Posts

Showing posts from April, 2018

5.Beauty

Image
water cool and clear lotus every where burning sun silver moon cooling air  soft shower  murmuring winds flying birds world is so beautiful isn't that wonderful 2001 (පුංචි එකි සන්දියේ ලියවුණු සිතුවිල්ලක්)

4.නුඔයි මගෙ පෙම්වතා

Image
සිහිනයන් සරසනා මතකයට  සොඳුරැ බව ගෙන එනා     නුඔයි මගෙ පෙම්වතා නෙතු කඳුලු පිසලනා මුව සිනා රන්දනා     නුඔයි මගෙ පෙම්වතා පන්හිඳට කව ගෙනා දිවි මගට පහන් එලියක් ගෙනා     නුඔයි මගෙ පෙම්වතා (2006-2010)

3.සදාකාලිකව

Image
නුඔට මා එපා මුත් මට නුඔව ඇවැසි බැව් නුඔ දනි මා සොඳුර නැවදින් නෙතු ඉමට රිදවලා මගේ සිත නුඔ සිතට සතුටු නම් මගෙ නෙතු කදුලැල්ල නුඹට හසරැල්ල නම් මා පිදු  පෙම නාමයෙන් නුඹ සනසාලනු වස් කැප කරන්නෙමි මම මගේ සොඳුරැ දිවිය සදාකාලිකවම (2006-2010)

2.මතකය

Image
මතකයි ද එදා අපි සිනාසුණු හැටි දඟකාර විහිලු වදන් දෙඇස් කදුලු පිරවු හැටි අත්වැල් බැදන් අපි දඟකම් කරපු හැටි හදවත් බැදේ යැයි කිසිදින නොසිතු හැටි (2006-2010)

1.ආදර නෙතු කැල්ම

Image
 සඳ කුමරිය වන්නම් මා තරැ තනි වු රැ අහසේ පුදසුනකදි පුද දෙන්නම් බුදු පාමුල නාමල් සේ මගේ ලොවේ දෙවි සමවු ඔබේ දෙපා යුග හමුවේ වැලපෙන්නම් යදින ගමන් ඔබේ ආදර නෙතු කැල්මේ (2006-2010)

ලෙඩ බැලිම

Image
අම්මෝ,,,ලෙඩ වෙලාම බලන්න ඕන ඒකෙ තියෙන රඟ. ලෙඩ්ඩු බලන්න එන යන අය ගැන මට ඇති වුන සිතුවිලි අතර තියෙන්නෙ කියා ගන්න බැරි ලියා ගන්න සිතා ගන්න බැරි සිතුවිලි. මාස දෙකයි දවස් ගානක් ලෙඩ වෙලා ගෙවිලත් අද වගේ සුපිරිම ලෙඩ්ඩු බලන අය අාවෙ නැ අප්පා.. යකඩෝ..මාර සද්දයක් ඒ අංකල්ගෙ තියෙන්නේ. කතා කරන්න පටන් ගත්තාම මං ඉන්න නංගියාගේ කාමරේ සිවිලිම කැ⁣ඩෙයි කියලා බයේ මං හිටියේ (ඇයි දෙයියනේ කැඩිලා තියෙන ඇට ඉතිරි ටිකත් කැඩුනොත් වගෙම, මේ කාමරෙන් මගෙ කාමරයට මාරැවක් මට බුදු ෂුවර් සිවිලිමට මොනවා හරි වුනොත් ). දන්නේ නැ මෙච්චර දෙයක් වෙලා කියලා..ඇයි අර වෙද මහත්තයා (ප්‍රසිද්ධ කෙනෙක්ගෙ නමක් කියලා) ගාවට අරන් නොගියේ ..ඇයි අරෙහෙම නොකරේ මෙහෙම  නොකරෙ .. අම්මෝ මට වෙදකම් කරන වෙද මහත්තයා ගැනත් කියවනවා..දන්නවා වගේ.සේරම ටික අහන් හිටියා මාත් අර ආගන්තුක සත්කාරද මොනවද තියෙන නිසා...ඇයි ඉතින් මෙයා අපේ තාත්තිගෙ මිත්‍රයෙක් නිසා. ඔන්න ඉතින් තවත් කියවනවා නෝනෙයි මෙයයි දෙන්න එක්කම නොමිලේ පල කරපු වෙළඳ දැන්විමක් වගේ.දැන් ඇති හොදටම මේක කියලා හිතුන නිසා මං  බොහොම සාමකාමිව මගෙ අදහස් පල කරන්න පටන් ගත්තා .යාන්තං කියන්න පටන් ගන්න කොටම අන්කල

