හිමි අහිමි - 01කොටස

මම කසිනි වික්‍රමසූරිය.

 මතක ඇති කාලේ ඉදලාම මං හිටියෙ කොන්වන්ට් එකක.සිතල නුවර එලියේ ලස්සන පරිසරයක තියෙන කොන්වන්ට් එක මගේ මුලු ජිවිතේම වෙලා තිබුනේ.
හැම දේටම මට හිටියෙ කන්‍යා සොයුරියෝ.මං හැදුනෙ වැඩුනේ කන්‍යා සොයුරියන්ගෙ ඒ කියන්නේ සිස්ටර්ලාගේ ආදරේ මැද්දේ.
පිලිවෙල තමයි අංක එක.
කෙනෙක්ට හිතෙයි එහෙම ඉන්න එක හරි බෝරිං නේද කියලා.අනේ නැ.මං ඒකට හරි කැමති..
අනිත් අයට වඩා අපේ ජිවිත වෙනස් .ඒක නම් ඇත්ත.

මට අම්මා තාත්තා ගැන පුංචියටවත් මතකයක් නැහැ.එහෙම මතකයන් තියෙන්නේ ඒ සෙනෙහස වින්ද නම්නේ.
ගෙදර කියන පරිසරය මං අත්දැකලම නැහැ.එයාලගෙ ආදරය විදලාම නැහැ.
ඒත් මගේ ලඟ එයාලගෙ පින්තුරයක් තියෙනවා..මාව මෙහෙට බාර දෙද්දි ඒ පින්තුරයත් මගේ වෛද්‍ය වාර්තා එක්ක දෙන්න තරම් කාරුණික වෙන්න මගේම අයට පුලුවන් වුන එක ගැන මගේ හිතේ තියෙන්නේ ස්තුතිවන්ත හැගිමක්.
සමහර විට මාව වගේම ඒ පින්තුරයත් ඒ අයට ප්‍රශ්නයක් වෙන්න ඇති.
මුකුත් නැතිවට වඩා ඒ දිහා බලලා හරි සැනසෙන්න මට පුලුවන් වුනා.කොහොම වුනත් මං ඒක බලා සැනසෙන්න විතරයි තියා ගන්නේ.
ඒක පස්සේ හොයාගෙන යන්න හිතුනත් මං නිසා එයාලට ප්‍රශ්න අැති වේවි කියලා මට බයයි.ජිවත් වෙලා ඉන්නවද කියලවත් දැන්නෙ නැනෙ මං.

ඉස්කෝලේ දි අනිත් ලමයි එයාලාගෙ අම්මා තාත්තා ගැන කියවද්දි මං අහන් හිටියා.බලන් හිටියා.
ඒත් කවමදාවත් මට එහෙම අය නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙට හරි උත්තරයක් මං ගාව තිබුනෙත් නැ..සිස්ටර්ලා ගාව තිබුනෙත් නැ.
ඒත් මගෙම කියලා කවුරු හරි දවසක මට මුණගැහේවි කියලා පුංචි බලාපොරොත්තුවක් අහිංසක මගේ හිතේ තිබුනා.

ජිවිතේ කවුරු නැතත් දුක් නොවි ඉන්න මට වැඩිපුරම දුක හිතෙන්නේ ඉස්කෝලේ නිවාඩු කාලෙට.
කොන්වන්ට් එකේ අනිත් අය ඉස්කෝලේ නිවාඩු කාලෙට ගෙදර යද්දී මාත් තව කිප⁣දෙනෙකුත් විතරයි ඉතිරි වුනේ..
හරිම පාලුයි ඒ දවස් වලට.අපේ අයගේ කිචිබිචිය නැතිව හරිම නිහඩයි..

හැමදාම කොන්වන්ට් එකේ ඉන්න අය අතර තමයි මගේ තනි නොතනියට හැම දේටම පන වගේ ඉන්න හොදම යාලුවත් ඉන්නේ.
එයා සකුණි.
අපි ඉස්කෝලේ ගියේ ,පාඩම් කරේ එකට.රණ්ඩු වුනේ යාලු වුනේ අපි අපිම..
හදිසි අනතුරක් නිසා අම්මා තාත්තා අහිමි වුන එයා කොන්වන්ට් එකට එද්දි අවුරුදු දෙකක් විතර වයස.

