ඇය හා සරසවි පෙම


හදවතට සමිප ගීතයක්...

මතකයේ මං මාවත් දිගේ පාර හොයාගෙන පියමනින්න නොහිතුවට මං ඉබේම වසර කිහිපයක් ආපස්සට පියමැනලා තිබුනෙ ඒ ගිතය මගේ අතිතය මතක් කරලා දිපු නිසයි..

ඔව් අපි මුනගැසුනා ඒ බව නම් සත්තතයි.
ඒත් ඒ අපි වෙන් වුන නගරයේදි නම් නෙවෙයි.ඊට ගොඩක් දුර ලස්සන නගරයක සරසවි පිවිසුම් සමුළුවකදි..
සාමාන්‍ය මිතුරුකමක් විතරක් අපි අතර තිබුනත් දෛවය සරදමක් කරන්නට සැරසෙන්න අර අදින බව මං හිතුවෙම නෑ.
අන්තිමේ අපි එකම සරසවියේ එකම කණ්ඩායමේ..එකම අංශයේ.

හැමවිටම එකට මුනගැහිමත් හිත තනියට කාව හෝ සෙවිමත් නිසා ඔබට මා ගැන සිතෙන්නට ඇති.ඇගෙන් දුරක විමත් අපි ලං කරන්නට ඇත.මටත් නොතේරෙන මට දැනුන සිතුවිල්ල ගැන අදටත් මම සිතන්නේ දරැණු පසුතැවිල්ලකින්.

ඔබෙත් මගෙත් මිතුරෙක් ඇය ගැන පැවසුවේ අපි මුන ගැසුන මුල් කාලයේ වුවද මට ඇය අමතක වි ගියේ ඔබ හැකි හැමවිටම සවියක්ව සිටි නිසා.

ඔබ අනුබල දුන්නාද නොදුන්නාදැයි නොදනිමි.

නමුත් මා ඔබ ගැනම සිතුවෙමි.

අසන්නන්ට දකින්නන්ට මිතුරු දමක් බව කිවද මා ඉන් එහා දෙයක් පතා ඇතිබව සිත ගතු කියන්නේ දැන් මේ වර්තමානයේය.
මිතුරු ඇසුරක් ද ⁣ඊට එහා යන දෙයක් දැයි කියන්නට නොදත් මේ සබැඳියාව සරසවියේදිත් සරසවි නිවාඩු නිමේෂයන් වලදි නිවසේදිත් මුහුණුපොතේ පනිවිඩකරුගේ පිහිටෙන් ඔඩු දුවද්දි ඇයත් මුහුනු පොතේ මාගේ මිතුරියක් විය..
ඇය සොඳුරු මිතුරියකි.
එහෙත් ඇය නොදැනම මා ඇගේ දිවියේ වටිනාම දෙයට ඇසගසා සිටියෙමි..
ඇය අපමණ මාවද ඔබවද විශ්වාස කරාය.
කිසිවිටක ඔබව අවිශ්වාස කරන්නට ඇය පැකිලුනාය.

ඔබත් මමත් සම්බන්දයෙන් ඇයට ගතු කේලම් ලපටියට දැනුන දාත් ඇය ඔබට කියුවේ 
'ඔයා මගේ ජිවිතය, ආදරය.බබා,එයා ඔයාගෙ යාලුවා.ඉතින් ඔය කැත කතා කියන අයට මං කතා කරන්නම්ද'
 කියාය.
ඇය මගේ සිතද සැදුවේ 
'ඔයා මගේ නංගි යාලුනේ.මං හැමදාම ඔයා එක්කනේ' 
කියාය.

නමුත් මා ඇයට දුන් දුකක්.මා කල බොරුවක්..හරි වැරුද්ද මට නොපෙනුනි.
ඔබ මගේ නම් කියා පමනක් සිතුනි.

සරසවියට යාමට ඔබ  මා යන බසයටම එද්දි ඇය තනිමග ඇය යා යුතු සරසවියට පිය මැන්නේ ඔබට බොහෝ වැඩ යැයි සිතාය.
නමුත් ඔබ මා පරිස්සම් කරන්නට ඇය තනි කරාය.
ඇය යතාර්ථය නොදත් නමුත් දිරි ගෙන ඔබගේ හා ඇයගේ අනාගතය ගැන හින මැව්වාය.මා එම හින වලට ⁣ද්‍රෝහි විමට මං සෙව්වාය.එය වරදක් බව මගේ අය මට කියද්දිත් ඔබත් මෙය කිසිදා නොවෙන්නක් බව කියද්දිත් මා ඔබ මගේ වෙනවා නම් යැයි සිතුවාය.

ඔබට මතකද දිනක් මා ඔබෙන් ඇසුවේ 'එයා අපි ගැන දැන ගත්තොත් මොකද වෙන්නේ ' කියාය.
ඔබ කියුවේ 'එයා ගැන මමත් මං ගැන එයත් දන්නවා.එයාට මාව තේරුම් ගන්න පුලුවනි.එයා හොඳ කෙනෙක් ' කියාය.

