රස්සාවට යන අම්මා


දැන් ජිවිතය ඉස්සරට වඩා වෙනස්ය. 😒

පවුලක පිරිමියා පමනක් නොව කාන්තාවද හරි හරියට ජිවිත අරගලයේ යෙදෙනු වස් රැකියාවක නිරත වෙයි..කාන්තාවක් රැකියාවක නිරත විම සමාජය දකින්නේ විවිධාකාරයෙනි..

අපි හරි මග යයි නම් එක එකාලාගේ කතාවන්ට හිත යොමු නොකර සිටිය යුතුමය..
නැත්නම් බෙර පදේට නැටවෙනා නැට්ටුවා මම වෙනා කියා ඉන්න තමයි වෙන්නේ.

මම ද රස්සාවට යන්නෙමි..තවමත් විවාහ ජිවිතයේ බරක් පතලක් හිසේ නැතත්  පෙම් ලෝකය තුල රස්සාව නිසා සමහර විට ගැටලු ඇති වුවද ඕන දෙයක් සුභවාදිව දකින ප්‍රභාගේ සිතුවිලි හොදින් වටහා ගත් දිල් නිසා මගේ ගැටලුවලට විසදුම් හැම විටම  ඇතිය..
ඉතින් අනාගතය ගැන බියක් හිතේ නැතිය...
කොහොම වුවත් රස්සාවට වඩා පරස්තාවට කැමති මං ගෘහණියක් ලෙස සමාජ ගත විමට අනාගතයේ ඇති ඉඩකඩ වැඩිය.( අනාගත කාල වාක්‍යයකි )😁😁

සිතුවිල්ල ඇය ගැනය..මගේ මුර දේවතාවිය ගැනය..සිතුවිලි දහසක් ලියුවද මදිය අම්මෙ නුඹ නමට....💖

මගේ අම්මා ද රැකියාවක් කල අතර තවමත් රැකියාවෙහි නිරත වෙයි.

ඇය ගුරුවරියෙකි.

මෙලොව තිබෙන උතුම්ම වෘත්තියේ ඇය නිරත වෙන බව අතර එය උපරිම අන්දමින් ඉටු කිරිමටද ඇය කිසිදා පසු බසින්නේ නැත.. දැනුම සොයා පිපාසිත ඇය තමන් ලබා ගන්නා දැනුම බෙදා දෙන්නේ කිසිදු ලෝබ කමකින් තොරවය.
පුලුවන් එකා බැරි එකා කියා සමහර ගුරැවරැන් ලමයි වර්ග කරන් සිටියද අම්මාට හැම ලමයෙක්ම ඇගේම දරැවන් හා සමානය..
ඇය ගෙදර දොර කුදු මහත් වැඩ කටයුතු ද ඉටු කර නිවැරැදි වෙලාවෙ රාජකාරියට වාර්තා කරන්නෙ පුරැද්දක් වශයෙනි..

රාජකාරිය දේවකාරිය ලෙස සලකා ඉටු කලද මා හා නැගනියගේ කටයුතු අතපසු විමට ඉඩ නොදුන්නේ වැඩ කලමණාකරනය පාඩම අපිට ආදර්ශයෙන් පෙන්වමින්ය..

අද ඇයට සතුටු විය හැක.😊

මා ශ්‍රම බලකායේ ප්‍රබල පුරුකක් බවටත් නැගණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක බවටත් පත්වන්නේ ඇයගේ තුල තිබු අසිමිත ධෛර්යය නිසාය.

ඇය මේ සියලු දෙය කරන්නේ නාවික නිලධාරී සැමියා උතුරුකරයේ සිය රාජකාරිය කරද්දිය..ඇගේ මවත් පියත් ඇය වටා මහා පවුරක් ලෙස සිටිම ඇයට මහත් රුකුලක් වු බව නොරහසකි .

දරුවන් පාසල් වලට ඇතුලු කිරිමට දුව පැන ඇව්දින්නට වුයේ ඇයටය..මා පාසලට ඇතුලත් කලද නැගණිය මාස ගණනක් ප්‍රමාද වි පාසලට ඇතුල් කිරිමට සිදුවිමේදි ඇය පෙරළිකාරියක වුවාය..

එමෙන්ම උපේක්ෂාවෙන් තමන්ට ලැබුනු විදේශිය පුහුණුව ද සිඟිති දියණියන් නිසාවෙන් අමතක කරන්නට තරම් හිත් සවි ඇත්තියක් විය..

මාසයකට දෙකකට වරක් දින දහයකට නිවසට එන සැමියාට අවංක කිකරු ආදරණිය බිරිඳක් විය..

ඇයට විවිධ භූමිකාවන් රඟ දැක්විය හැක.මේ දිනවල ඇය වෙද හාමිනේ කෙනෙක් වි ඇත.

කකුල් අතපය කඩාගත් දියණිය හොඳ කර ගැනිමට වෙද ගෙදරින් කියනා පත්තු හදයි. තෙල් ගා තවා පත්තු ගා නිවැරදිව ඒ කටයුතු කරයි..නමුත් ඇය රාජකාරිය ද අනෙකුත් කුදු මහත් කටයුතුවල ද යෙදෙයි..

දියණිය මහ රැ පුරා අවදියෙන් පාඩම් වැඩ නම් ඇය පුටුවක් උඩට වි තනියට ඉන්නේ කෙසේ දැයි මට නොහැගේ.ඇයට නිදි මත ඇතිය.නමුත් එය සඟවන්නිය..

වත්මන විශ්‍රාමිකව වෙසෙන සැමියාගේ වතුපිටි වල වැඩ ගැනද බලන්නිය..

රස කැම වර්ග විවිධාකාර අන්දමින් සාදා දෙමින් අපිව පෝෂණය කරන්නීය.
ඇය අපේ තේරිම් ගැන හොදින් දනි .මන්ද ඇය අප ගැන සෙයා බලනා බැවිනි.

වේදනා දරන්නිය අපේ සැප පතන්නීය.

ඇය ස්වාධීනය.ආර්ථිකය ශක්තිමත් ය.දනට පිනට ද දෙන්නිය..පෝයදා සිල් සමාදන් විමෙහි ද යෙදෙන්නිය

මුහුනේ සැම විට රැදුනු සිනාවෙන් සැම විටම සිටිනා ඇය මහ ගහක් වැනිය.🌳
සෞම්‍ය සුළං දහරා හමුවේ ද චණ්ඩමාරුත හමුවේ ද එක ලෙස නොසැලී සිටියි.

මෙවන් වු දෙය කරන්නේ රැකියාවැති ලඳකව සිටයි.රාජකාරිය කරනා ස්ථාන වල ද  ඇය නිවැරදි නිසි පරිදි පිලිවෙලට වැඩ කරනා සත්‍යගරුක අයෙකි.

මං ඇගෙන් උගත්තෙමි.
රාජකාරිය කරන්නට ගොස් අනික්වා අත නාරින්නටත් අනික්වා නිසාවෙන් රාජකාරිය අත නාරින්නටත්..

ඇය මගේ අම්මා නිසා නොකියමි.

ඇය වගේ සමබර වුවහොත් ලොවම දිනිය හැකිය...

ඇය වගේ වෙන්නට ආසා කරමි..👭

අම්මේ නුඹට මං ගොඩක් ආදරය කරමි💓


Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න