සුමුදු සුසිනිදු

අද මං කියන්නට යන්නේ මුන ගැසිමට පෙර නම් සෙට් නොවේ යැයි මනසින් හංවඩු ගසා සිටි පට්ටම පිස්සියෙක් ගැනය..
දැන් නම් සුපිරියටම සෙට්ය.
නමින් සුමුදු වුන ඇය සත්තකින්ම ගතිගුන නම් සුමුදුය..මතකයත් නම වගේම සුමුදු ය.😉

මතක ඇති විදියට නම් මගේ නමේ කැල්ලක් තිබුනා වගේය.ඇන්ටිටත් අන්කල්ටත් වැරදිලා සුමුදුටත් ප්‍රභා කැල්ලක් දාපු එකට දුකය.සමහර විට මගේ නම ඒක විම ගැන ඇයත් දුක් වෙනවා ඇත.😋😋

පට්ට මිටරයක් වෙන ඇය ගානක් සුළු කරන්නට අපි ගනක යන්ත්‍ර සොයද්දි ගාන සුළු කර හිතින්ම යටින් ඉරි දෙකද ගසා අවසානය.
එහෙව් මිටරයකි.👍
හැබැයි ඉතින් මු කොහොමද ෆේල් නොවි බේරුනේ කියා සිතුනු අවස්ථාවන් ද තියෙන බව ද මං කියමි.

ඉංජි නොව අයිටි විමට හිනයක් හිතේ තියෙන ඇයගෙන් අපේ ඔෆිසියේ කොම්පියුටර බේරෙන්නේ අනුනවයයි දශම නවයයි තව චුට්ටකිනි.
දෙයියනේ කියා ඒවා අපි හදන්න ට්‍රයි කරොත් බඩුම තමයි කියා අසා තියෙන නිසා අදාල අංශ වලින් ඇවිත් හදනකම් එහෙන් මෙහෙන් අතපත ගෑම පමනක් ඇය අතින් සිදුවේ.
දන්න තරමින් ඇගේ නිවසේ ඇති කොම්පියුටර රාජයා නම් භාවිතා කල හැකි නමුත් නව පරික්ෂණ මට්ටමේ පවතින අත්හදා බැලිම් නියැදියකි.😐

ආපු මුල් දවසේ මං හෙන නපුරෙක් යැයි සිතා සිටි බව ඇය කියුවේ සිනා සිසිය.දැන් නම් එහෙම හිතෙන්නෙ නැහැයි කියු ඔයාට ස්තුතියි හොඳේ.
අපොයි නංගියේ ඔයා දන්නෙ නැතුවාට මේ අක්කා නපුරු වදකාරියෙකි.😃

වර්තමානයේ අපහසුවෙන් ගෙවා දමනා  මගේ දවසේ උදේ අටේ සිට හතරයි හතලිස්පහ දක්වාම මං ගැන උකුසු ඇස් දාගෙන පරිස්සම් කරන්නට පුදුම වෙහෙසක් දරනා ඔයා දෙන්නේ නම් පුදුම සප් එකකි.
අන්න ඒකට නම් තැන්ක්යු ය.😊

හිටි ගමන් අමතකව මගේ පුටුවේ හැපිමෙන් හරි මගේ කකුල පැගිමෙන් හරි මං සුව වෙමින් සිටි දැයි ප්‍රායෝගිකව අත්හදා බලන්නේ ද මේ සුමුදු මය.
අනේ සොරි සොරි කියා නාහෙන් අඩන්නේ ද ඒ සුමුදු මය. 😅

බුදු පහන තියන්නට සියල්ල සකසන්නේ ද ඇයයි.
අපේ ඇන්ටා නැති දවසට රසම රස තේ හදන්නේත් ද ඇයයි.(බොන්නට බැරි වුනත් අපි බොන්නේ හිත රිද්දන්නට බැරි හින්දම⁣යි.)