බෝම්බය

Image
නොදන්න අංකයකින් ඇමතුමක් එනවා මගේ අහිංසක ජංගමයට. මොකාද මේ කියලා හිත හිත ඇමතුමට ප්‍රතිචාර දැක්කුවම කතා කරේ හිත ඇදිලා යන හඩකින් කොල්ලෙක්නේ.. "මිස් ඔයාට පාර්සල් එකක් තියෙනවා ..මං highway ඇවිත් පිටවෙලා කොහොමද එන්න ඕන.මට එන පාර කියන්න මිස්" මං ඉතින් ගොනා සේ එන පාරත් තිතට කියුවා.පොරත් අපේ ගම්මානෙට ඇවිත් අමතන්නම් කියලා හරි cute විදියට phone එක තිබ්බා . ඔන්න ඉතින් දැන් මට හෙන ප්‍රශ්න..මං කවදද order එකක් දැම්මේ online...නැනේ අප්පා..දැන් මාස දෙකකටත් වැඩියි cr කාඩ් එක නැති වෙලා.මට හොඳටම විශ්වාසයි මං මුකුත් ගෙන්නුවේ නැ කියලා..ඊ මේල් එකත් මුල ඉදන් අගට බැලුවා .කිසිම හෝඩුවාවක් නැ මේ එන පාර්සලේ ගැන (online පොත් ගෙන්න ගන්න එකත් ලගදි කරේ නැ මං) බෝම්බයක් වත් ද?💣💣💣 දහ අතේ කල්පනා කරද්දී අර අංකයෙන් ආයෙමත් ඇමතුමක් .එයා අපේ ගෙදර කිට්ටුවටම ඇවිත්.හරි මාත් දැන් බලන් ඉන්නවා මේකා එනකම්.. හරි හැන්ඩි කොල්ලෙක් අතින් කටින් තැගි අරන් එනවනේ ගෙදර දිහාට . ඉතින් මාත් අමාරවෙන් මාගේ මේ දවස් වල අතිජාත මිත්‍රයා වෙලා ඉන්න walker එකෙන්ම ගාටලා ⁣එයාගෙන් අර තැගි ගත්තා කියමුකෝ( මගෙ ආච්චි අම්මා තමයි තැග

Z අගය

Image
2011 ලංකාවෙම කතාවෙන උසස් පෙල ප්‍රතිඵල නිකුත් කරපු තවත් එක අවුරැද්දක් .දෙසැම්බර් 25 මහ රෑ නිකුත් කරපු ප්‍රතිඵල එදා ඉදලා කිපවරක්ම Z අගය ගනනය කිරිමේ ⁣දෝශයක් කියලා වෙනස් වුනා.. විෂය නිර්දේශ දෙකක් නිසා තමයි මට මතක විදිහට නම් ඔය ගැටලුව අැතිවුනේ. අනේ ඇත්තට මට මතකම නැනේ කී පාරක් වෙනස් වුනාද කියලා.😆 උසාවි ගිය, මානව හිමිකම් කඩවෙලා කියලා සාධාරණයක් ඉල්ලපු අපිට සරසවිය දුරක බව පෙනුනා.. විස්වාස කරන්න, ගණිත අංශයෙන් විභාගෙ ලියපු මම ගාලු දිස්ත්‍රික්කයේ 37 කියුවම මුල් ප්‍රතිඵල නිකුතුවෙන්..අම්මෝ මං නම් මහ රෑම කියුවා re correction plz කියලා.. මොකද මගේ ප්‍රතිඵල හොඳ වුනාට සරසවිය මටත් හිමි තැනක් වුනාට rank එකක් දාන්න මං පට්ට meter එකක් නෙවෙයි අප්පා.(මටත් එක්ක මගෙ කොලු ව ඒක කරානේ 😊 ) කොහොම හරි Z අගය නිසා උද්ඝෝෂණයකට යන්නත් පුලුවන් වුනා මට.ගාල්ලෙ තිබුනේ..එක හරිම ශෝක් වැඩේ..බෝඩ් උස්සන් කෑ ගැහුවා.පෙලපාලි ගියා.සරසවියට ගියා නම් ඕක ඉතින් නතිං..එ්ත් මං ගියාද සරසවි ..නෑනේ. ටික ටික දවස් ගෙවෙනවා.අර කෝස් මේ කෝස් කර කර දැන් ගෙදර..ඔන්න ඉතින් සරසවිය සිහිනයක් වේගෙන එනකොට ගැසට් එක බලන්න, දන්න කියන අය මාර්

