බෝම්බය

නොදන්න අංකයකින් ඇමතුමක් එනවා මගේ අහිංසක ජංගමයට. මොකාද මේ කියලා හිත හිත ඇමතුමට ප්‍රතිචාර දැක්කුවම කතා කරේ හිත ඇදිලා යන හඩකින් කොල්ලෙක්නේ..

"මිස් ඔයාට පාර්සල් එකක් තියෙනවා ..මං highway ඇවිත් පිටවෙලා කොහොමද එන්න ඕන.මට එන පාර කියන්න මිස්"

මං ඉතින් ගොනා සේ එන පාරත් තිතට කියුවා.පොරත් අපේ ගම්මානෙට ඇවිත් අමතන්නම් කියලා හරි cute විදියට phone එක තිබ්බා .

ඔන්න ඉතින් දැන් මට හෙන ප්‍රශ්න..මං කවදද order එකක් දැම්මේ online...නැනේ අප්පා..දැන් මාස දෙකකටත් වැඩියි cr කාඩ් එක නැති වෙලා.මට හොඳටම විශ්වාසයි මං මුකුත් ගෙන්නුවේ නැ කියලා..ඊ මේල් එකත් මුල ඉදන් අගට බැලුවා .කිසිම හෝඩුවාවක් නැ මේ එන පාර්සලේ ගැන (online පොත් ගෙන්න ගන්න එකත් ලගදි කරේ නැ මං) බෝම්බයක් වත් ද?💣💣💣

දහ අතේ කල්පනා කරද්දී අර අංකයෙන් ආයෙමත් ඇමතුමක් .එයා අපේ ගෙදර කිට්ටුවටම ඇවිත්.හරි මාත් දැන් බලන් ඉන්නවා මේකා එනකම්..
හරි හැන්ඩි කොල්ලෙක් අතින් කටින් තැගි අරන් එනවනේ ගෙදර දිහාට .

ඉතින් මාත් අමාරවෙන් මාගේ මේ දවස් වල අතිජාත මිත්‍රයා වෙලා ඉන්න walker එකෙන්ම ගාටලා ⁣එයාගෙන් අර තැගි ගත්තා කියමුකෝ( මගෙ ආච්චි අම්මා තමයි තැගි ටික ගත්තේ.walker අත ඇරියොත් ආයෙත් ම⁣ට ඇදේම නෙ ඉන්න වෙන්නෙ ) යාන්තම් අත්සන වගේ එකකුත් ගැහුවා (ඒකත් ඉතින් වමෙන් ගැහුවා.මු දන්නවායෙ මගෙ අත්සන )😜

මේකා මේ ටික දිලා ගියේ මගේ අතට කාඩ් එකකුත් දිලා..යකෝ ඒක දැක්කමනේ මේ කොහෙන් එවපු බෝම්බයක් ද කියලා තේරැනේ ...

වෙසක් කාඩ් එවන්න ඉල්ලා ගත්ත ලිපිනයට තැගි පාර්සල් එවලා.අම්මෝ මට ඉන්න යාලුවො නම්.අසනීප වෙලා ඉන්න මාව බලන්න දුර ප්‍රශ්නයක් වෙච්චි එකේ දුක මෙහෙම අමතක කරන්න උත්සාහ ගත්ත මගෙ "අල බෝල" යාලුවට ලඟක හිටියා නම් උම්මා එකක් දෙනවා...(බය වෙන්න එපා..නිකම් කියුවේ )😘😘.

ඇත්තටම මේ තැග්ග මාව පුදුම කරා ..මාව සතුටු කරා..
තෝරා ගැනිමත් ඉස්තරම් ඔයාගේ.
යාලුවො කියන්නේ මොන වගේද කියලා ඔයා තව විදියකින් මට පෙන්වලා දුන්නා..


ආදරෙයි අල බෝල රශ්...💓😘😘😍


27.04.2018


Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න