10.මිතුරියේ නුඹ





විදු බිමේ නෙතු ගැටුණ දා
සිනා ම⁣ල් පෙති විසිරැවා
දඟකාර කම් කල එදා
අතීතය සිහිනයක් වෙලා
මිතුරන් සොයුරියන් විලසට
ලංව සිටි අප වෙන් වෙලා අද
සොයුරියේ නුඹ කොහේ කොතැනද
සිත සොයයි විශ්වයේ හැමතැන
කලා සපිරැණු පුරා සඳවත
සිහි කරයි මිතුරියේ නුඹ මට
නුඹව දකිනට නුඹව අසනට
නුඹේ දුක ලඟ කඳුලු සලනට
නුඹේ ජය ලඟ සිනා සලනට
නැති නමුදු අවසරය අප හට
අකුරු ඇමිණු මගේ පද වැල
රසඳුනක් නම් නුඹේ දෙනෙතට
නිමේෂයකදි හැකි වුනොත් හෙට
දෙනවදෝ දුර ඇමතුමක් මට


(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න