අතිතයෙන් අනාගතයට යමින්


ආයෙමත් මීට අවුරුදු බර ගානකට කලින් වගේම දවසක් ඇවිත්..
වැඩියෙ නැහැ අවුරුදු පහකට චුට්ටක් වැඩි ...

ඒ කාර් එකේම නැගලා තාත්තත් එක්න අායෙමත් ඔෆිස් එකට..එදාට වඩා අද වෙනස් ..අම්මත් මේ දෝණි එක්ක යන්න ඇවිත්..

එයාලා මං ගැන ගොඩක් හිතනවා ඒකයි.අනිත් අතට මටත් හිතේ හයිය විතරයි තියෙන්නේ කියලා එයාලා දන්නවා..(මට හිතෙන විදියට මං ලඟ දැන් ඒකත් නැ)😓

ඒත් හුරුපුරුදු ඔ⁣ෆිස් එකට නෙවෙයි යන්නෙ කියලා හිතන කොට හිතට නිකන් හරි මොකක් ද වගේ දැනෙනවා.

හුරුපුරුදු යාලුවෝ ටික මගේ වටේ නැ කියලා මතක් වෙද්දි මල කරදරයක් කියකියා ගියත්  අනේ ආයෙත් එහෙ යන්න තියෙනවා නම් කියලා හිතුනවා.😐

දුර වැඩි නිසා ඔයාලා ගාවට මේ තත්ත්වයෙන් එන්න හොඳ නැති නිසා පෙරලුන පිට හොඳයි කියලා මාත් මේ තිරණය ගත්තා ..

හිත නිදහස් .මොකද ඊයේ දිගම දිග මල් පාත්තියක්ම ඒ ඔෆිස් එකේ යාලුවො එක්ක කැඩුවානෙ...💓

එකම ආයතනයක් ඔෆිස් දෙකක්..

හරියටම අදට අවුරුදු හයකට සති ගානකට කලින් මං මේ අද යන ඔෆිස් එකට මං ගියා.
පුංචි දඟකාර කෙල්ලෙක් විදියට කැම්පස් යන්න කලින් දෙන පුහුණුවකට ..

අන්තිමේ මට ඒ ආයතනයේම රැකියාව කරනවා..

අද යද්දි එදා හිටපු අය කවුරුවත් නැ.

තාත්තෙක් වගේ හිටිය සර් විශ්‍රාම ගිහින්..හැම දේම ආදරයෙන් කියලා දුන්න අක්කියා මාරුවීමක් ලැබිලා වෙන ඔෆිස් එකක..සිකියුරිටි අන්කල්ලා වෙන තැන් වල..

ඒත් මං අදත් ඒ ඔෆිස් එකේ දොර ලඟ

හිත ගැහෙන සද්දෙ පිටට ඇහෙයි කියලා මටම බයයි..

හිත හයිය කර ගන්න හේතු හොයද්දි මතක් වුනේ මේ ඔෆිස් එකේ ඉන්න අයගෙන් දෙන්නෙක් මං අදුනනවා ..මොකද එකෙක් ෆිට් බැචෙක්.අනිත් කෙනා එක්ක මං කලින් වැඩ කරලා තියෙනවා අවුරුදු ගානක්..
ඉතින් මේ දෙන්න ඉන්න කොට අනිත් අයව අැදින ගන්න ලේසියි නේ..

දන්න තරමින් මේ ඔෆිස් එක ශේප්..😊

අද ඉදන් ටික දවසක් යනකම් මගේ පවුල මෙයාලා.ගොඩ දවසකට වෙන්නත් පුලුවන් ..😉

ඇවිද ගන්න බැ හරියට, වාඩි වෙලා ඉන්න බැ එක දිගට, තෙල් බෙහෙත් ඇඟ පුරාම ගාගෙන ගවුමක් ඇදලා රබර් සෙරෙප්පු දාපු මාව සාරි අදින අඩි උස සපත්තු දාපු ඔයාලා  මැද්දේ හරි අමුතුවට පෙනුනත් ඔයාලාගේ උදව් නිසා ජිවිතේ ලස්සන කර ගන්න පුලුවන් කියලා හිතෙනවා

මං තිරණය කලේ වෙනම දෙයක්.ඒත් අන්තිම මොහොතේ අතිරේක ක්‍රිඩකයා කරන්න පුලුවන් කියපු නිසා මං මගේ තිරණය වෙනස් කරා..




ප්‍රතිපත්ති වලට නම් ටිකක් පටහැනි ..එ්ත් ඉතින් ප්‍රතිපත්ති ගරුක වෙලා අද කාලේ බැ නොවැ...😉

ඉතින් අද මම ආයෙම වැඩට ,,හරියට වේගවත්ව මේ ගමන පටන් ගන්න අමාරුයි.

එහෙමෙයි කියලා මං අත අරින්නෙ නැැ..

හෙට ඉදන් සති අන්තේ නිසා හොදයි..නැත්නම් මේ ඇගේ පතේ වේදනා නිසා මට අමාරු වේවි..

ඉතින් ටික ටික හුරු වෙමි.ජිවිතය යලි දකිමි..

වෙනස සැප විය යුතුය ..

විනාඩි ගානකින් යාමට හැකි අලුත්  ඔ⁣ෆිස් එකේ මාත් වැඩ කරමි.

කියන්නට තියෙන්නේ

ඔහොම  යන්කෝ 😊


25.02.2018

Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න