ආදරයේ උල්පත

ජංගමය අතට ගත්තේ නුඹ අමතා පරිස්සමින් ගියා දැයි අසන්නටය.කියන්නට යමක් ද හිතේ විය.

අංකය ඇතුලු කොට පසකින් තැබුවේ පසුගිය කාලයේ ජංගමය නුඹ ඇමතිමේදි මිමිණු හින්දි ගිතය හින් හඩින් මුමුණමින් ය.

නමුත් ඇසුනේ වෙනත් පදවැලකි.වෙනස් තාලයකි..

අසා සිටියෙමි.කදුලු වලකා ගන්න නොසිතුවෙමි.ගැලු කදුලට ඉඩ දෙන්නට පසෙකින් ඉඳ ගතිමි..😢😢

නුඹ ජංගමයට පිළිතුරු නොම දුන් නිසා එහඬ අවසන් වන තුරුම ඇසුවෙමි..

ඇමතුවේ ඇයි දැයි මට අමතක විය.කියන්නට පෙල ගැස්සවු කරුණු පේලි කැඩි ගොස්ය..නමුත් නුඹ ජිවිතයේ සිතන්නට යමක් මට ඉතිරි කර තිබුණි.

නුඹ අන් අයට වඩා වෙනස්ය .නුඹ බෝසත් පුතෙකි..නුඹ ඇයට නුඹේ පනටත් වඩා ආදරේ බව හැදින ගත්තෙමි.ඇය සමඟ සුරතල් වන හැටි දැක්කෙමි.ඇය සමඟ බොරුවට රණ්ඩු වන හැටිද තරහ වෙන හැටි ද දැක්කෙමි.ඇය අසල සිටින්නට ආසා කල බවත් දැක්කෙමි

නු⁣ඹේ ආදරය නුඹේ දැසින් මෙන් ම ඇයගේ දැසින් ද දැක්කෙමි.ඒ ආදරය පිවිතුරු ය.මට ලියන්නට වචන නැති එකී ආදරය මෙලොව උතුම්ම ආදරයකි.

මම නුඹේ කදුලු දැක ඇත්තෙමි.එය මගෙන් සඟවා ඉන්නට උත්සාහ කල ද නුඹ මාවද එදා හැඬවුයේ දරා ගන්නට නොහැකිම තැනදිය.එදින ඇය අසනිපයෙනි..අදත් එසේමය..

නමුත් ඇය මට හමුවු හැම වාරයකදිම යම් විශේෂිත බවක් මට දැණුනි .මන්ද මේ ජිවිතයේ මං ලද සුන්දරම තිළිණය ඇගෙන් ලැබු නිසාවෙනි.එමෙන්ම ඇය ශක්තිවන්ත ය. පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස දකින උපේක්ෂා නෙත් ඇත්තියකි..

ඇය යලි සිනාසෙන විට නුඹ ශක්තිමත්ව සිටිය යුතුය..දුක්බර කාල හැමදා රැදෙන්නේ නැත.වසන්තය ලඟ ලඟම එනු ඇත..💗

ඔහු මට ආදරය කියා දී ජිවිතය වර්ණ ගන්වන විට නුඹ නුඹේ ඇයත් සමඟ එකතු වි අතපසු වි ගිය මගේ ඇය පිලිබඳ සිතන්නට මගක් එලි කරන ලදි..නුඹට තුති පුදන්නේ ඒ නියාවෙනි.

මා අද නුඹෙන් උගත්තෙමි.අතිතයේ සිට කියු දෙය සත්‍යක් කියා..මව හා පුතු අතර ඇත්තේ කිනම් සබැඳියාවක් දැයි කියා.

ඉතින් ඔහු නිසා හෙට මගේ සුළැගිල්ලේ හිමිකම් කියන්නා නුඹ වැන්නෙක් නම් මා ඇය තරමටම වාසනාවන්තියක් වනු ඇත.💝

මෙලොව මා දුටු ආදරණියම පුතු නුඹයි

නුඹවන් පුතෙකු ලද ඇය පින්කඳකි

එකකුස බෙදා නොගත්ත ද නුඹෙන් අක්කා යැයි අසන්නට මා ද පින් කර ඇති නිසාවෙන් සියුම් ආඩම්බරයක් සිත පුරා පැතිරෙමින් පවති..

නුඹට යලිත් තුති පුදමි..ජංගමයෙන් ඇසෙන ගී හඬ වෙනස් කර මගේ අම්මා ගැනත් සිතන්නට කාලය සොයා දුන්නාට.

එම ගී හඩ යලි යලිත් සවනත වැකේවි..මා ද මුමුණමි...

ආදරයේ උල්පත වු අම්මා
මා ඔබගේ පුතු වු
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී.....

(ප්‍රේමකිර්ති ශුරින් ලියා වික්ටර් රත්නායකයන්ගේ සංගිතයෙන්  හා කටහඬින් හැඩ වි ඇති අග්‍රගණ්‍ය නිර්මාණයකි)


Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න