22. කෙසේ පිළිගමි



මතක සිතුවිලි සිතට වද දෙන
දිනය හා මා සබැඳිලා අද
මිතුරියේ ඔබ සැඟවිලා ගොස්
ක්ෂිතිජයේ සැඟවෙනා හිරු මෙන
හෙට දින දි හිරු යළිත් නැඟ එයි
එසේ ඔබ යළි එතැයි සිතනට
ධවල දජයන් දිරි නොදෙයි මට
කනට කොදුරා විහිළු වදනක්
කිකිණි නද විසිරුවා දස අත
එකට සිටි අප වෙන් වෙලා අද
මෙලොව මා තනි වෙලා සදහට
පියා දෙනුවන් ධවල කන්‍යා
වැතිර සිටියා පහන් එළි මැද
කෙසේ පිලිගමි වෙන්ව ගිය බව
ළැබැඳි යෙහෙළිය කඳුලෙ තනිකර

(2006-2010)



Comments