මල් කුමරුන්...

මල් කියන්නේ කාට කාට
ලමයින්ටයි පාට පාට

පුංචි කාලේ ඔය සින්දුව කිය කියා නැටුම් නටපු මං මලක් වගේ කියලා තමයි හැමෝම කියුවේ ..😍
අනේ ඒත් මං මලක් වගේ නෙමෙයි මෙයා..
මල් ඉතින් ගොඩක් වෙලාවට උදේට පිපිලා හවසට පර වෙනවානේ..ඉද හිටලා හවස පිපිලා උදේට පරවෙන මල් වර්ගත් තිබුනා..
මං ඉතින් ඕල් වේස් සුපිපුනුනේ...ඉතින් මං මල් යායක්..
කොහෙම වුනත් දිල් එක්ක මල් කඩන්න නම් හරිම දක්ශ මල් නෙලන්නියක්..😉

මං ඉතින් ස්මාට් විදියට මල් නෙලන්න දැන ගත්තට මගේ දිල් නම් මල් වැවිමේ කලාවෙ පිකාසෝ කෙනෙක් .
අම්මෝ එයා හිතන් ඉන්නේ එහෙම තමයි..😏
නැහැ කියන්නත් බෑ ඉතින් කොල්ලගේ හිත කැඩුනොත් සුපර්ග්ලු ගැවත් අලවගන්න බැරි වෙනවා. 💔
හැබැයි ඉතින් මෙයාගෙ අහිංසක අම්මියයි මල්ලි බබායි ඉන්නකම් මෙයා පිකාසෝ තමයි..

රටේම ඇවිදලා මල් පැල අරන් එන මෙයාට මල් පැල නඩත්තු කටයුතු මඟ ඇරෙන වෙලාවට එයාලා තමයි මල් පැල බලාකියා ගන්නේ..
ඇත්තටම නම් ඉතින් මෙයා බලන මල් පැල කියලා තමයි කියන්න වෙන්නේ..😋
කොහොමින් කොහොම හරි පහුගිය කාලේ මං මෙයා එක්ක ගමනක් ගිහින් ගෙදර එනවා නම් එන්නේ අතින් කටින් මල් පැල උස්සන් තමයි..
වැඩේ කියන්නේ අර හොම්බෙන් ගියපු දවසෙත් මං බයිසි⁣කලේට නැගින කොට මෙයා කියුවේ යන ගමන් මල් පැල අරන් යමු කියලා..
හයියෝ ඉතින්..😑
(කලබල වෙන්න එපා එදා මොකද වුනේ කියලා මෙතනින් බලා ගන්න කෝ)

වැඩේ කියන්නේ දිල් තරම් මල් පැල ගැන දන්න වෙන බුවෙක් මේ අහල ගම් හතේම නැ කියලා තමයි හිතන් ඉන්නේ.💁
හරි ඉතින් මට වඩා දන්නවා කියලා අඩි ගානක් උඩින් යන්න ඕනිද? නෑ නේද ?

කොහොම වුනත් මේ කොල්ලාගේ උත්සාහය අගය කර යුතුමය..👍
ලස්සනට තණ⁣කොල පිඩැලි අල්ලා හැඩ කර ඇති ගෙදර පිටුපස විවිධත්වයක් ඇති මල් වලින් පිරිලාය.

ඕකිඩ් මල් ගස් උඩට වි පහල ඉන්නා රෝස ,බේබි රෝස හා බෝගන්විලා මල් සමඟ හිනා වෙන හැටි බලන් ඉන්නට ආස හිතෙන්නේ මේ කොල්ලා නම් සුපිරි කියා හිතෙද්දිය..😍

පොහොර වර්ග කඩෙන් වගේම 1:2:3:ට අනුපාත වලට මික්ස් කරලා හදා ගත් දිල් මේඩ් පොහොර වර්ග ද මේ මල් පැල වගාවේදි හදුනා ගැනිමට මා වාසනාවන්ත විම සතුටකි.

එමෙන්ම කොච්චර මල් පැල ගැන මුලු අවධානය දුන්න ද එයාට ඕන හැටියට නැතැයි කියා මල්ලි බබාගේ කන් බිහිරි වන තරමට කැගහන්නේ ද මේ මල් පිකාසෝය.
අනේ ඉතින් අයියාගේ සිතැගි පරිදි මේ දේවල් කිරිමට මල්ලියා ඉමහත් වෙහෙසක් දරයි..😐

සතියේ දින වල මල් පැල වලට වතුර දැමිමට මග හැරුන දිනයක් වෙතොත් සති අන්තයේ ගෙදර එන මේ මල් කොල්ලා තක්කෙටම කියන්නේ මොන විදිහෙන්දැයි මට නම් අවබෝධයක් නැතිය.
අපෙන්ම අසා දැන අපිටම කියන තියරිය මේකා අනුගමනය කරන බව නම් මට විස්වාසය..😜

මං නම් දිල්ගේ මල් වත්තේ ආසම කරන මල් වර්ගය ජපන් රෝසය.🌹




පාට පාටින් හැම ඉඩ කඩක්ම වසා පැතිරි තියෙනා පලසක් වැනි මේ මල් යාය හිත නිවා සනසන්නේ පුදුමාකාර අන්දමටය..
ලොකුත් නැති පොඩිත් නැති මේ මල් වර්ගයට පුංචි කාලයේ සිටම මා මනාපය.👌ආච්චිලාගේ ගෙදරත් යායට පිපි තිබු මේ මල් මගේ පුංචි කාලයේ අහුමුලු ඔස්සේ මා ගෙන යන්නේ ඇත්තමයි දිල් ඔයා නිසාය..
ඔයාගේ මල් වත්තේ මේ මල් වවනවාට මේවා පිපුනාම මට බලන්නට පින්තුර අරන් එවනා විට මං සතුටින් ඉපිල යන්නේ ඒ නිසාය.😊😊




