20. අහිංසක ආයාචනයක්
ආදරයෙන් මා හට දුන් ඔවදන්
කියු මුවඟ අද ගොළුවිලා
රට දැය රකිනට යුධ පිටියට ගිය
ඔබේ දෙපය අද නැවතිලා
කොහොමද අයියේ ඉවසා ඉන්නේ
මගේ දැස් පොඩි කඳුලු සලන්නේ
ඔබේ සිනිඳු ගත සිතල විලා
වෙනදා නොඑනා තාලෙට ආවා
සුදුවතකින් ඔබ සැරසිලා
මිතුරන් හඩවා සොයුරිය තනිකර
මව්පිය දැසට සමුදුර සමකර
ඔබ තනියම දිගු නින්දට වැටුණයි
මතු අත් භවයෙත් නොවන් මෙවන් දුක්
කරනා පින්කම් පල දිලා
අප සැමගෙම දිවි ආයුෂ ලැබගෙන
ඉපදෙන් අයියේ අප අතරම ඔබ
මගේම අයියා ලෙස විලා..
(2004)
Comments
Post a Comment