කැමට නම් උපාධි දෙක තුනක් ගසා ඇති බව නම් කිව යුතුමය..ලාවට සිලිම් වෙච්චි කිලෝ පනහකට හැටකට ලං වෙච්චි ශරිර කුඩුවක් හිමි වුවත් ඇය සෝ කියුට්ය..කෙටිවුත් ලාවට කැරලි ගැසුනාවුත් කෙස් කලඹ පිට මැදට දමාගෙන එන ඇය මට නම් තවත් කියුට් වන්නේ කොන්ඩය පෝනි ටේල් දැම්මාමය.👩




මං වගේම චොකලට් අයිස්ක්‍රීම් වලට අාසා කරන ඇයට හොඳ ⁣තේරිමේ හැකියාවක් ඇති බවට මම සහතිකයක් මේ සමඟම  නිකුත්  කරමි.

අයියාටත් මල්ලිටත් මැදිව මද්දුමිය ලෙසට ආදරේ දෝරේ ගලන පවුලක එකම දෝනි ලෙසට ගෙදර දොර වැඩටත් ඇය රුසි බව අසා ඇත.
හැබැයි ඒ ඇගේම වදනින් ය.
ඇත්ත විය යුතුය .😏

ඔෆිසියේ රුපවාහිනිය ප්‍රවෘත්ති විකාශය වන වෙලාවන් ඇරෙන්නට ඇයට අයිතිය.
ඇය සින්දු පිස්සියෙකි.සින්දු විතරක් විකාශනය වන නාලිකා ඇය ගවේෂණාත්මක පරික්ෂණ මගින් සොයාගෙන ඇති අතර එකම සින්දුව දවසට දෙවරක් විතර ඇසිමේ වාසනාව ඒ නිසා අපිට ලැබි ඇත.

ඒ වගේම පසුගිය දවසක ඇගේ අසාර්ථක පරික්ෂණයකින් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස වෙඩින් පමනක් විකාශනය වන නාලිකාවක් සොයා ගෙන තිබුනි.දෙයියනේ කියා එදා දවසේම කාගෙදෝ මංගල්‍යයක් අපේ වගේ බැලිමට අපිට සිදු විය..😒

මේ ඇගේ පුහුණුවිම් කාලයයි.හැමෝටම උදව් කරන්නට යන්නේ පටන් ගත්ත වැඩේ අතරමැද දමාය.
දෙයියනේ කියා තව ටිකකින් ඇහුවොත් මුලින්ම කල වැඩේ නම් මේ නංගියාට මතක නැත.
ඒ තරමටම මතකය නම් සුමුදුය.විභාග සමත් වුන ආකාරය ගැන ගැටලුවක් මට නම් ඇතිවුයේ ඒ නිසාය.😉

සමහර විට හැම පොතම කබඩයම පෙරලන් ඇය සමහර ලිපි සොයන්නේ තියපු තැනක් ලාවට වගේ මතක තියෙන නිසා ය.
අන්තිමට නොසිතු තැනක සිට ඒවා මතු වෙන්නේ සොයා සොයා හොදටම හති වැටුනාට පසුවය.

මා මේ ඔෆිසියට ඇවිත් යන්තම් ⁣පනක් ආදා සිට රජ කරන්නට ගත් මේස දෙක උදේට Clean and clear  ⁣කර වැඩ පටන් ගත්තත් සුමුදු ට පින් සිද්ද වෙන්නට හවස් වෙනකොට පිස්සිගේ පලා මල්ල තරඟයෙන් පැරදිලාය.ඒ තරමට පිලිවෙලට මේස දෙක තිබෙන නිසා තරඟයේ මුල් තැඟි තුනත් කුසලතා සම්මාන ,ඇගයීම් සම්මාන සේරම මං සුමුදු ටම සින්නක්කර දෙන්නට කැමැත්තෙමි.😝



අස්පස් කර පිලිවෙලට ඉන්නට මමත් හරියට නොදන්නවා වුවත් අස් කරන මං ලඟම ඉදලා වෙන එකෙකුගේ මේස ලාච්චු අස් කර ඒ ක්‍රෙඩිට් එකත් මට සෙට් කරාට තැන්කියෝ ය.
බලා ලිවිම,,,, වැරදුනා බලා ඉගෙනිමේ ක්‍රෙඩිට් මං ඔන්න ඔයාටම දෙනව හොඳද?

