27. කෙසේ දෝ පා නගන්නේ







කුමරියක පතනියක වී
අද පිරිවරා ගත්
අසිරි ගී මැද
දෙනෙත් යොමු කොට
කළඹ දෙසටා
එයත් ගෙන ඔබ
දුරස් වුවා
මල් වැටී විසිරුණු මාවතේ
පියවරින් පියවර
දෑලි බැඳගෙන
ඇවිද ගිය අපි,
මඟුල් පෝරුව
මතට නැඟ ඔබ
මා තවම ඔබ දෙපා පාමුල
මැවුණු ලොව අද
සුන්⁣වෙලා ගොස්
මිතුරු මගෙ අතිනත
ගෙනේ ඔබ
සිනාසෙනු මට පෙනෙයි
ඔබ නම්
හිමි නොවු ඔබ දකින මා හට
නිරුදක වූ සිනහව
කෙසේ දෝ පා නගන්නේ..

(2006-2010)



Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න