Posts

Showing posts from December, 2018

ජිවිත පොත

Image
මේ දවස් වල මම කියවන්නේ අලුත්ම පොතක්.. ඒ පොතේ මේ දවස්වල කියවන්නේ හරිම ත්‍රිල් එකක් දැනෙන පිටු සෙට් එකක්.ත්‍රිල් එක කොච්චරක් ද කියනවානම් එක ඡේදයක් අනික් ඡේදයට වඩා එහෙම් පිටින්ම වෙනස්... සතුට හිතෙන පොඩි වාක්‍ය දෙක තුනකට පස්සේ දුක හිතෙන පතරංග ජාතක සයිස් ඡේද පිරිච්ච පිටු ගනන් කියවන්න වෙන එක හිතට ගේන්නේ මැරෙන්න තරම් දුකක්.. ඒත් මේ පොතේ මේ පරිච්ඡේදයේම මරණය ගැන වෙන්විම් ගැන අනන්තවත් ලියවිලා තිබුන නිසා ඒ අදහසත් මට එපා වෙලා.. අද කියවපු ලස්සනම ඡේදේ අතරමගදි අත ඇරිලා කලින් මඟ ඇරුණ පරිඡේදයකට අහම්බෙන් කියවන්න ඉඩක් ලැබුණා.. හිතුනෙම නොකියව හිටියනම් කියලා..ඒත් අනාගත පරිඡේදයකට අදහස් මේකේ තියෙනවා කියලා හින්ට් එකක් හම්බුන එකේ ඒකත් කියෙව්වා...මේ පරිඡේදේ ඉක්මනට ඉවර වෙලා රොමැන්ටික් එකක් එනවනම්.... (දෙයියන්ට දෙයියන්ගේ හාල් කැවිමෙන් පසු ලියු මගේ ජිවිත පොත හෙමිහිමිහිට කියවමින්.....)

50. දැරිම

Image
නුඹ දරන්නට හැකිද නොහැකිද නොදැනම දරන්නම් මා කියු එදා ගෙවි ගිය මහ හුඟක් කාලය මට නුඹ දරන්නට හැකි වග පැවසුවා  හිත් රිදෙන දේ වුනත් විටකදි  නුඹ මගේ ලොව වු නිසා  දරා ගත්තෙමි කදුලු සඟවා  සිනා මල් පෙති විසුරුවා  දරා ඉන්නම් හෙටත් මා නුඹ  සසර පුරාවට පැතු නිසා ඉතින් පෙම්වත සිනාසෙනු මැන හිතේ දුක මා වෙත පුදා  ❤❤❤❤

විදින්න ජිවිතය

Image
ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙන එක..මොනදේ කරත් දුක විතරක් මගේ වෙන එක...පුංචි පුංචි දේවල් මහා ලොකු දේවල් වෙලා හිත පාරන එක...මේ හැගිම් සේරම මහා එපා කරපු ඒවා... ඒ මදිවට ඔයාට හිතුනොත් ඔයාව USE කරනවා කියලා..හිතෙනවා විතරක් නෙවෙයි ඇත්තටම ඒක එහෙම නම් ඇයි තවත් ඔයා ඔහොම ඉන්නේ .. මැරෙන්න හිතෙනවා නම් මේ දේවල් වලින් පැනලා යන්න හිතෙනවා නම් අනේ කොහේ හරි මේ නපුරු අයගෙන් ඈතට ගිහින් ඉන්න හිතෙනවා නම් .... හිතන්න පොඩ්ඩක් .... මේ විදියට හිතෙන අය මේ ලොකේ ගොඩක් ඉන්නවා..බලන්න වටපිට ඔයාගේ ලඟම කෙනෙක්ට වෙන්නත් පුලුවනි ..නැතිනම් මේ හැඟිම් පොදිය තමන්ගෙ කරන් ඉන්නේ ඔයාම වෙන්නත් පුලුවන් .. කරුණාකරලා සැහැල්ලු වෙන්න බලන්න .... සුභවාදිව හිතන්න බලන්න .... තත්ත්වය දරැණුවටම ඔඩු දුවලා නම් මනෝ වෛද්‍ය උපදෙස් ගන්න බලන්න ... ඔයාට ඇත්තටම ආදරේ අය සමීපයේ ඉන්න බලන්න.... රිදවන අයගේ පමණ දැන ලග රැදෙන්න බලන්න ... ඔයා ඔයාටම ආදරේ කරන්න බලන්න...❤ ඒ ආදරේ ඇත්තටම ආදරණියයි ... විදින්න ජිවිතය.. හරිම කෙටියි ..