Posts

Showing posts from 2019

A/L

Image
මාලිගා  මන්දිර  අහසට උස් වූ කල හිර විය බිත්ති  හතරක් තුලට  අඩ අදුර දුලි වලා මැද දෙකන් පිරවූ  මහා හඩවල් මැද  ඉකී බිදි අතීතයක  නිහඩවම ලැබු ජය  පිරවීය මගේ දිවිය හයියක් වූ අම්මාද  පවුරක් ව මා රැකී නංගීද කදුල සගවා සිනා සී  මා දිරි ගැන්වීය... තවමත් හිත වෙලා ඇති  අතීතයේ අදුරු වලා පට අදත් පසක් කරවිය  බුදු දහම සත්‍ය බව........  2007 O/L ලියන්නට සැරසුන දා සිටම මගේම අය ඇහිරූ මග බාධක ජය ගෙන පසු පස බැලීමේදී දුටු 2019 A/L ප්‍රතිඵලයක් මතය...😭

බලා හිදීම

Image
බලාසිටීම  එය කෙතරම් වෙහෙසකර දැයි විටින් විට ජීවිතයට කියා දෙන්නට තරම් කුරිරු වු සසර ගමනක් ගෙවා ඇවිත් බව පසක් වෙන හැම මොහොතකදිම ....  නුඹ බිය නොමැති බව වදනින් කියා දිරියෙන් හැම දෙයකටම මුහුන දෙන කල ඉතින් කදුලැලි සගවාගෙන ඉමි නුඹට සවියක්ම වී සිටින්නට .... බැදීමක වටිනාකම නොදන්නා බොහෝ හිත් අප හිත් රිදෙව්වද "මං නිසා මේ දේ වුනා නේ " සිතින් වැටෙනා හැම නිමේෂයක දකින්නට ආසම කරන ඒ හිනාවෙන් මුව පුරා ඔයත් ඔය දුක් විදින්නේ මම නිසා නේදැයි අසන නුඹ තමයි මගේ මුලු ලෝකයම. (මා දැස් ඇර නොබැලුවා නම් , සීත සුදු කලාපයේ අතරමං වුනානම් ලොවේ කතා කෙලෙසකද වෙන්නේ කියා මවා ගැනීම පවා අපහසුය මා හට නම්) නිමේෂයකදී ඕනෑම දෙයක් සිදුවිය හැකි බව උගත් පාඩම් අතරට එක් කල ඒ නපුරු තත්පර කිහිපය අපේ ජීවිත වලට කියාදුන් අනේකවිධ පාඩම් අතර තව තවත් ආදරය කිරීමට ඉගෙන ගනිමින්. ආදරය කියන වදන පුරාවට ගැබ් වූ ආදරය ජිවිතය මතින් විදගනිමින්...                අත්වැල් බැදන් එක මග යන්න එන්නෙමි මා නුඹ සමග ❤️,නමුදු FZ මත නම් කිසිම දිනයක යලි නොයන්නෙමි....ත්‍රීවීල් යන මගක 😉 ((2019 වසරේ සීත දෙසැම්බර් මස ඇරඹීමෙන් පසු උද

60.නුඹ කියනා වදන්

Image
ඉවසීම හුරුය පුරුදුය දුරක හිටි කාලයද  අපමණව මට  හුරුය නමුදු ලං ලංව හිදින  කල මවන මේ දුරස්බව මා බොහෝ සේ  විඩාකරන ලදී නුඹ මෙමට හිමි යැයි  නුඹ කියන වදන් මම අපමණව අදහාගෙනම දරාගමි  නුඹේ ලෝකයෙන්  මැවෙන හැම හිත්තැවුල් හිනාවෙන් මුව සරසාගෙනම ආදරෙන් 

59.අත්හරින නිමේෂය

Image
නිමක් නැත  නිමාවක් දකිනු නැත  විඩාවක් පමණි ගතසිත වෙලා ගෙන  රැ⁣දෙන්නේ දනිමි අවසන් වෙමින්  පවත්නා බව දැරිමේ හපන්කම  බලා ඉමි එනතුරා  අත්හරින නිමේෂය (15.02.2018 දරා ගන්නට නොහැකි තරමටම මානසිකත්වය ගොඩනැගී තිබු මොහොතක අකුරු ඇමුණු කවි පෙලක්.)

