Posts

Showing posts with the label මගේ සිත

74. නුඹ මම හා ඇය

Image
අතින් අත ගෙන  ගෙවා ආ මග කොහේ  කොතනක වැරදුනී මා වැරදි බව කියන නුඹ  අමතක කරපු බෝ දේ ඇතී නපුරු චරිතය දුශ්ට චරිතය රගපාලා මට හරි හතී මගෙන් දුර හිත  හිර නොකර නුඹ  ඇගේ වෙනවානම් හරී අඩා වැලපී පලි දරන්නට  කාලයෙන් ඉඩකුත් නැතී කිසිමදා නොඇසූ කතාවක්  සැගවී එතැනත් ඇතී නොකීවට නුඹ ආස බෝදේ  දෙන්න ඇය හට හැකී සමුගනිමු අපි හිතේ ප්‍රේමෙන් මමයි නුඹගේ පෙම්වතී 14.03.2022

ලියුම දුන්නා මම

Image
ගිරිකුල පාමුල සිට  බිය නොවන්න දැක ගිරි හිස  කටු ලඳු දුරු මඟ පසුකොට නගින්න ගිරි මුදුනට බලන්න ඔබ ආ මඟ කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? ගඟබඩ ඉවුරෙහි සිට බිය නොවන්න දැක ජලකඳ  නගින්න ඔරුකඳ මත පදින්න එගොඩ ඉවුරට බලන්න ඔබ ආ මඟ කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? දොරක් වැසෙන විට පෙරමඟ  තව දොරක් විවරවෙයි වෙනතක බලන් විවරකර නුවණැස  නොවේද එය ඔබ ඉරණම? මෙයයිඅපට හිමි දිවි මග කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? ගොඩක් වෙලාවට මම තීරණ ගත්තේ අනෙක් අයගේ අණ වලට අනෙක් අයගේ තීරණ වලට ගැලපෙන්න. හැබැයි ඒවයින් මට මග හැරුන සමහර දේවල් තිබුනට වරදක්ම වුනා කියලා දෙයක් වෙලා නෑ.අද මම මගේ තීරණයකට මගේ විදියට අවදානමක් ගන්න තීරණය කරලා තියෙන මොහොතක්. හරියන්න හරි වරදින්න හරි මේක කරන්න ඕන කියලා හිත හයිය කර ගත්තා.  හරි හරි මේකටත් කීප දෙනෙක්ගෙන් ඇහුවා. එපා වගේම හා කියන දේත් මැද්දෙන් අන්තිමට මට කැමති මම කැමති තීරණයට ඉඩ දෙන්න ඒ කීප දෙනා කැමති වුනා.  හැබැයි අමාරු දරුණු තීරණ වලදී කතා කරලා උපදෙස් ගන්න , ජීවිතයේදී වගේම රැකියාවේදී හැම වෙලාවෙම හයියක් වුන තවත් කීප දෙන්ක්ට කෝල්...

73.ඉමු නේද රන් මැණික

Image
කඩා වැටුනෙමි දිනක  ඇසූවිට නුඹ නොඑන බව  දරා ගත්තෙමි නුඹට  එන්නට මගක් ඇති බැව්  අසනා තුරුම නියම කල තත්පරයකදී ගසාගෙන සිලින්ජර කටුව ගතකළා වේදනාවෙන් පිරිනු  කාලයක් එක දිගට දරා ගනු නොහැකීවී  එක පෙලට ලද  එන්නත් ගගුල රෝහලේ ගෙවී ගියේ දවස් සේලයින්  කටු අතරගෙවී  ගිය වසරේ පස් මසක් පුරාවට  පස් වරක් මම දුටුවේ ශල්‍යාගාරයේ නේක එළි නමුත් නුඹ ඇවිත් බැව්  කියු සලකුණු මතින්  හිනැහුණේ ලෝකයම කුසේ හිඳිනා ලෙසින් විදින  විදවන විදවාපු බොහෝ දේ අමතකව ගොස්  කොවිඩ් මාරයා ඇවිත්  ඉන්නා කාලයක  නුඹට එන්නට කියූවාට  අනේ අමනාපනම් වෙනු එපා රත්තරනේ ඉතින් අම්මාට හෙට ඉදන්  යන්න වෙයි වැඩමුරේ වෙත නුඹ ගැනම සිතා නොගෙන  කොවිඩ් වැක්සීන් එක නහය කට වසා ගමි  මුහුණු ආවරණ පැලද අම්මි එකක්ම පරිස්සමෙන්  ඉමු නේද රන් මැණික  04.08.2021     