අපි හරිම හොඳ යාලුවො.


කොන්වන්ට් එකේ දඟ වැඩක් නම් කසිනියි සකුණියි එතන කියලා සිස්ටර් සිල්වියා දැනන් වුන්නා.
සිස්ටර් සිල්වියා කියන්නේ අපේ ලොකු සිස්ටර් .
ඒ වුනත් අපි දෙන්නා හරිම හොඳ ලමයි කියලා තමයි එයා හැම නිතරම කියුවේ ..
ඕන වැඩක් කරන ටිකක් දඟ ඉගෙන ගන්න දක්ෂ ලස්සන හුරුබුහුටි අපිට හැම දෙනාගෙම ආදරේ ලැබුනා..

කිසිම අඩුපාඩුවක් නැතිව අපි කොන්වන්ට් එකේ හිටියෙ අපිට කැපකරු මව්පියවරුන් හිටපු නිසයි..
මගෙත් සකුණිගෙත් දෙන්නගෙම කැපකරු වෙලා හිටියෙ සන්මාට් කියන ලොකු කම්පැනි එකක අයිතිකාර මහත්මයා.
නුවරඑළියේ ,කොළඹ ,ගාල්ල වගේම එංගලන්තයේ සහ සිංගපුරුවේ ශාඛා තියෙන ලෝකෙම දන්න නිමි ඇදුම් සන්නාමයක් තමයි සන්මාට් කියන්නේ.
කොච්චර සල්ලි තිබුනත් කිසිම උඩඟුකමක් නැති එයා හරිම හොදයි..
අපි වගේ ලමයින්ට උදව් කරන්න එයා හරිම කැමති කියලා එතුමා මුනගැහුන වෙලාවලදි අපි අහලා තිබුනා .

මොකද්දෝ දුකක් හිතේ හංගගෙන ඉන්නව කියලා මුනගැහුන හැමවිටම මට හිතුන වයස හැටපහක් විතර වෙන එතුමට අපි කියුවෙ සුදු සියා කියලා.
සුදු සියා ආපු දවසට අපිට හරිම සතුටුයි.තැගි බෝග ලැබෙනවා.
අපි දෙන්නට විතරක් නෙවෙයි අපේ කොන්වන්ට් එකේ ඉන්න හැමෝටමත් එදාට තැගි ලැබෙනවා.
මට සකුණි ගෙන් පස්සේ හිටිය හොදම යාලුවා තමයි සුදු සියා.
මගේ කතාවෙ සුදු සියාත් ලොකු ඉඩක් වෙන් කරන් තිබුනා සකුණි වගේම.

⁣අනාගතය ගැන ලොකු හින නැතත් මටත් සකුණිටත් අහිංසක හින තිබුනා .
අවුරුදු දහහතක කෙල්ලක් විදියට ජිවිතේ අහිමි වුන දේවල් ගැන හිතන එක එපා වෙලා තිබුන මට හිමි කරගන්න තියෙන දේවල් ගැන පුංචි ආසාවල් තිබුනා.

ඉතින් මං කියන්න යන්නෙ, අද ඉදන් මේ ඔයාලා බලන්න යන්නේ මගේ ජිවිතේ සිද්දවුන දේවල්.

ලස්සනට තිබුන ජිවිත වල අවලස්සන වගේම හිමි අහිමි විම් ගැන මට කියන්න තියෙන කතාව..

💕💕💕
ප.ලි.
මේ ප්‍රභාගේ මුල්ම කතාව.ගොඩක් අඩුපාඩු තියේවි.ආසයි ලියන්න.ඒකයි මේ සිතුවිලි අකුරු කරන්නේ..කියවලා හිතෙන දේවල් මට කියන්න,ආසයි අහන්න..


Comments

  1. All the best darling 💕 api balan innawaaa

    ReplyDelete
  2. මේ ඔයාගෙ පලමුවෙනි කතාවනම්, ඒක සාර්තක වෙයි කියන අදහස පලමු කොටසෙන්ම හිතුන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ...ඔබට

      Delete
  3. අගය කරනවා දිගටම ලියන්න

    ReplyDelete
  4. හරිම ලස්සනයි.ලස්සනට ගලාගෙන යනවා.සුබ පැතුම්

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න