තවත් කියුවොත් හවස් වෙන විට ලාවට වැඩ කනපිට ගසා ගන්නත් සුමුදු කියා කනගාව කැගැසුවද ඇයට ඇසෙන්නට ටික වෙලාවක් යැමත් සිදුවෙන අතර ඇස් ඇරගෙන හිටගෙනම සුමුදු ට නින්ද ගිහින් යැයි මට හිතෙන්නේ මේ වෙලාවටය..😏

මං වැඩ කල ඔෆිස් වල පුහුණුවට ආපු අය ගොඩක් දැක තිබුනට ඇය වෙනස්ම අයෙකි.
හරිම හොදය .ටිකක් දගය.
ආදරේ මහ හුඟක් හිතෙන්නේ කලින් කියු කියුට්නස් එකට විය යුතුය..💗

ඉතින් නංගියෝ සුමුදු කියලා නම තිබුනු ඔයාව සුමුදු සුසිනිදු කරපු මම ලියනවා කියු ඔයා ගැන කතාව මෙතනින් අවසන්ය..

හැමදාම ලියනවා කියුවාට මහන්සියට නොලියා ඉදිවි කියා සැනසුනු ඔයාගේ සැනසිම මං නැති කරාය.😁
ඉතින් සුමුදු තව ටික දවසකින් ප්‍රභා අක්කාට බායි කියන්නට වෙන අතර හදවතින්ම පතන්නේ  ඔයාගේ හින ඉටු වේවා කියන පැතුමයි.😊

සුමුදුවෝ මේ ප්‍රභා ගේ හිතේ ඇතිවුන ඔයා ගැන සිතුවිල්ලයි..💓

Comments

  1. Replies
    1. ⁣කාලෙකින් හිතට වැදුන චරිතයක්

      Delete
  2. අදහස් දැක්වීමට මේ තරම් පමා වීම ගැන සමාව ඉල්ලා සිටිමි.සුපිරියට ලියා ඇත.මගේ ජාමේ බේරුවාට ස්තූතියි.�� මුලින් නපුරුයි කියා සිතුවත් අක්කාගේ කෙලින් කතාවට මං ඇත්තටම කැමතිය.මිතුරන්ටත් පවුලේ අයටත් අමතරව මට ළඟින් ඇසුරු කරන්නට ලැබුණේ බැංකුවේ සෙට් එකය.මගේ මේ මාස හතරක පුහුණු කාලය තුල අප අතර ඇති වූ මිතුරුදමත් සහෝදරත්වයත් ආදරයත්
    ගරුත්වයත් එක්වූ ඒ අපූරු බැඳීම කට පුරා "මිස්" , "අක්කා" , "ඇන්ටි" , "අන්කල්" ලෙසින් ඇමතීමට මට කිසිදු චකිතයක් ඇති නොකළේය.තව මාස දෙකකින් මගේ පුහුණු කාලය අවසන් වනු ඇත. මට ඔබ සියල්ල දමා යාමට කාලය එලැබෙනු ඇත.දැන් නම් එය මතක් වෙන කොටත් දුකය.නමුදු ඒ මතකයන් හිත්වත්කම් සදාකල් හිතේ රැඳේවි.ඊළඟ පියවර මා මැවූ ලොකුම සිහිනය වන සරසවි සිහිනය බැවින් සිතේ යම් සතුටක් නැතුවාම නොවේ.ජීවිතය එසේය.කිසි විටක එක් තැනක නොනවතිනු ඇත.අප කැමති වුවද අකමැති වුවද එය ගලා යයි.ඒත් හරිනි අක්කේ ඔයාට දැන්මම නම් බායි කියන්න බැරිය.ඉක්මනට සනීප වෙන්න අක්කියෝ!!��
    (සීරියස් වැඩිද මංද)��

    ReplyDelete
    Replies
    1. මං නොදන්න නංගිගේ සිරියස්.
      ලියන්නට තවත් දේවල් එකතු වෙනු ඇත.

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න