74. නුඹ මම හා ඇය
ගෙවා ආ මග කොහේ
කොතනක වැරදුනී
මා වැරදි බව කියන නුඹ
අමතක කරපු බෝ දේ ඇතී
නපුරු චරිතය දුශ්ට චරිතය
නපුරු චරිතය දුශ්ට චරිතය
රගපාලා මට හරි හතී
මගෙන් දුර හිත
මගෙන් දුර හිත
හිර නොකර නුඹ
ඇගේ වෙනවානම් හරී
අඩා වැලපී පලි දරන්නට
අඩා වැලපී පලි දරන්නට
කාලයෙන් ඉඩකුත් නැතී
කිසිමදා නොඇසූ කතාවක්
කිසිමදා නොඇසූ කතාවක්
සැගවී එතැනත් ඇතී
නොකීවට නුඹ ආස බෝදේ
නොකීවට නුඹ ආස බෝදේ
දෙන්න ඇය හට හැකී
සමුගනිමු අපි හිතේ ප්‍රේමෙන්
සමුගනිමු අපි හිතේ ප්‍රේමෙන්
මමයි නුඹගේ පෙම්වතී
14.03.2022

Comments
Post a Comment