Posts

Showing posts with the label කතා සිත

මගේම විය ඔබ

Image
මේ අවුරුදු එකහමාරටම මේ ඇමතුම මට ආවේ තෙවරකි. එක පාරක් අක්කා පරිස්සමින් ගියාද අහන්නත් දෙවන වර මගේ ජිවිතේ ආයෙමත් ඉරිතැලිලා ගියබව කියා මගේ ආදරය යලි මගෙ නොවනා වග සනාථ කරන්නත්ය. මෙවර කතා කරන්නේ ඇයි දැයි සිතා ගත නොහැක . ඒකත් මේ මහ රාත්‍රියේදිය. සැලෙන හදින් ඇමතුමට සම්බන්ධ වු මට ඇහුනේ කිරි දරුවෙකු නැලවිමට වෙහෙසෙනා අම්මාගේ හඩය.වෙව්ලන දෑතින් හා සැලෙන සිතින් සිටි මා හට අවසන ඔහුගේ කටහඬ ඇසුණි. "රේශි ගිහින් අක්කේ.අයියත් කොහේ අතුරුදහන් වෙලාද මන්ද..මේ කිරි සප්පයා අම්මාගෙ උණුහුම හොයද්දි මේ ගැනිට මගුල් විසේ ගැහුවනේ". නමුත් ඔහුගේ හඬ බිදුණි. අවසන "ගෙදර එන්න අක්කේ" කියමින් ඇමතුම විසන්ධි විය. සිත සැලුනි. නෙතින් ගලායන කදුලැලි නොසලකා දමමින් මා මේ රැයේම මගේ මෝටර් රථය නුවර කොළඹ මාවතේ නිහඩ බව නැතිකරන සුළු වාහන කිහිපය හා මුසු කරේ සිතුවිලි අතිතය හා පැටලෙද්දිය.. අනාථ නිවාසයේ දානමය පිංකමකට ආ අවිනාශ් මා ඔහුත් සමඟ ගෙදර ගෙන යැමට අැවැසි බව කියා පෙරලි කරද්දී ලොකු පුතුගේ ආසාවටත් නිවසට දියණියක් ද ලැබිමේ කාරණාවත් මුල් විමෙන් සති කිහිපයක ලිපි ලේඛන කටයුතු වලින් පසුව මටද ආදරණිය මව්පිය දෙපලක් හා...

කුෂි

Image
"කුෂිනි ඇයි ඔයා මං කියන දේ තේරුම් නොගන්නේ.." "අනේ දේව් මට ඔයා කියන දේ තේරෙනවා.ඒත් අපි කොහොමද එහෙම කරන්නේ..ඒ ඔයාගේ අම්මායි තාත්තයි..මට බැහැ මේ වෙලාවෙ නම් ඔයාට හා කියන්න.." "ඒත් කුෂි ..." "අපිට අපි අයිති නම් කවදහරි අපේ වේවි ඉවසන් ඉදිමු." ඒ දේව්ගෙයි මගෙයි කතාවේ නැවතිමේ තිතයි.කවම කවරදාකවත් මේ විදියට සමුගන්න වේවි කියලා නොහිතපු අපි ⁣අද වෙන්වෙනවා.. ඒත් මගේ දේව් මේ අපේ අන්තිම හමුවිම කියලා නොදැන අම්මලාගෙ කැමැත්ත ගන්න විදිය කල්පනා කරකර ගෙදරට යද්දි මං මගේ හැමදේම අත හැරලා දුරකට යන්න බස් එකට නැග්ගා. මහනුවර ,දලදා තේවාව ඇහෙන මානයේ මගේ අලුත් නවාතැන .⁣යෙහෙලියෙකගෙ මාර්ගයෙන් මේ ගෙදර මිලට ගත්ත මම ජිවිතේ අලුතින් පටන් ගන්න හිතුවත් දේව්ගෙ මතකයන් මාව හිරි වට්ටලා තිබුනේ. මාව හොයන්න එපා කියලා ලියපු ලියුම් කොලඹින් තැපැල් කරපු නිසා පොලිසි ගානේ නොයා එයාලාහිත් හදාගන්න ඇති. හැම දවසකම දලදා හිමි ලග මගේ දේව්ගෙ සතුට ප්‍රර්ථනා කරපු මට ඒ ආද⁣රයෙන් දුරස් විම දරා ගන්න බැරිව ඉකිගසමින් ගෙවපු නිදි නැති රාත්‍රින් අපමණයි. හදහන් ගලපන මගේ දෙමාපියන් වගේම දේව්ගෙ දෙමාපියනුත් මට...