58.වටහා ගැනීම

Image
අත හරින්නට හිතෙන තැන් වල  තදින් අල්ලන් හිටියා හැරයන්නට හිතෙන තැන් වල නොයා නැවතී හිටියා රිදෙන හිත ඉරිතැලෙන හිත ඉවසා දරා හිටියා කදුලු පිරි දෑසින් ලොවක්  දෙස සිනාසී බලා හිටියා ජිවිතය ලියනා කතාවේ අරුත හිතමින් හිටියා දිරිය හිත ඇවැසි බව වටහා ගනිමින් හිටියා

මම මම වීම

Image
හරියටම අදින් දින 587 කට කලින් හිටිය මම ආයෙමත් ම මම විදියට එනවා නම් , නැතිවෙච්චි ගොඩරියක් දේවල්  ආයෙමත් මගේ ජීවිතයට එනවා නම් , මම " plz help me" හරී "plz support me" හරී නොකියා මගේ වැඩ මමම කරගන්නවා නම් , අඩන්න ඕන වෙලාවල හිනාවෙලා හිනාවෙන්න ඕන වෙලාවල උඩ පැනපැන හිනා වෙලා ඉන්නවා නම් , බැහැ නැහැ නොකියා YES I CAN සිතුවිල්ලේ ඉන්නවා නම්, ....................... ඔව් එදා මම ගාව හිටිය මම අද මම ගාව නැහැ..ඒකීට රිදෙන්න ඕන තැන් වලටම රිදුනා..රිදෙන හැම මොහොතකදිම රිද්දවපු අයට රිදේවි කියල  මම හිතන් හැසිරුන විදියට රිදිලා තියෙන්නේ මටමයි... ඒත් මම වෙනස් වෙන්න තීරණය කරා..අද නෙවෙයි ටික දවසක ඉදන්..ඒත් වේදනාවල් දැනෙද්දී ඇගයුමක් නැති වෙද්දී මට අමතකම වෙලා ගියා මම ආයෙමත් මම වෙන්න හිතුවා කියලා .ඒක එක ස්වප්නයක් ,මොහොතක සිතුවිල්ලක් විතරක් වෙලා තියෙද්දි  , මට ඉස්සර හිටපු මාව මතක් කරන්න ඒ හිටපු මගේ වටිනාකම අදට වඩා එදා හුගක් වැඩි බවත් එදා හිටිය මම ආයෙමත් නැවිදින් හිටියොත් මගේ ජීවිතයේ හුගක් පසුතැවීම් සිදු වෙන එක නවත්වන්න බැරි බවත් හිතේ ගැඹුරටම කතාකරලා තේරුම් කරවන්න අද පුලුවන් කම ලැබුනා.. මම මේ

50:200

Image
50:200 මේක මාර අනුපාතයක්.. වෙනස සන්සන්දනය කිරීමට වෙහෙස වෙමින්.. 50 න් අඩු කල විට යලිත් එකතු කල යුතු නොවන අතර 200 න් අඩු කිරීම යලි එකතු කල යුතුය .. 50 න් සිදුවන කිසියම් අඩු වීමක් නොගිනිය හැකි තරම් වන අතර 200න් අඩු වන නොගිනිය හැකි තරම් වූ අඩු වීමක් ගැනිය හැකි අගයක් ගන්නේ උපරිමයෙනි... 50 සැදෙන්නේ නෝමල් ගස් වලින් කැඩීමෙන් වන අතර 200 සැදෙන්නේ කප්රුක වැනි විශේෂ ගසක වන බැවින් කැඩිය යුතු නොවේ.. 200මත මෙන්ම 50 මතද  ගතට මෙන්ම හිතටද ඔලු ගෙඩියටද ඇති වෙන වෙහෙස අපමන බව නොතේරුම්කම නිසා මෙන්ම සමහර අලි ඔලු නිසා ද නොපෙනී යාම මහත් පාපයකි.. 50ට වඩා 200 වැදගත් බව අගයානූරූපීවද පුද්ගලානුබද්ධවද 50 මෙන්ම 200 ද අවිවාදයෙන් පිලිගන්නා අතර 200හි අඩුවන අගයන් පිලිබඳ  50 විසින් මහ හුගාක්  හොයන්නේද නැත..එමෙන්ම 200 විසින් 50 බිංදු බවට පත් වීම ගැන නොඅසන අතර එය ප්‍රතිපූර්නය කිරීමද සිදු කරන අවස්ථා ද නැතුවා නොවෙයි . 200න් කල කී දේ කාටවත් නොදැන අතර 50 සීන් එකේ ඉන්නට ගොස් අනාගෙන ඇති බවක් පෙනීයමින් පවතී.. 50 හා 200 අතර වෙනසක් දරුනුවටම මවා පානා එනමුදු තවමත් ඒ අතර ඇත්තේ 150ක වෙනසක් බව නොදන්න

