක්කලා නංගිලා යෙහෙලියො ගොඩරියක්.
අනේ මම  ඉස්සරහ පිටදිත්  මට වඩා එයාල ඔයාට අයිතිය කියන කොට ඔයාත් මට නොදෙන අයිතියක් වටිනාකමක් එයාලට දෙන කොට මම කොහොමද රත්තරන් ඉවසන් ඉන්නේ.



කාලයත් එක්ක මේ දේවල් වෙනස් වේවි කියලා හිතලා මම ඔයාටම ජිවිතයම සින්නක්කර ලියලා දීලා තියන මේ වර්තමානයේත් මම ඔයා වැරදි කරද්දී ඒවා මගේ වැරදි කියලා හිතලා මම ඉවසන් ඉන්න එක හරිද වැරදි ද ,,,
 ඒකටත් උත්තර මම හොයන්නේ ඔයාගෙන්....

අනේ රත්තරන් මම ලොකු දෙයක් ඉල්ලන්නේ නැහැ ,ඔයාට මට දෙන්න බැරි දෙයක් ඉල්ලන්නේ නැහැ.අපේ කතාවේ මුල් කාලේදි වගේම ආදරය අවධානය තව ටිකක් දෙනවද ?

මම ඔයාට ගොඩරියක් ආදරෙයි ❤❤❤❤

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න