වවන මල් යායවල් විනාස කරනා අපේ අප්පුච්චා නිසා මල් වවනනේ නම් නැතැයි කියා සිතාගෙන දැන් අවුරුදු අටකට ආසන්නය.,😡
මන්ද යත් වත්⁣තේ තණකොල කපන මැෂිමට වල් පැල හා මල් පැල අදුනා ගැනිමේ මෙහෙයුම් විධාන දත්ත ලබා දි නැති නිසාය.
ඇත්තම කියුවොත් අපේ අප්පුච්චාට අනුව එයා වැව්වොත් මල් පැලය අපි වැව්වොත් වල් පැලය.🌳
මගේ මල් යායක්ම එක මෙහොතින් විනාස වෙද්දි කදුලු පිරි දැසින් මං අත් හැරියෙමි.😓

ඒත් මල් වැවිමේ කලාවේ පිකාසෝ කිරුල පැලදි පෙම්වත් ඔබ නිසා යලිත් ආසා කරමි;යායට පුදිනා මල් වත්තක් මගේ කියා හිමිකම් කිමට..
දනිමි නුඹගේ වු දිනක මල් වත්තේ කුදුමහත් වැඩ මට පවරන්නට නුඹ පිඹුරුපත් සකසන බව.ඒ මේ කම්මැලි කෙල්ලට පාඩමක් ලෙසටය...😂

⁣දිල්ගේ මල් වත්තේ හරි අපුරු සෝස පැලයක් ...
අයියෝ වැරදුනා  රෝස පැලයකි🌹🌹 .
එය ප්‍රභාගේ රෝස පැලය ලෙස ⁣දිල්ගේ අම්මාගේ ඉහල උසාවියේදි නම් ලැබි ඇත.
එයට හේතු වු කඩවසම් නිදාන කතාවක්ද ඇත .
කියන්නම් කියන්නම්..
ඉවසන්න ටිකක්..😉

දවසක් මල් පැල ගැනිමට පැල තවානකට ගියපු වෙලාවක ප්‍රභා⁣ට රෝස පැලයක් ගැනිමට ඕනමයි කියා නොසන්සිදෙන දොලදුකක් හැදුනි.
ඒත් රෝස පැල හදා වඩා ගැනිමට ගොස් ඉමහත් දුක් ගැහැට විද ඇති දිල් එයට අකමැති බව ප්‍රකාශ කරන ලද්දේ ඔහුගේ නිවස අදාල ප්‍රදේශයේ කාලගුණික දේශගුණික හා පාරිසරික දත්ත රැසක් ද ඉදිරිපත් කරමින්ය.😟

එහෙත් පරාජය බාරගැනිමට මැලි වු මගේ සිත අනේ අරගමුකෝ කියා නාහෙන් අඩද්දි මේ ඇඩියාව නැවැත්තුවේ නැත්නම් සිදුවෙන පසුකාලින අනතුරු ගැන පුර්ව අවබෝධයක් ඇති දිල් එයට සාත්තු සප්පායම් කිරිමේ වගකිම ගන්නවා නම් රෝස පැලේ ගෙන යමු කියුවිට එකෙන්ම සාත්තුව බාර ගත්තත් වතුර චුට්ටක්වත් දැමිමට මට නම් ඉඩක් තවම ලැබී නැත.😃😃




ඒත් මල් පිපෙන්නේ නැතැයි කියු පැලේ මැරෙයි කියු දිල්ගේ අනාවැකි සුන්නද්ධූලි කරමින් ප්‍රභාගේ සෝස පැලේ මල් පිපි මල් පිරි මල් වත්ත හැඩ කරන්නේ ⁣මට ෆුල් සප් එකට මෙන්ය.👐
ඉතින් සෝස පැලේ තැන්ක්ස් ආ..මාව බේරලා මල් පිප්පුවාට..🙋

ඉතින්,දැන් බලමු මේ පිකාසෝගේ අලුත්ම ක්‍රියාන්විතය ගැන.
ඒ ප්ලාස්ටික් බෝතල් කපා කොටා ඔපරේෂන් කර ඒවායේ බඩ මැදින් මල් පැල සිටුවිමයි.




ඒ වැඩෙත් හරිය..
කොහොම හරි කරාය.

මේ මල් වත්තට ඉදහිට මං විසින් දෙන සප් එකනම් මුහුනු පොතේ දකින අලුත් මල් වවන විදි දිල්ට පෙන්විමත් අනේ පින්තුර එවන්නකෝ කියා දිල්ගේ මල් වත්තේ පින්තුර එකතු කර ගැනිමත්ය..📷

මේ මල් වත්තේ තවත් ගොඩක් කතා තිබෙන අතර අදට මේ ඇතිය.⁣අපි කතා කරන අතරේ මී මැස්සන් මී වද බැඳ තිබිය හැක.🍻

ඉතින් ආදර මල් පිකාසෝට, ඔයාගේ ඔය මල් කුමාර ආසාවට සප් එකක් දෙන්නට ආයේත් මල් පැල තෝරන්නට දකින දකින මල් පැලේ ගේන එන්නට මේ මල් කුමාරි රෙඩිය.👫
දිල්ගේ මල් වත්තට ජය වේවා...✌

*****
ප.ලි:
මේ මල් වත්ත මගේ නොවන බැවින් මල් පැල ඉල්ලා දිල්+ප්‍රභා කතාවට මල පන්වන්න එපා ඔන්න.😋

Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න