57.එනවද මං එක්කා

Image
කියන්නට බොහෝ දේ  තිබුනත් නොකියා ඉන්න  අන් අය හිත රිදේ  යැයි හිතේහිම රදවා ගත්ත  මගේ හිත කියවන්න  පුලුවන් වුනිනම්  නුඹ හට  යම් දිනක  නුඹ ඉකිගසනු ඇත දැරුවේ කොහොමද  යන්න..... හිනැහෙන මුවින්  වදනින් මා නුඹ සනසා මේ හැම දරමි  නුඹ රිදවනු බැරි හින්දා  හිත නොදෙනා බෝ දේ  සිදු වෙන දිනෙකා මේ ඇස් කෙවෙනි  කදුලින් ඔත්පල  වෙන්නා ලොවටම ඕන ලෙස  ඉන්නට නොම දන්නා  මම ආසා මගේ  නිදහස මා සොයලා යන්නට පියඹලා  ඈතට හිනහීලා පෙම්වත  නුඹත් එනවද මේ  මං එක්කා .... 2019.09.14

56.මන්දෝදරිය

Image
දහසක් සීතාවන් ඉදිරියේ  සැලෙනු ඇත  රහත් නොම වු පිරිමි සිත නමුදු  ඒ හිතේ කිදා බැසීමට තරම්  ප්‍රභල විය නම්  පතිනියගේ පෙම අහෝ සීතා පසු බසිනු මැන නුඹට උරුම වු රාම වැනි  පෙමක් වෙත  රාවණා හිමි මන්දෝදරියටම බව දැන.... ඉතිහාසය නොකී මුත්  ඇයයි  ස්වාමිභක්තිකම  පතිනිය මා හිතට එකගව... මන්දෝදරිය නුඹ නම්  ඇදැහිය යුතුමය  දරා සිටියාට මේ තරම්  රාවණාගේ සිතුවිලි  රිදුම් දුන් නමුත් හද ගැබ නිමිත්ත - හංසි ගේ පබැඳුමකි

55.මගේ විතරක් වේවා ..

Image
නුඹ ලග රැදෙමි මගේ ආදරෙ  නුඹ හින්දා හිත ගුලි කර ගනිමි නුඹ හට ආදරේ හින්දා  මුලු ලොව උරන වී හිටි දා නුඹ එක්කා මම නුඹ නමින් කැපවීලා හිටි හින්දා  දුක සැප දරන් එක පත කෑමට ආදා කිම නුඹ අමතකව ඉන්නේ  නුඹේ ලන්දා නැත මා කලේ වරදක් නුඹ හට කිසිදා සැම දේ දරා හිටියේ  නුඹ එක්කා වරදක් කරලා නුඹ  හිනැහී හිටි හින්දා  සමාව කියන්නෙත්  එක වදනක් හින්දා  අඩලා පලක් නැත කදුලුත් මගේම නිසා කිසිවක් නැති විලසේ ඉමි ඉවසා මම නුඹ දනිමි නුඹ දන්නා තරමටත් වඩා සමුගෙන ගියත් නුඹ ගෙන් සැගවිලා මෙදා දුව එමි නුඹට මා ඇවැසි  කියු විගසා මතු භවයේවත් නුඹ  මගේ විතරක් වේවා

