30. පියතුම මගෙ
මව් සෙනෙහස අහිමි මවෙත
ඔබයි මවක් වුයේ
මහ මෙරකට වැඩියෙන් ඔබ
ජිවන බර දැරුවේ
දියණිය හට මව නැති බව
නොදැනෙන්නට මෙන්නේ
දුක් වින්දා හැම දිනකම
නෙත් තෙත් කරමින්නේ
ඔබේ සතුට කැප කෙරුවා
මා ගැන සිතමින්නේ
සුළු මව් සෙනෙහසක් මවෙත
නැත ගෙනවිත් දුන්නේ
ඔබෙ සෙනෙහස සිහිවන විට
මා හද කකියන්නේ
හොර රහසෙම මා හැරදා
මරු හා ඇයි බැදුණේ
මතු භවයෙත් පියතුම මගෙ
ඔබ වේවයි පතමි
සෙනෙහෙ සිතින් ඔබෙ නාමය
මම නිති සිහි කරමි
(2007)
(2007)

ගජමන් නෝනා තම පියාගේ වියෝව ගැන කියා තියෙන දුක් බර කවියක් මතක් උනා!
ReplyDeleteස්තුතියි ඔබට
ReplyDelete