සපත්තු SINGER

මට මතකයි ඉස්සරම අපේ ගෙදර කලු සුදු TV එකක් තිබුනා .
ඊටත් පස්සේ පාට පාට පේන TV එකක් තිබුනා.
ඊටත් පස්සේ ඒ කියන්නේ මේ වෙනකොට අපේ ගෙදර තියෙන්නේ අර පැතලි අලි සයිස් TV එකක්..
හා හා මාර නයි ඇරිල්ලක් නේද?
දැන් ඇති නයි ඇරිල්ල ප්‍රභෝ..කතාව කියනෝ..

ඔය පාට පාට රුප පේන රුප පෙටිටියේ හරි ලස්සන සින්දු වගයක් ගියා.
අම්මෝ ඒ සින්දු යනවනම් කොහේ හිටියත් TV එක ඉස්සරට වෙලා කටත් ඇරගෙන බලාගෙන ඉන්න එක තමයි මගෙ නම් වැඩේ..
ගොඩක් වෙලාවට ඒ සින්දු ගියේ සිරස TV එකේ.ගායිකාවක්ද ගායකයෙක්ද කියලා හිතා ගන්න බැරි හරි හුරුබුහුටි කෙනෙක් ලස්සනට නට නට පැද්දි පැද්දි සින්දු කියන විදිය බලන් ඉන්න හරි ආසයි.

එයාගෙ අර සපත්තු සින්දුවට මං හරිම ආසයි.මාත් ඒ සපත්තු ඩාන්ස් එක පැක්ටිස් වුනා බැරි මරගාතේ හරි එ් කාලේ.

ගායිකාවක් කියලා අනුමාන කරාට මං නම නම් දැනන් හිටියේ නැ.⁣ඔන්න කාලෙකට පස්සෙ මං දැන ගන්නවා එයා ගැන මහ හුඟාරියක් විස්තර.
මං දන්නවනේ මං වගේම ඔයාලත් එයාට කැමති කියලා.මොකෝ මල සමයං විච්වුරන එයාගේ නැනේ ඒකයි.

ළපටි පෙනුමක් තිබුනට (මට හිතෙන්නේ එහෙමයි) 1964 මාර්තු මාසේ 12 වෙනිදා  ඉන්දි⁣යාවේ මහරාශ්ට ප්‍රාන්තයේ ඉපදිච්ච එයා අපේ අම්මටත් වඩා වයසයි අප්පා.

නමින් FALGUNI PATHAK ..




එයා ඉන්දියාවෙන් බිහිවුන අති දක්ෂ ඉන්දියානු ගැමි ගී ගායිකාවක්.
චිත්‍රපට පසුබිම් ගායිකාවක් ,ගී රචිකාවියක්. 
එච්චර විතරක් නම් බැරියැ..පොප් ගායිකාවක්..
එහෙමයි ලොකේ පුරා ප්‍රසිද්ධ . 

අනිත් අතට එයාගේ ගිත වල අනිත් පොප් ගිත වල නැති හරි අපුරු නැවුම් බවක් තිබුනා.
ඇගේ රස නහර පිනා යන අපුරු කටහඩට කදිමෙට මුසුවෙච්වි ඉන්දියානු සංගිතය වගේම ඇයත් රගපාමින් ගි ගයන විෂුවල් නිසා ඇය ජනප්‍රිය වුනා කියලයි මං හිතන්නෙ නම් හිතන්නේ.

දැන් ඔය බොලිවුඩය හොල්ලන් වගේ ඉන්න සුපිරි තරු ඒ කාලේ ඒ කියුවේ ලපටි කාලේ මෙයාගේ ගිතවල විෂුවල් වල ඉදලා තියෙනවා..
හරිම හුරුබුහුටි ආදර කතා මෙයාගේ ගිතවල කතාව විදියට විෂුවල් එක කරලා තියෙනවා..
අපේ ලංකාවේ ඒවා වගේ නම් නෙවෙයි ඔන්න.

Dandiya Queen කියලාලු මෙයාගේ රසිකයෝ මෙයාව හදුන්වන්නේ..

එහෙම බැලුවොත් මං මෙයාගේ රසිකයෙක් නෙවෙයි.
මං ඔය නම දන්නෙත් ලගදිනේ.

හැබැයි මං කියන නම තමයි හරිම..නේද?

මෙයා ඉන්දියානු රාත්‍රි සංගිත වේදිකාව මෙයාගෙ කරගන්නවා නවරාත්‍රි වගේ උත්සව කාලවලදි නම්..
එච්චරටම ඉන්දියාවේ අය කැමති මෙයාගෙ සින්දු අහන්න.

1998 විතර ඉදලා අපේ සපත්තු singer ලස්සන සින්දු ගොඩාරියක් කරලා තියෙනවා.

මං ඒවා ඔයාලටත් බලන්න මේ සිතුවිල්ලට එකතු කරන්නම් කෝ.

ඇබ්බැහි විම තහනම් හරිනෙ එහෙනම්..

03.   I LOVE U
04.  තරගය
06.   DOLI DOLI
(මුහුනුපොත තමයි මගේ නම් මෙයා ගැන විස්තර දැන ගැනිමේ මාධ්‍ය වුනේ)

Comments

  1. අප්පේ කාලෙක ඉඳලා හොය හොයා හිටපු සින්දු ටිකක්. සපත්තු සින්දුව මගෙත් ආසම එකක්. නම මතක නැතුව හිටියෙ හොයාගන්න. පෝස්ට් එකට පිං

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහි වෙනවා නෙවී ඕං

      Delete
  2. මාත් මේ සෙට් එක හොය හොය හිටියේ.හොරා....මට කිව්වෙවත් නෑ

    ReplyDelete
    Replies
    1. ⁣පහුගිය ටිකේ බිසි නිසා ආ වෙලා⁣වක බලාවි කියලා හිතලා බලන් හිටියා

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. Thank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far. newcracksoft.com

    ReplyDelete
  5. Cyberlink Powerdirector Crack Such a nice and helpful piece of information. I’m so happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing. Visit My site

    ReplyDelete
  6. I am sure this post has touched all the internet visitors, its really really fastidious piece of writing on building up new website.
    plagiarism x crack
    idm crack
    cleanmymac x crack
    eset nod32 antivirus crack
    filmora crack
    Crack Like

    ReplyDelete
  7. Never before have I seen an employee so dedicated, hard-working, and yet still tenacious at the same time. You’re an inspiration to all of us!
    iobit uninstaller pro crack
    techtool pro crack
    backup4all pro crack

    ReplyDelete
  8. Hey! It can't be spelled right! As I read this, I am reminded of an old friend I had sex with! He always talked about it.
    I will send you this.
    I am sure you will read this correctly.
    Thanks for sharing!
    movavi screen recorder crack
    nch switch plus crack
    proxy switcher pro crack
    revo uninstaller pro crack

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න