ඉල්ලීම

Image
ජිව්තය ලස්සනම ලස්සනයි කියලා මම හිතුවට ඒක ඒ තරමට ලස්සන නැති බව තේරුම් ගන්න මට මේ තරම් වෙලා යන්නේ ඇයි ද මන්දා ... මට කොහේදි හරි වැරදුනා.ආයේ ආයේ මම ඒ වැරද්දම කරනවා කියල හිත කියන කියන පාරක් ගානෙම මම හිතටත් තරවටු කරලා ඒ වැරද්දම කරා.. මම හිතුවේ හැම වැරද්දක්ම මගෙයි කියලා. මොකක් ද කියලා කියන්න නොදන්න මහ ලොකු බැදීමක් මම මගෙයි ඔයාගෙයි අතර තිනවා කියලා හිතන් හිටියට ඒක එහෙම නෙවෙයි කියලා ඔයා මට නොකියා කියපු බව අතීතයේ මතක අතර සරන මේ වගේ වෙලා වලට මතක් වෙද්දී ඇස් වල කදුලු පිරෙනවා.. ඔව් ඔයා මගේ ආදරේ.. මගේ පන.. පන වගේ ආදරය කරන මට ඔයා රිද්දන්නේ කාලෙන් කාලෙට.. අනේ මං දන්නේ නැහැ.මම ඔයාට මොන වරදක් කරලා ද කියලා . ඔයාට නිදහස මම නොදි ඉදලා තියෙනවද? සමහර දේවල් එපා කියලා කියනවා.ඒත් ඒ කියන්නේ ඔයාගේම හොදට .ඔයාගේ පරිස්සමට .අන්තිමට ඔයාටම තේරුම් යනව ඇයි මම එපා කියුවේ කියලා. ලෝකේන්ම ඔයා නිසා බැනුම් අහන්න මට පුලුවන් වුන වෙලාවල් තිබුනා.ඔයාත් රිද්දන මගේ හිත ඔයාගේ සමහර මෝඩ වැඩ නිසා ලෝකයේ මිනිස්සුත් රිදුවා...ඉවසුවා ඉවසුවා ..වාවා ගන්නම බැහැ රත්තරං .. සමහරු අපි පතාගෙන ආවා කියලා කියන කොට ඔයා මගෙන් ඇත් වෙලා ඉන්න හැම

54.අතහැර යන්නට

Image
සමුගැනීම ලේසි යමක් නොවන බව කියාදුන් නුඹම අද දරා ගැනීම ලේසි යමක් නොවන බව කියාදුන් නුඹම අද හිතක් පපුවක් නැති බව දැනුනද මෙමට නුඹ ගැන ඉවසා ඉන්නෙමි තවත් සත් වසකට වඩා කලක් නුඹට බැදි ප්‍රේමයේ නාමයෙන් මම අදත් ලබාදුන් දේට වැඩියෙන් නුඹ මෙමට පේ වෙලා කැපකරපු දේ වැඩිය මම අතහැර යන්නට මෙමට මං කියාදෙනු එපා...

ගමේ සැටලයිට්

Image
" වැඩකට යනවා ද දැන්? " රටේම ඕපාදූප ගෙයි ඉස්සරහට වෙලා හොයන මනුස්සයාගේ මනුස්සකමටත් ගරු කරන්න එපායි කියලා හිතුන එකේ ඔන්න ඔහේ උත්තරයක් දුන්නා..😋 " දැන් ටික දවසක ඉදලා හන්දියේ පොඩි වැඩකට යනවා" 😊😊😊😊😊😊😊😊 අනේ අම්මපා මං ගැන මටත් වඩා දන්න අයනේ මෙව්වා මගෙන් අහන්නේ... ඒ තරමටම අපේ ගමේ සැටලයිට් සර්විස් අවුල් වෙලා ද??? (මේක වෙලා නම් ටික දවසක් වෙනවා ...😂😂)

53. මදහස

Image
යනෙන මාවත නිමක් නොපෙනෙන විටක හදවත ඉරි තලා පෙනි නොපෙනෙන මුවේ මදහස ජිවිතය ගැන පැවසුවා...

52.කාලය

Image
කල් බැලුවෙමි..... නමුත් වෙනසක් නොමැත... පෙර දා හා සැසැදුවෙමි... වෙනසක් දුටිමි.... කාලය නුඹ..... පුදුමයකි...

