හැඟිම්


ප්‍රේමය ආදරය එක ලඟ එකට කියවෙන වචන.
ඉතින් ඔය පද වැලේ තැනක මිමිනෙන වචනයක් තමයි රාගය.
සමහර වෙලාවලට සම්බන්ධයක පැවැත්ම රඳා පවතින්නත් මේ රාගික හැඟිම් එක්කමයි.

ඉතින් නුඹ මගේ සිතැඟි තේරුම් ගන්නේ මං ඒ සිතුවිලි සිතන්නට පෙර සිටමයි.
අපි ආදරය කරා ,
ප්‍රේම කරා.
ඔව් ඒ දෙයාකාර වචනයන්.

ඒ වගේම රාගික හැඟිම් වලට වහල් වුණා.
නුඹ ලඟදි මම වගේම මම ලඟදි නුඹත් අවනත නැති සිත් අවනත කරගන්නට වෙර දරන අන්දම ,
හිතන්න පුලුවන් ද ඒ හැඟිම..

ඉතින් නුඹේ ඔය නා දලු වන් දෙතොල මගේ රළු දෙතොලට මැදි වෙද්දි
පුංචි මුවැත්තියක් කොටි හපුවෙක්ගේ ලඟ ඉන්නව වගේ බයක් නුඹට දැනෙන්න ඇති.

මට සමාවෙයන් මගේ මැණික රිද්දන්න හිතුවෙ නැ මම.
මගේ රං කැටේ මගේම වෙන නිමේෂය ඉක්මන් කර ගන්න හදිස්සිය නිසායි ඒ දේ වුනේ.
ඉතින් නුඹ හා මම අපේ ලොවකට පියමැන්න ඒ සොඳුරු මොහොත නුඹේ ⁣සොඳුරු සුකුමාල ගත මගේ ගොරෝසු හැඩිදැඩි ගත සමඟ මුහුවෙද්දි වේදනාව දුක සතුට පිරැන මහා අමුතු හැඟුම්න් පොකුරක නුඹ අතරමං වෙන්න ඇති.
නැ නෙවෙයි මැණික .

මං ඒ හැඟිම වින්දා නුඹ නිසා.
මං ආදරෙයි ඒ මොහොතට.
ඇත්තෙන්ම මං ආදරෙයි මහ හුඟක් නුඹ හට.
කොහොම කියන්නද කියලා නොතේරෙන මේ විසේකාර හැඟුම්
මං වෙන කවුරුන් ලඟ කියන්නද නුඹට හැර.

නුඹයි මගේ සිත්ගත්තී.
නුඹයි මා අත්ගත්ති.

ආදරෙයි සංසාරේ පුරාවට..

ස්තුතියි නුඹට මට මාවම අලුතින් මවා දුන්නාට...

⁣ජිවිතයේ අරුත හරිම හරි විදියටම කියා දෙන්නට වෙහෙස වුවාට හරි හරියට මෙමට...


උපුටා ගත් රූපසටහනට එක් කල හැඟිමකි



Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න