දෙවෙනි මනමාලි විම

මං කැතය..හිත පිලිගැනිමට අකමැති වුවද ඇත්තම අැත්ත එයය..මං සුදු නැත.උසට සරිලන මහතකින් ද යුතු නොවේ.පිට මැදට ඇති කෙටි කොන්ඩයත් හදිස්සි⁣යෙන් හිටෙව්වාක් මෙන් ඇති දත් සෙට් එකත් බෝල ඇසුත් ඇති මා හරියන්නේ අපායේ කැලැන්ඩරයට බව මා තිරණය කරේ මෙයින් වසර බොහෝ ගනනකට පෙරය.
හැබැයි මට හිතෙන තරම් මං කැත නැති බව මුලින් ම තිරණය කරේ ඔහුය.එයට නම් පින්ය.රටේ මෙචච්චර කෙල්ලො ඉද්දි මාව ඔහුගේ තේරිම විය..(ඔහු කන්නාඩි පාවිච්චි නොකරන නිසා විතරයි මං පිලිගත්තේ💓)

හරි හරි දැන් කියන්නේ තමන්ගේ ජිවිතේ ලස්සනම දවසේ මාවත් ලගින් තියා ගත් මට අනුව නම් නට් එක ලුස් දෙදෙනෙක් ගැනය..හරියටම කියුවොත් හතර දෙනෙක් ගැනය .මොකද වෙන්ඩ නෝනාගේ බසට ගරු කල අයියා මහත්තයලා නැති නම් මගේ හින කුඩුය.
මනාලියක් වෙන දවසට දැන් නම් චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා වැදගත් වෙන්නේ අ⁣රෙහෙ මෙහෙ හරව හරවා ගහනා ජායාරූප ටිකය.වෙඩිමෙන් පසු පලමු දරැවාගේ පලමු උපන් දිනය දවසට විතර ලැබෙන වෙඩින් ඇල්බමය ඉතාමත් වැදගත් මතක සටහනක්ය..මාත් ඉතින් දෙයියනේ කියා එවැනි ඇල්බම් දෙකකම ඉන්නට පින් කර තිබුණි.



කැත මටත් දෙවෙනි මනමාලියෙක් වෙන හිනයක් හිතේ තිබුනත් එවැන්නක් ඉටු වේයැයි එම හින වලදි හිතන්නට හිත මැලි විය .නමුත් ඇය දිනක් විමසුවේ "නංගි මගේ දෙවන මනමාලි වෙන්න කැමතිද "කියාය.මං හිනා වුනෙමි .බඩ අල්ලන් "අක්කේ කන්නාඩි දෙක මාරු කරමු "යි කියමින් කදුළු එනතුරු සිනාසුනෙමි😂😂. නමුත් අවසන ඇගේ මඟුල දවසේ උදැසන එකේ දෙකේ සිට ඇද පැලද මහා ෆොටෝ සමයමට දායක වුනෙමි.

ඔය හොදටම ඇති යැයි සන්සිදුනු ආසාවන් ඇතිව සිටි මට වර්තමාන ජිවිතයේ දුක සැප දෙක සමව දරනා යෙහෙළියගේ මඟුලේද දෙවැන්නා විමට සිදුවිය.ඇය කන්නාඩි නොදැම්මද යාලු ෆිට් එක නිසා දෙවැන්නා විමේ වරම මට ලැබුනි.(කලින් මනමාලි අක්කා කන්නාඩියට හුරු වු කෙනෙක් හොදේ😉) ජයටම ජායාරූප සමයම මේකෙත් තිබුන අතර  ජායාරූප ශිල්පියෝ දක්ෂයෝ වු නිසාත් මුනේ මැටි ගෑ අක්කලා ඇන්ටිලා දෙවරම හොඳ වු නිසාත් ඒවා ලස්සනය..ඉතින් මමත් ලස්සනය..💃

ඔෆිස් එකේ කට වැඩි මගේ හිනාවට අකමැති උගත් පිරිසගේ බසට විරැද්ධව මාව දෙවෙනි මනමාලි කර ගත් ඔබට මාගේ තුති..මංගල්‍යයට ඇවිත්" අනේ ප්‍රභා හරි ලස්සනයි ඔයා"  මට කියු එයාලා ඔයාලට මංගල්‍යයට පෙර කියු කතා මං නැසු කන් ඇතිව අසා සිටි නිසා හොදය.නැත්නම් දත් නැතිව බත් කැමට හැකි වන්නට තිබුණි.😠

කෙසේ හෝ දෙවැනි මනමාලියක් ලෙස දෙවරක් සහභාගි විම නිසා අම්මලාගේ මතය අනුව යලි දෙවැනි නොවිමට මං සිතා සිටින නිසා මට ඉල්ලුම් පත්‍ර නොදෙන ලෙස හෙට අනිද්දා බදින්නට ඉන්නා අයගෙන් ඉල්ලා සිටින්නේ දුකින් වුවත් ඉමහත් සතුටිනි..මන්ද යත් එලිවෙන පාන්දර එකට දෙකට නැගිට සැලෝන් අක්කාට ඕන පරිදි ඇහැරිලා ඉන්නට මට බැරිය.



මං ලස්සන නිසා ලැබුන අවස්ථාවන් යැයි සිත රවට්වා ගෙන සිටි මා නැග සිටි මුරුංගා අත්තත් කඩා ගෙන බිම වැටුනේ පහුගිය දවසක මුහුනු පොතේ එහා මෙහා සැරි සැරු සටහනක් හේතුවෙනි.එහි තිබුනේ දෙවන මනමාලියක් ගන්නේ මනමාලියට වැටෙන භූත බැල්ම මඟ හැරවිමටය.භූතයා කන්ෆියුස් කිරිමටය.
අනේ දෙවියනේ අරුන් දෙදෙනා මාව ගොනාට අන්දලාය..මාව තෝරාගෙන තියෙන්නෙ භූතයන් චුං කිරිමට ය..

මාරාගෙන මැරෙන්නට හිතෙන්නේ මේ වෙලාවටය. 😡
මගේ සිගිති හිතත් සමග සෙල්ලම් කරලාය..කමක් නැත..අඩු තරමේ මට එවැනි දුකකින් හෝ මගේ සුදු අක්කලා බේරා දිමට ඉඩ ලැබුනායි සතුටු වෙමි..අනිත් අතට අපායේ කැලැන්ඩරයේ ෆොටෝත් මගේම නිසා (මං කලින් කියුවා හොදේ ) භූතයන් මාව දැක චුං වෙන්නේ නැත..ඇල්ම බැල්ම වැටුනා නම් වැටෙන්නේ ඔයාලටමය...

ප.ලි: හරි හරි ඕකට බනින්න ඕනයැ...තැන්කියෝ හොදේ මාව දෙවෙනි මනමාලි කර ගත්තට....

Comments

  1. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_36.html

    ReplyDelete
  2. Mata man deweni manamali una hati mathak una 😂😂 math hitha gaththa ai nam jeewithe athi thura manamali dawasatawath saloon yanne na kiyala.

    ReplyDelete
  3. හම්මේ ... බඩතයි හකු දෙකයි මූණයි ඔක්කොම රිදෙනව හිනාවෙලා ... ඔහොම යං 👌

    ReplyDelete
    Replies
    1. හිකිස්...
      මං ඔයාව හිනා ගස්සලා මරන්න ට්‍රයි කරලාද?
      ස්තුතියි 😊

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න