කස්ටමර් අන්කල්

Image
⁣කෝ අදත් නැද්ද මිස් ඔයාගේ නිසි බලධාරියා කියා කවුන්ටරයේ අක්කා මිස්ව ඇසු කස්ටමර් අන්කල් වෙතටයි,, එච්චර අනතුරක් වෙලාත් අසනිපෙන් ඉන්න කොටත් හිනාවෙන්ම හිටිය  මිස් , කොච්චර ටෙන්ෂන් වුනත් හිනා වෙලා වැඩේ කරලා දෙන මිස්ගේ මුනේ ඔය ලස්සන හිනාව හැමදාම තියේවා කියා කියු අන්කල්  ඔයාට ස්තුතියි ... අඩන්න බැරිව හිනාවෙන වෙලාවට ලස්සන හිනාවක් එනව ඇති අන්කල් ... ⁣ මුලු ඔලුවම හිරි වැටෙන්න කොන්දෙන් එන වේදනාව දරාගෙන කවුන්ටරයක වැඩකරද්දි හැම ගනුදෙනුවකදිම දෙපාරක් තුන්පාරක් ඇදෙන්න පැද්දෙන්න නැවෙන්න හැරෙන්න ඇඹරෙන්න වෙන කවුන්ටරයක වැඩ කරද්දි අවුට් එකක් වේවි කියලා බයක් හිතේ ඈතක හිරවෙච්ච හැගිමක් වෙලා තියෙද්දි කරන්න තියෙන වැඩ කරන්න ඕන වැඩ ලැයිස්තු ගනන් හිත පුරාවටම වෙලිලා තියෙද්දි මටත් පුදුම හිතුන අන්කල් කියුවා වගේම මං හිනා වෙනවද කියලා.... අමතක වෙලා තිබුන ⁣වෙලාවල් තිබුනත් හිනා වෙන්න මං දැන් හිනා වෙනවා...අන්කල් කස්ටමර් වගේම මං හරි සිරියාවයි කියපු පටස් ගාලා වැඩේ කොරලා දුන්නට ස්තුතියි කියලා මුලු ඔෆිසියම පිස්සු පිකුදු කරපු සියා කස්ටමර්ටත් ස්තුතියි ...(මොකද ඉතින් මට තියෙන්නේ මල යක්ස වර්ෂන් විතරයිනේ ...අනික ස්කුල් ල

හිතෙන අන්දම

Image
සමහර පින්තුර , සමහර වචන , සමහර හැසිරිම් , සමහර හැඟිම් , තියෙනවා හිත කොච්චර විස්වාස කරත් කොනිත්තනවා වගේ ඒවා 👿 උත්තර ඕන තරම් ඇති.. ඒත් හැමදාම කොමාවකින් නවත්වලා මං ලියන කතාවේ අලුත් පරිජේද වලින් පටන් ගනිද්දි මතක තියා ගන්න....🤔 මේ කතාව නතර වෙන්නේ සමහර විට කතාව සාමකාමිව ගෙවලා, නැත්නම් ඔයාට හිතා ගන්න අමාරු වෙන තැනකින් මුලු කතාවම වෙනස් වෙන්න පුලුවන්. හිතන්න ...... එපා..  මට උත්තර... ඔව් මමත් සාම්ප්‍රදායික ගැනු ලමයෙක් ....👯 ඒත් සාම්ප්‍රදායික ගති අත ඇරපු වෙලාවල් ඔයාටත් මතක ඇති ....💪 වෙලාවක් ආවොත් ඒ වෙලාවලටත් වඩා දුරකට නව්‍ය වෙන්න ම⁣ට පුලුවනි👍 ඒත් එදාට ඔයාට අතින් අල්ලලා නවත්වන්න බැරි වේවි.👫 මොකද හිතින් අල්ලං හිටිය මම අතඇරෙද්දි අතින් ඇල්ලුවට පලක් නැති නිසා💔 හිතන්න ............................ පොෂ් නැත...පොෂ් නැත්තේද නැත... තැනේ හැටියට ඇණේ ද රෝම සභාවට රෝමංකාරයෙක්ද විමට මට හැකි බව මම දනිමි 👻 හුරතල් විමටත් නපුරු විමටත් පසු බැසිමට මෙන්ම නැගි සිටිමටත් මට එක ලෙසම හැක💣 ඉතින් හොඳින් හිතන්න .... යමක් කිරිමට පෙර ප්‍රභාගේ සිතුවිලි වලටද සිතෙන අන්දම........💭💭