ආදරය

Image
අපි දෙන්නා එක වගෙයි ලු..මටත් ඇහිලා තියෙනවා අපි වටේ ඉන්න අය එහෙම කතා වෙනවා...එක හරි.අයියයි නංගියි වගේ තමයි.(මාර අයියලා නංගිලා) දහම් පාසලේදි , ටියුෂන් පංතියෙදි ,ඉස්කූල් වැන් එකේදි , සිසු සැරිය බස් එකේදි, අපි එකට හිටියා..හැබැයි අපි හරිම හරි හොද යාලුවො..වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම...රණ්ඩු නොවුණු දවසක් නැති තරම්.එච්චරටම යාලුකම.. දවසක අපි අපි ගැන හිතුවා .එදා හරි ලස්සනයි ..මගෙ ජිවිතේට මට හම්බ වුන හොදම යාලුවා ම⁣ට එයා⁣ත් එක්ක ජිවිතේ දකින්න අවස්ථාව දුන්නා...මගේ හා කියන වචනයට පුලුවන් වුනා අපේ ජිවිත ලස්සන කරන්න . අනන්තවත් ප්‍රශ්න ආවා.එනවා..ඒත් ඒවට මුහුන දෙන්න ඔයා මාව ශක්තිමත් කරා.මිනිස්සු කතා කියුවා, කතා හැදුවා. ඒවා අපිට නවත්වන්න බැ. ඒත් දවසක අපි දිනනවා කියන අධිෂ්ඨානය අපේ හිතේ හරි හරියට තියෙන නිසා අපි කඩා වැටුනෙ නැ..(අදටත් අපි හරි චණ්ඩි ,,නොන්ඩි ගැහුවට) එකට ඉස්කෝලේ ගියා.(ඉස්කෝල දෙකක කියලා අපි සැලුනෙ නැ)පන්ති ගියා.දහම් පාසලේ හොදම ලමයි විදියට නායක පදවි දැරැවා..(විශ්වාස කරන්න බැ වගෙයිද ;-) )විභාග ලියුවා.සුපිරියටම සමත් වුනා..අපි අපේ ඉලක්ක වලට හෙමිහිට ලංවුනා.⁣දෙමාපියන් අපි එක්ක හැමදාමත් ව

ධනාත්මක විම

Image
ලස්සන දවසක්.උදේම මුහුනු පො⁣තේ සැරිසැරැවේ කම්මැලිකම නිසා.මොකද ජිවිතේ අපහසුම දවස් ගත කරද්දී පුරැදු දේවල් වල යෙදෙන්න බැරිව අඩුම තරමෙ තමන්ගෙ දෙයක් වත් කර ගන්න බැරිව ,කකුල් දෙකෙන් හිට ගන්න බැරිව ඉන්න කොට මුහුනු පොතයි මගේ පොත් ගුලේ කතා පොත් ටිකයි නිදි දෙව් දුවයි එකතු වෙලා මගේ දවස නිකම්ම ගෙවලා දුන්නා.. ටිං ටිං ..... ලියාපදිංචි තැපැලෙන් ආවා පාර්සලේ දැක්කම මගේ සතුට ඉහවහා ගියා..තාත්තා අත්සන් කරලා එ්ක මට දුන්නම කඩලා බලපු මම මුලින්ම කලේ එ්ක නහයට ලං කරලා අලුත් පොත් වලින් එන සුවද විදපු එක.. පොත් මට අත්සන සහිතව එවන්න කාරැණික වුන කතෘතුමාට ස්තුති කරපු මං ඒ පොත් වල ජායාරූපයක් මුහුනු පොතේ පල කරෙ අලුත් පොතක් ගත්තාම එහෙම කරන්න මං පුරුදු වෙලා හිටපු නිසයි... පොත් ගැන කෙසේ වෙතත් මත් ගැන කතා කරන සංවාදයක් ඔය අතර මගේ පොත් එකතුවෙ ජායාරූප යටින් මිතුරන් කිප දෙනෙක් පටන් ගත්තෙ මට විහිලු කරමින්.... කොහොම වුනත් ඇස් රතු වෙන විහිලු නොකරන මේ කෙනෙක් එක්ක මං පනිවි⁣ඩ හුවමාරුව හරහා පනිවිඩ යවද්දි එයා කියපු දෙයක් නිසා ඇයි මට බැරි ...කියලා හිතන්න මාව පෙලඹුනා. ඔහු කියුවෙ නිකන් ඉන්න එකේ blog සටහන් ලියන්න කියලා