පලමුව ආරක්ෂාව 01
ම්ම් ඔයාලා ඉතින් ප්‍රභා ගැන දන්නවනේ..මං ගැන තමයි අනේ.. ඇහෙන්න කටක් ඇරලා වචනයක් කතා කරන්නෙ නැ.පොලවට දැනෙන්න ඇවිදින්නෙ නැ.හරිම අහිංසක ශාන්ත දාන්ත තින්ත කුඩුව..😆 හික්ස්...මං එහෙම ඉන්න ඇත්තෙ අපෙ අම්මගෙ හින වල තමයි...මං හරි දඟයි අනේ ඉස්සර..දඟයි කියන්නේ ගස් නගින්න උඩ පනින්න කැගහන්න දුවන්න උපන් හපන්.දැනුයි කියලා ඉතින් ආයි වෙනසක් නැ..😋 හරි හරි මං දැන් කියන්න යන්නේ මගේ මගෝඩි වැඩ ගැන නෙවි අනේ..මං වගේ දඟ සුටි සුටි බබාලා ඉන්න අයගේ ගෙදර අනිවාර්යයෙන් ම තියෙන්න ඕන දෙයක් ගැන. බබාලා වුනාම එක තැනකට කොටු කරලා තියන්න හොද නැ.එයාලට පුංචි කමට ලොකු වැඩ කරන්න දෙන්න ඔින.හැබැයි ඉතින් අම්මි තාත්ති ගේ ඉදන් නැදැ පරපුරම මෙයාලා කරන වැඩ ගැන ෆුල් ඇලට් එකේ ඉන්න ඔිනිමයි..එහෙම හිටියත් පොඩ්ඩො පොඩ්ඩ මිස් වෙච්චි ගමන් තුවාල කර ගන්න එක නම් අනිවාර්යයි.. පොඩ්ඩෝ විතරක් නෙවි ලොකු අපිටත් කොච්චරක් නම් අනතුරැ, අසනිප වෙනවද එදිනෙදා ගෙදරදි.. අන්න ඒ නිසා අනිවාර්යයෙන් ම අපේ ගෙදර ප්‍රථමාධාර පෙට්ටියක් නැත්නම් Firstaid box එකක් තියෙන්නම ඔීන.ගමන් අරන් යන අත්බැගයටත් පුංචි පසුම්බියක දාලා සමහර පුංචි බෙහෙත් ජාති දාගෙන ය...