32. බුදු පියතුමා



නිමල බුදු දහම් ගඟුලෙ ගිලෙන්නට
පියාණෙනි මට දෙනු මැන අවසර

ඉපදුණු දිනයේ මෙමා රජ මැදුරෙ
තනිකර තපසට ඇයි ද ගියේ

සක්විති රජ සැප එපා ය මා හට
බුදු පියතුම ඔබෙ තුරුලෙ ඇතී

ආවත් ඔබ හා පොඩි හිමියන් වී
මවගෙ කදුළු දුක සිතෙහි ඇතී

මව්තුමියට පින් පිරෙන්න ආදර
සසරෙන් එතෙරට යන්න හැකී

ඒ ඇති පියතුම ලැබදුන් දායද
ගෙනවිත් සුළැගිල්ලේ පටලා

පිය සෙනෙහස මට ලැබ දීලා





(2005)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න