51. යුගල

Image
යන එන හැම තැනම මා එක්කලා ලඟ හිටියා හුසේන් බෝල්ට් හවසට  අපි පැරදෙව්වා විශාකා තෝමෝ සේ  සොඳුරුව ගියෙත් එදා අපි ලොව හැමට කැපෙනා යුවලකුත් වුනා නු⁣ඹෙ පෙම අමතකව වසරක් ගෙවි ගියා මගෙ මතක සඟවා  ගෙන සිටියෙ ඔයා නුඹ සොයුරියත් මහ මඟ අමතක කෙරැව මෙමා ලොව හැමදෙනා  නුඹ හොඳ නැති බවම කියා අපෙ පෙම් සිහින බිඳ ආදරෙ දෙකඩ කලා හැම බැමි අතැර සිටි  මා යලි පෙම් කලදා මගෙ තනියට එන අය හරි කෙටි හින්දා ආසයි යලිත් නුඹ හා  බැදෙනට මෙන් පෙරදා එනමුදු අස්ථි මට මඟ අහුරනවා මෙදා දුකකින් නමුත් නුඹ  අමතක කරමි සදා (වෛද්‍ය නිර්දේශය මත අඩි උස පාවහන් පැලදිමෙන් වැලකිම නිසා අඟතියට පත් මාගේ පැරණි සෙරෙප්පු යුවලගෙන්ද අනතුර සිදුවිමේදි දෙපයේ දමා සිට ගිලිහි ගොස් කොහේ කොතනකදැයි නොදන්නා මගේ කෙලිලොල් සෙරෙප්පු යුවලගෙන් ද මම සමා ඉල්ලමි) 2019.01.29

කියා ගන්නට හැකි වුනා නම්

Image
1.මහ පොලව යට මරියානා අගාධය වගේ තැනක ඉදන් හඳට රොකට් යවන්න ට්‍රයි කරන එක හොඳයි .ඒත් පොලව මතුපිටට ඇවිත් ඔය සීන් එකට එන්ටර් වුනා නම් කොස්ට් එකත් අඩුයි.කන කට්ටත් අඩුයි.🤔 2.කාටවත් රිටන් දෙන්න එකම දේ ට්‍රයි කරනවට වඩා පාත් එක වෙනස් කරලා බොකු බඩවැල් ඇඹරිලා යන්න පුලුවන් පට්ටම වෙනසක් කරන එක මං නම් හිතන්නේ ඒකයි වැදගත්කම .නැතිව අරය මෙයා හිත රිද්දුවා කියලා එකම මගුලේ එල්ලිලා ඉන්න එක නෙවෙයි...🤔 3.කොහෙද තිබුනා ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැ කියලා.අන්න ඒක නම් ඇත්ත..මොකද අපේ ජිවිතේ අරකද මේකද කියලා අරයට මෙයාට තිරණ ගන්න දෙන එක දිගටම කරන්න ගියොත් අපිට අපි අමතක වෙනවා🤔 4.මුලින්ම වැඩට යන දවසේ මං කණ්ණාඩියට කියුව දේ (තරහින් අම්මට ඇහෙන්න තමයි) අදත් මට මතක් වුනා..ඉංජියෝ Vs ක්ලාක් 😂😂😂😂 වැරදියට හිතන්න එපා ටාගට් බජට් එකයි ඇචිව් කරපු බජට් එකයි ගැන කතාවක් අප්පා.. මේක මතක් කල කෙනාට කියන්නේ අපිට මේකෙ අවුලක් නැ කියලා තමයි..ඔයාට තියෙන තරම්..හැබැයි ආයෙ එකම සින්දුව පේලේ වුනොත් ⁣, සර් ලාස්ට් චාන්ස් තමයි. 😉😊 5. මං නොදන්න පොස් මිනිස්සු දන්න සමහර දේවල් ගැන මට තියෙන්නේ මාර ⁣දැනුමක් බව තේරෙන කොට