සපත්තු SINGER
මට මතකයි ඉස්සරම අපේ ගෙදර කලු සුදු TV එකක් තිබුනා . ඊටත් පස්සේ පාට පාට පේන TV එකක් තිබුනා. ඊටත් පස්සේ ඒ කියන්නේ මේ වෙනකොට අපේ ගෙදර තියෙන්නේ අර පැතලි අලි සයිස් TV එකක්.. හා හා මාර නයි ඇරිල්ලක් නේද? දැන් ඇති නයි ඇරිල්ල ප්‍රභෝ..කතාව කියනෝ.. ඔය පාට පාට රුප පේන රුප පෙටිටියේ හරි ලස්සන සින්දු වගයක් ගියා. අම්මෝ ඒ සින්දු යනවනම් කොහේ හිටියත් TV එක ඉස්සරට වෙලා කටත් ඇරගෙන බලාගෙන ඉන්න එක තමයි මගෙ නම් වැඩේ.. ගොඩක් වෙලාවට ඒ සින්දු ගියේ සිරස TV එකේ.ගායිකාවක්ද ගායකයෙක්ද කියලා හිතා ගන්න බැරි හරි හුරුබුහුටි කෙනෙක් ලස්සනට නට නට පැද්දි පැද්දි සින්දු කියන විදිය බලන් ඉන්න හරි ආසයි. එයාගෙ අර සපත්තු සින්දුවට මං හරිම ආසයි.මාත් ඒ සපත්තු ඩාන්ස් එක පැක්ටිස් වුනා බැරි මරගාතේ හරි එ් කාලේ. ගායිකාවක් කියලා අනුමාන කරාට මං නම නම් දැනන් හිටියේ නැ.ඔන්න කාලෙකට පස්සෙ මං දැන ගන්නවා එයා ගැන මහ හුඟාරියක් විස්තර. මං දන්නවනේ මං වගේම ඔයාලත් එයාට කැමති කියලා.මොකෝ මල සමයං විච්වුරන එයාගේ නැනේ ඒකයි. ළපටි පෙනුමක් තිබුනට (මට හිතෙන්නේ එහෙමයි) 1964 මාර්තු මාසේ 12 වෙනිදා ඉන්දියාවේ මහරාශ්ට ප්‍රාන්තයේ ඉ...