හිමි අහිමි - 02 කොටස

Image
සාමාන්‍ය පෙල විභාගය අත ලඟ.. ඉස්කෝලේදි බාහිර වැඩ කලත් කියන දේ නාහා මොන දඟ වැ⁣ඩේ කරත් අපි දෙන්නගේම ආසාව තිබුනා හොදට ඉගෙන ගන්න .කාට හරි හිතුනොත් අපි අවාසනාවන්ත ලමයි කියලා අපි අපේ ඉස්කෝලෙට,කොන්වන්ට් එකට නම් වාසනාවන්ත ලමයි. මොකද අපි දෙන්නා අම්මා තාත්තා ඉන්න ලමයින්ට වඩා අදුනන්නෙවත් නැති අම්මා තාත්තට ආඩම්බරයක් හිතෙන විදියට වැඩ කරා.. කොන්වන්ට් එකෙන් පාසල් තරඟ වලට යවන්නේ මොකටද ඒකේ මොකක් හරි අංශයක ඉදිරිපත් විම අපි දෙන්නා වෙන් කරන් තිබුනා. ඉතින් ඉදිරිපත් විමෙන් සැහෙන්න බැ කියලා කප් එකක් උස්සන්න හරි ගෝල්ඩ් පාට පදක්කමක් බෙල්ලේ එල්ල ගන්න හරි තිබුනෙ මාරම ආසාවක්. හැම තරගයකටම ඉදිරිපත් වෙච්චි අපි දෙන්නා ක්‍රිඩා තරඟත් අත ඇරියේ නැ.හැබැයි මෙතෙනදි නම් අපි දෙන්නා මොන ක්‍රිඩාවට ඉදිරිපත් වුනත් හරියටම කරේ චෙස් ඇදිල්ලයි බැඩ්මින්ටන් ගැහිල්ලයි තමයි.. ශ්‍රේණිගත කිරිම් වලත් මුල් දහ දෙනා අතර හිටිය අපි දෙන්නා අන්තිමට තරඟ කරේ අපේ පලාතේ හොඳම පාසල් චෙස් ක්‍රිඩකයා තෝරන්න තිබුන තරගෙකටයි. ⁣ඒ තරඟය ටිකක් ප්‍රසිද්ධ වුනා යාලු තරඟයක් කියලා. අන්තිමට මං දිනලා හොඳ ක්‍රිඩකයා වෙද්දි දෙවෙනියා වු⁣නේ මගෙම යාල...

හිමි අහිමි - 01කොටස

Image
මම කසිනි වික්‍රමසූරිය.  මතක ඇති කාලේ ඉදලාම මං හිටියෙ කොන්වන්ට් එකක.සිතල නුවර එලියේ ලස්සන පරිසරයක තියෙන කොන්වන්ට් එක මගේ මුලු ජිවිතේම වෙලා තිබුනේ. හැම දේටම මට හිටියෙ කන්‍යා සොයුරියෝ.මං හැදුනෙ වැඩුනේ කන්‍යා සොයුරියන්ගෙ ඒ කියන්නේ සිස්ටර්ලාගේ ආදරේ මැද්දේ. පිලිවෙල තමයි අංක එක. කෙනෙක්ට හිතෙයි එහෙම ඉන්න එක හරි බෝරිං නේද කියලා.අනේ නැ.මං ඒකට හරි කැමති.. අනිත් අයට වඩා අපේ ජිවිත වෙනස් .ඒක නම් ඇත්ත. මට අම්මා තාත්තා ගැන පුංචියටවත් මතකයක් නැහැ.එහෙම මතකයන් තියෙන්නේ ඒ සෙනෙහස වින්ද නම්නේ. ගෙදර කියන පරිසරය මං අත්දැකලම නැහැ.එයාලගෙ ආදරය විදලාම නැහැ. ඒත් මගේ ලඟ එයාලගෙ පින්තුරයක් තියෙනවා..මාව මෙහෙට බාර දෙද්දි ඒ පින්තුරයත් මගේ වෛද්‍ය වාර්තා එක්ක දෙන්න තරම් කාරුණික වෙන්න මගේම අයට පුලුවන් වුන එක ගැන මගේ හිතේ තියෙන්නේ ස්තුතිවන්ත හැගිමක්. සමහර විට මාව වගේම ඒ පින්තුරයත් ඒ අයට ප්‍රශ්නයක් වෙන්න ඇති. මුකුත් නැතිවට වඩා ඒ දිහා බලලා හරි සැනසෙන්න මට පුලුවන් වුනා.කොහොම වුනත් මං ඒක බලා සැනසෙන්න විතරයි තියා ගන්නේ. ඒක පස්සේ හොයාගෙන යන්න හිතුනත් මං නිසා එයාලට ප්‍රශ්න අැති වේවි කියලා මට බයයි.ජිවත් වෙලා ඉන්න...