ඔව් ඔබ  මා දෙස සොයුරියක් ලෙස දකින්නට ඇත.ඇයගේ දුරක හිදිමෙන් දුරස්ථ වු හිත මා ඇසුරේදි නිවෙන්නට ඇත.විටක මා තුලින් ඔබ ඇය දකින්නට ඇති අතර මා ඔබේ පාලු මකන්නට ඇත.
විටක නුඹ ගැන හිතේ තරහවක් මතු වුවද මා අවභාවිතා වි ඇතයි සිතා අදටද හද කොනක නුඹ ගැන වු හැඟිම සඟවා ඇති බැවින් එම තරහ අමතක කරන්නට මා සමත්ය.



එදා ඔබ ඇය ලඟ ඔබේ පරිගනකය තබා මුහුණුපොතේ පනිවිඩ පිරික්සන ලෙස ඉල්ලා සිටින්නට ඇත්තේ ඇයට කරන්නේ වරදක් බව තේරුම් ගත් බැවිනි.
ඇය පුදුම වි එය කරේ ඇයි දැයි අසමින් වුවද අපේ දෙබස් පෙම් බස් වි ඇති බව දැක හඩන්නට ඇත..

නමුත් අදටත් මට නොතේරෙන්නේ ඇය එතරම් ආදරය ගැන දන්නේ කෙසේදෝ කියාය.
ආදරය පරිත්‍යාගයකි කියා අසා තිබුනි,තමා ආදරය කරන්නාගේ සතුටම පැතිම අනෙකාගේ සැපම තැකිම ආදරය බව කියවා තිබුනි.
නමුත් ඇය ඔබ ගැන සැබැ ආදරය පසක් කරවිය..
ඇය ඔබට කියුවේ මා අසල ඔබ පැතු ලෝකය තිබේ නම් එය රකින්නට කියාය.මගේ වී ඇය අමතක කරන්නට කියාය...
එවන් ඇයටයි මා කුරිරු වුයේ ඔබට ලොබ බැඳ.
නමුත්  ඇයට ඔබත් ආදරය කරන්නේ සසර පුරුද්දට විය යුතුය..
නුඹ පසුදිනම මා හා තිබු මිතුදමට එහා හැඟුමට ඉඩ හසර අසුරා ඇය හා රැදුනි.

සිතින් මා ඇයට වෛර කලෙමි.නමුත් ඇය හා පනිවිඩ හුවමාරු කලෙමි.ඇය මා නොරිද්දුවාය.කිසිවක් නොකිවාය.
ඇය අසනිප වු බව දැන විමසද්දී එයට හේතුව කිවාය.
අනේ දෙවියනි, ඇය මෙලොව හැර යන්න තැත් දරා ඇත.එයත් මට ඔබව ලැබ දෙන්නටය.ඇයට දරා ගැනිමට නොහැකි වෙන්නට ඇත.
කෙසේ හෝ ඔබ හා සොයුරන් ඇය රැක ගැනුමට සමත් වි ඇත.
සමාව ඉල්ලුවෙමි.ඇය ද මම ද අඩා වැටුනෙමි.

අනේ දෙවියනි ඇය හොඳ වැඩිය..

තවමත් මා ඇය රිද්දමි.ඇය රවටා නුඹ දකින්නට සිතමි.අනේ එය මා සසර පුරා කරන්නාවු පවයි.පව ද සංසාරිකයි.

ඇත්තටම ඇය නු⁣ඹව පතා පැමිනි යුවතියයි.එපමනක්ම නොව ඇය නුඹට පෙම් කරන්නේ පෙම්වතියකට එහාගිය පිවිතුරු බැදිමකිනි.

නු⁣ඹේ පාද පරිචාරිකාව වන්නට සුදුසුම ලඳත් ඇයයි.

සසරේ ඔබවම මම පතන්නේමි.නමුත් ඇය එයට සැමදා සුදුසුකම් සපුරාය.ඇයට ඉඩදි මා පසකට වෙමි.

යශෝධරා ලඟ සිදුහත් වුන්නා සේ හැම භවයකදිම ඇය හා ඉන්න .එයයි ඔබෙන් මා ඉල්ලා සිටින්නේ.



ඔබ හෙට ඇගේම වන්නේ පෝරු මස්තක දැඟිලි පටලාය.ඉතින් මා පතන්නම් ඔබටත් ඇයටත් සුභ මංගලම් කියා..     💑

ගීතයක් ඔස්සේ සිත සරසවියේ පැටලුන නුල් බෝලයේ ආයේමත් සිතුවිලි වලින් පැටලුනි.ගීතය ද අවසන්ය..
එම මතකයද යලි පපුවට හිර කරන් මං මඟ බලන් ඉන්නෙමි.ඒ ඔබ කියා දුන් ආදරයේ පාඩම විභාග ලියා සමත් විමට තරම් මා හුරු කර මගේ පෙම්වතා මා හමුවට දැස් මානයට එනතුරු ...

💓💓💓💓💓💓
මෙය මට අදාලම නැත..අදාල වුවද අදාල නොවුවද කම් නැත..කියවන්න..නමුත් මේ ඔස්සේ මා මවා නොගන්න.මගේ පෞද්ගලිකත්වය මෙම සිතුවිල්ලට අදාල නැත...(ටිකක් අමුතුයි අප්පා..😟)

Comments

  1. මේක නියමයි 💕👍

    ReplyDelete
    Replies
    1. පස්සේ ලියන්න හිතුව ලියවිල්ලක්..
      කනට ඇහුන ගීතය නිසා ලිය වුනා..
      ස්තුතියි දම්මියෝ

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න