34.මිතුර





සසර සරන එක් භවයක
මිතුරෙකු ලෙස මා වෙත ආ
නුඹව තමයි සසර පතා
මා ආවේ දිගු ගමනක්
අමාවකට එලිය වෙලා
මරු කතරට දියක් වෙල
හැම මොහොතෙම ලඟම ඉන්න
නුඹම තමයි මා පැතුවේ

නුඹට ලංව ඉන්න ආස 
මගේ පැතුම් බොඳ වන්නට
කවදාවත් එපා මිතුර 
මගේ ලඟින් දුරක යන්න
නුඹ නොමැතිව තත්පරයක් 
මට කල්පය තරම් දිගුයි
නෙතු කඳුලැලි මට නපුරුයි
සත්තකින්ම අපි දුරකයි
ලංව ඉන්න මට ආසයි



(2006-2010)

Comments