හිමි අහිමි - 02 කොටස

සාමාන්‍ය පෙල විභාගය අත ලඟ..

ඉස්කෝලේදි බාහිර වැඩ කලත් කියන දේ නාහා මොන දඟ වැ⁣ඩේ කරත් අපි දෙන්නගේම ආසාව තිබුනා හොදට ඉගෙන ගන්න
.කාට හරි හිතුනොත් අපි අවාසනාවන්ත ලමයි කියලා අපි අපේ ඉස්කෝලෙට,කොන්වන්ට් එකට නම් වාසනාවන්ත ලමයි.
මොකද අපි දෙන්නා අම්මා තාත්තා ඉන්න ලමයින්ට වඩා අදුනන්නෙවත් නැති අම්මා තාත්තට ආඩම්බරයක් හිතෙන විදියට වැඩ කරා..

කොන්වන්ට් එකෙන් පාසල් තරඟ වලට යවන්නේ මොකටද ඒකේ මොකක් හරි අංශයක ඉදිරිපත් විම අපි දෙන්නා වෙන් කරන් තිබුනා.
ඉතින් ඉදිරිපත් විමෙන් සැහෙන්න බැ කියලා කප් එකක් උස්සන්න හරි ගෝල්ඩ් පාට පදක්කමක් බෙල්ලේ එල්ල ගන්න හරි තිබුනෙ මාරම ආසාවක්.

හැම තරගයකටම ඉදිරිපත් වෙච්චි අපි දෙන්නා ක්‍රිඩා තරඟත් අත ඇරියේ නැ.හැබැයි මෙතෙනදි නම් අපි දෙන්නා මොන ක්‍රිඩාවට ඉදිරිපත් වුනත් හරියටම කරේ චෙස් ඇදිල්ලයි බැඩ්මින්ටන් ගැහිල්ලයි තමයි..

ශ්‍රේණිගත කිරිම් වලත් මුල් දහ දෙනා අතර හිටිය අපි දෙන්නා අන්තිමට තරඟ කරේ අපේ පලාතේ හොඳම පාසල් චෙස් ක්‍රිඩකයා තෝරන්න තිබුන තරගෙකටයි.
⁣ඒ තරඟය ටිකක් ප්‍රසිද්ධ වුනා යාලු තරඟයක් කියලා.
අන්තිමට මං දිනලා හොඳ ක්‍රිඩකයා වෙද්දි දෙවෙනියා වු⁣නේ මගෙම යාලුවා.
ඒත් කවදාවත් අපි දෙන්නට ඒක ගැටලුවක් වුනේ නැ අපේ යාලු කමට..




මං කියපු හැමදේම කරලත් අපි දෙන්නා සාමාන්‍ය පෙල ලියන්න විභාග ශාලාවට ගියේ වාර විභාගය ලියන්න යනවා වගේ.
අපිට අපිව සියයට එක්දහස් පන්සියයක් ශුවර් නිසා පුශ්නයක් නැ ඉතින්.

දැන් ඉතින් ටික දවසකට නිදහසේ ඉන්න පුලුවනි.

විභාගය ඉවර වෙනවත් එක්කම නත්තල් උත්සවය.මේ තමයි අපේ ජිවිතේ ලස්සනම කාලේ.පල්ලිය සරසන්න.දේව මෙහෙයන්ට සහභාගි වෙන්න.අසරණ අයට පිහිට වෙන්න.අපි හරිම ආසාවෙන් තමයි මේ දේවල් වල කරන්නේ.අපේ හිත් වල තියෙන හැගිම් කියා ගන්න බැ පල්ලියේ මංගල්‍යය කාලයටය.

නත්තලට කලින්ම මටයි සකුටයි නත්තල් ආවේ සුදු සියා අපි දෙන්නව බලලා යන්න ආපු නිසා.තැගි බෝග අරන් නත්තල් සියා වගේ ඇවිත් හිටියම කාටද සතුටු නොහිතෙන්නේ.

