කොම්පියුටර් පන්ති


"If u have played this game,then your childhood was awesome"
  ඒක නම් ඉතින් මොන භාෂාවෙන් කියුවත් ඇත්තය.මේ ගේම ගැසු නිසා පමනක් නොව එ් හා බැදි පවතින්නා වු සමස්ත ක්‍රියාවලියම නිසා මගේ ලමා කාලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම awesome ය .
මේ ඒ ගැන කතාවයි.....😍
මතකය හරි නම් අම්මලාගේ විභාගය (අපෙ අම්මාට නම් ඒ ගැන වගේ වගක් නැත.මගේ ආසාවට කල විභාගයක් නිසා ඇය දුක් වින්දාය) අවසන් වු කාලයේදි ⁣කොම්පියුටර් ඉගෙනිමේ මහා ආසාවක් මට හට ගත්තේ රැල්ලට විය යුතුය.අපේ අම්මා මගේ පරිස්සමත් හොඳ ගුරැවරයෙකුත් යන දෙකම බලා මාව අල්ලපු ගමේ (ඕක අපේ අම්මියාගෙ ගම) පන්තියකට යවන්නට පටන් ගත්තා.

පන්තිය හොදය.කියා දෙන ඒවත් හරි ශෝක්ය..උගන්වන මිස් සුදු ලස්සන අක්කියෙක්ය.(බැදලා තිබු අයියා කලුම කලු වුනේ ඇයි කියලා කල්පනා කරන්න මං පැය ගනන් වැය කරේ ඒ නිසාමය 😈)
 මොනව උනත් තනිවම ඉගෙන ගත් පන්තියට අපේ ගමේ කොලුවෙක් එනවා යැයි මිස් කියුවාම මං බලන් උන්නෙ මොකාද කියා බලා ගන්නය.ඒ කොල්ලා හරි හොද වස සැර කොල්ලෙකි.දැක්ක තැන රණ්ඩු විමට ඒකව දැක්කාම මට හිතෙන්නෙ ඇයිද මං දන්නේ නැත.මං අද වගේම ඉස්සරත් නොසැලි හිටිය නිසා ඒක⁣ගේ ආගමනය මට බලපැවෙ නැති තරම්ය..

තරඟෙට සටහන් ලියපු අපි දෙන්නාගේ ආසම දවස practical දවසය.එදාට වෙනදාට හැදෙන පොඩි නිදිමතද නැත.දෙයියනේ කියා මිස් කියා දුන් word වල අකුරු දෙක තැනක් ලියා paint වල බලි රැ වලින් හැඩි කරලා power point පැත්තෙත් පොඩි විසිට් එකක් දාන්න පැය භාගයක් විතර නාස්ති කරන අපි දෙන්න ඉතිරි පැය එකහමාරම කරේ games ගැසිමය. (පැය දෙකයි පන්ති තිබුනෙ අපිට හොදේ ) ඒ වෙලාවට නම් උගෙයි මගෙයි එදිරිවාදිකම් නැත.මිස් ගෙන් බැනුම් නාහා කොම්පියුටර ගේම ගැසිම අපේ එකම ගේම් එක වුනේ එක හිතින්මය .අප දෙන්නාගේ පට්ට කැමතිම ගේම වුනේ මං උඩදි කියපු ඩිෂුම් ඩිෂුම් ගේම කියලා මිස් හොදටම දැනන් හිටිය බව මට නම් 1000% විස්වාසය .
කොච්චර ගේම්  ගැහුවත්  අපි දෙන්නා පන්තිය අන්තිමේ ලියන්න දිපු ⁣පුරශ්න ටිකට තිතට උත්තර ලියලා සහතිකත් ගත්තානේ...
(විස්වාසය පරම ප්‍රේමයයි ,,කවුරැවත් කියුවේ නැ එහෙම ...ඒක මේ මං කියුවේ.ඔයා නිකන් කැතට බලපු නිසයි)
තව ති⁣යෙනෝ ...
පන්ති ඉවර වෙන වෙලාවට අපේ සියා ඇවිත් ඉන්නවා මාව එ⁣යාලහ එක්කන් යන්න හරි එතනින් යන බස් එකකට නග්ගවලා ගෙදර එවන්න හරි..ඔන්න ඉතින් ඔය වෙලාවට තමයි මට අර කොල්ලව රන් වගේ වෙන්නේ..මොකො මං සියා එක්ක හුරතල් වෙලා 🍬  ටොෆියක් දෙකක් අරන් එනකල් එයා ඉතින් බස් එක නවත්වන් ඉන්නවානේ..
මං ඉතින් එයාටත් ටොෆියක් දිලා බස් එකේ එන්නෙ හරියට එයා බස් එකට පරක්කු වුනා වගේ තමයිලු ඉතින් 😋

පොඩි කාලේ මං එක්ක එකට කොම්පියුටර පන්තියෙ ජිල් බෝල game ගහපු කොල්ලා අද software engineer කෙනෙක් කියලා මං කියන්නෙ හදපිරි මෙව්වා එකෙන් ඕං ...කාටද ආඩම්බර .මේ මටනේ මටනෙ ඉතින්..
..අනිත් අතට එ් දවස් වල අලි වලි(මොනවට රණ්ඩු වුනාද මතක නැනෙ අප්පා) තිබුන ඒ කොල්ලයි මේ කෙල්ලයි අදටත් මරා ගන්නව කියලා නම් නොකියම බැ..හැබැයි දැන් නම් ඒවා ආදරණිය රණ්ඩු ..💓💓. (බත් හැලිය ඉදෙන කම්වත් වෙලා යන්නෙ නැ යාලු වෙන්න ආයෙ...)
👍 ඉතින් මගේ ලමා කාලෙ awasome කියන්න පුලුවන් නේද මෙයා ?

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න