මගේම විය ඔබ
මේ අවුරුදු එකහමාරටම මේ ඇමතුම මට ආවේ තෙවරකි. එක පාරක් අක්කා පරිස්සමින් ගියාද අහන්නත් දෙවන වර මගේ ජිවිතේ ආයෙමත් ඉරිතැලිලා ගියබව කියා මගේ ආදරය යලි මගෙ නොවනා වග සනාථ කරන්නත්ය. මෙවර කතා කරන්නේ ඇයි දැයි සිතා ගත නොහැක . ඒකත් මේ මහ රාත්‍රියේදිය. සැලෙන හදින් ඇමතුමට සම්බන්ධ වු මට ඇහුනේ කිරි දරුවෙකු නැලවිමට වෙහෙසෙනා අම්මාගේ හඩය.වෙව්ලන දෑතින් හා සැලෙන සිතින් සිටි මා හට අවසන ඔහුගේ කටහඬ ඇසුණි. "රේශි ගිහින් අක්කේ.අයියත් කොහේ අතුරුදහන් වෙලාද මන්ද..මේ කිරි සප්පයා අම්මාගෙ උණුහුම හොයද්දි මේ ගැනිට මගුල් විසේ ගැහුවනේ". නමුත් ඔහුගේ හඬ බිදුණි. අවසන "ගෙදර එන්න අක්කේ" කියමින් ඇමතුම විසන්ධි විය. සිත සැලුනි. නෙතින් ගලායන කදුලැලි නොසලකා දමමින් මා මේ රැයේම මගේ මෝටර් රථය නුවර කොළඹ මාවතේ නිහඩ බව නැතිකරන සුළු වාහන කිහිපය හා මුසු කරේ සිතුවිලි අතිතය හා පැටලෙද්දිය.. අනාථ නිවාසයේ දානමය පිංකමකට ආ අවිනාශ් මා ඔහුත් සමඟ ගෙදර ගෙන යැමට අැවැසි බව කියා පෙරලි කරද්දී ලොකු පුතුගේ ආසාවටත් නිවසට දියණියක් ද ලැබිමේ කාරණාවත් මුල් විමෙන් සති කිහිපයක ලිපි ලේඛන කටයුතු වලින් පසුව මටද ආදරණිය මව්පිය දෙපලක් හා...