නිවාඩුවකට සුදු සියා එයාගේ දුවගේ ගෙදර යනවා කියුව වෙලාවෙ නම් අපි දෙන්නට දුක හිතුනා, අපිව අමතක වේවි කියලා.ඒක ඉතින් හැම අවුරුද්දකම දැනෙන හැගිමක්.සුදු සියගේ පොඩි දුව ඉන්නේ එංගලන්තයේ.
මේ පාර සුදු සියාත් එක්ක නිවාඩුවට එහේ යන්න ගොඩක් අය හිටියා.විභාගේ ඉවර වෙලා ඉන්න කවි යි අවි යි දෙන්නත් මේ පාර යනවා කියලා තමයි සුදු සියා ආසාවෙන් කියුවේ..

අහ් මේ කවි, අවි කියන්නේ සුදු සියාගේ පුතාලා දෙන්නගේ ළමයි.කවදාවත් දැකලා නැති වුනාට ඇති වෙන්න එයාලා ගැන අහලා තිබුනා අපි දෙන්නා.

මේ කතා අස්සේ උසස් පෙල ගැනත් සුදු සියා කතා කරද්දී නම් අපි දෙන්නා ශේප් වුනා.
ඕක ඔලුව කැක්කුම හැදෙන ප්‍රශ්නයක් නේ..
කොහොම හරි සුදු සියා ගියයින් පස්සේ අපිත් ඔය කරදරකාර වදකාර ප්‍රශ්නය ගැන හිතන්න ගත්තා.

ඒත් ප්‍රශ්න එනවා කියලත් බැහැනේ ඉතින් උසස් පෙල ගැන හිතන්න වෙනවානේ.
අන්න එතනදි තමයි ලොකුම අමාරු දේ කරන්න සිද්ද වෙන්නේ.
අපේ කොන්වන්ට් එකේ විද්‍යා විෂයන් නැහැ.අපි දෙන්නගේ ඉංජිනේරු හිනෙට පුල්ස්ටොප් වැටෙන්න වෙනවා කියලා දැනෙද්දි හිතට හරි බයයි.

දැනට ටිකක් ඔය ගැන අමතක කරලා ඉන්නවා කියලා හිතාගෙන අපි දෙන්නා අනිත් යාලුවොත් එක්ක විහිලුවෙන් තහලුවෙන් පිස්සුවක් නටාගෙන හිටියා.
සිස්ටර්ලා නිදා ගත්තාම රැ ජාමෙට පාර්ටි දාන්න, එයාලාව බය කරන හොල්මන් විදිහට අදින්න ඔය වගේ වැඩ ඉතින් අපිට සිම්පල්.

දඩුවම් වින්දේ නැ කියුවොත් බොරුවක් නේ..

විදපු ලොකුම දඩුවම තමයි මහ රැ ඇහැරගෙන ඉදලා එලිවෙන කොට නැගිට ගන්න බැරිව හැදෙන ඔලුව කැක්කුමයි,හෙම්බිරිස්සාවයි තමයි.
අපේ සිල්වියා සිස්ටර් දඩුවම් කරන්න ස්වභාව ධර්මයට ඉඩ දිලා බලන් හිටිය නිසා සිස්ටර්ට ගැන හිතේ අහිතක් කිසිම වෙලාවක හට ගන්නෙත් ඒ ඒ වැඩෙන්.

උසස් පෙල ගැන කල්පනා කරකර සකුයි මායි කතා කර ඉන්න කොට තමයි සුදු සියා ඇවිත් ඉන්නවා කියලා සිස්ටර් පණිවිඩයක් එව්වේ.

අද නම් සුදු සියා ඉස්සරට යන්න මං වගේම සකුත් බයයි කියලා මං දැනන් හිටියට මේකිට කොහෙද ඉදපු යකෙක් සෙට් වුනා වගේ මාවත් ඇදගෙන දනිපනි ගාල සුදු සියා ගාවට යන්න ඉස්සර වෙද්දි මං කල්පනා කරේ අද මොනවා වේවි ද කියලයි...
ගිහිල්ලම බලමු, 
"මේ කසි, වරදක් කරලනම් නේ බය වෙන්න ඕන.යමු ගිහින් බලමු."

මං මටම කියාගෙන සකු එක්ක සුදු සියා මුනගැහෙන්න ⁣අපේ කාමරයෙන් එලියට ආවා...

Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න