72.උරුමය

Image
 ඈත කතරක යන්ත්‍ර බලයෙන් තැනූ රන්දම තෑගි වූයේ  දූගේ හිත ගත ගත්ත කුමරුට  නැකත් කියනා සුභ වෙලාවේ නිවෙස් හට ආ සොදුරු මොහොතේ  මනාලිය කර දමා හැඩ බැලු එකී රන්දම දිස්නේ දුන්නේ  නෑසියන් නොදකිනා මොහොතේ  ගලවා ගත්තා අනේ ආයේ පුරා වසරක් බැද තබා තිබු  ලක්ෂ ගානක මුදල් අස්සේ  තිලිණ ලැබුණයි ජාතියේ පහන් ටැඹ වෙතින්  යුවති පති හට මගුල් දවසේ  රන් කාසි ගානේ බැලුම් හෙලුවට නැතේ නැවුනේ රත්තරන් හා බැදුණ දැනුමේ පුතා දානා රත්තරන් යැයි කියා ලේලිය හිටියේ හරහේ දිනක් රහසේ නොකියා උකස් කෙරුමට ගිය වෙලාවේ අගය වැඩිමුත් බැංකු යන්තරේ නොපෙන්වයි එහි කැරට් අගයේ හිතෙනවත් ඇති බාල බඩ්ඩක් අනේ දීලයි කොලුට අපගේ රත්තරන් හා එක්ක ගැටිලම  ගානකුත් නෑ ඒවා ගානේ  හැබැයි වටිනාකමට වැඩියෙන්  කතාවක් ඇත ඕවා ගානේ වැස්සකටවත් ඕක බැංකුවේ  තියලා නෑ අපි පෙරදි කාලේ ඒක හංගන් අයිති හිතලා යන්න කලියෙන් බැංකු ගානේ ඇහුවනම් මේ ලේලි පොඩ්ඩම  කියනවා බං ඕකේ උරුමේ 2021.10.15

66. අසනු මිතුරේ

Image
දරා ගන්නට කියා දුන් අය දුරස් වී වග දැනෙනදා යකා වෙස් ගෙන වන්නම්  නටන්නත් එපා වීලා සිටිනදා හිතේ දුක නුඹ දැක්කේ  නසරානියක් ලෙස මෙදා ඇහේ කදුලැලි කියන්නේ  නුඹ කොහේ හිරවී ඇතිවදා කිරිල්ලියකට කැදැල්ලක් ඕනෑම යැයි කියු එදා අහන්නට අමතකම වූයේ  නුඹේ පෙම වේදැයි සදා ලොවක් ඉදිරියේ වනම් කියලා නුඹට පතිනිය වූවදා හීන කදු කදු නාය යනවා මතක අමතක වී මෙදා ඉසිඹුවක් ලද හොතින්  නුඹේ දෑසට ගැටෙන දා අසනු මිතුරේ මගේ පැතුමන් අපේ කර ගැනුමට බදා (2020.04.21)

මම මම ම

Image
හීන පාට නොකරම කටුසටහන් කොලත් නැතිවම මකලා දාන අපූරුව..... හැම හීනයක්ම කලිනුත් වෙනස් වුනා. ඒවා වෙනස් කරපු නිසා...... දැනුත් වෙන්නේ ඒකමයි. අනෙක් අය දකින හීන මගේ කරන්නේ නැතිව ඉන්න පුලුවන් නම් ගොඩක් පින් රෑ නින්දෙදී දකිනවටත් වඩා රිදෙන හිත හීන දකිනවා......... මම වෙන්න ..... මම ආස මම වෙන්න...... අනේ මටත් ඉඩක් දෙන්න ප්‍රභා...... 2020/04/19

පෙම්බැදි ඉතිහාසය

Image
අකුරු අමුනා කියවන්නට හැකිවූ ලමා කාලය ඇරඹුමේ දීම මගේ පොත් ගුලට එක්වූ රාමායණය බොහෝ දේවල් හිතන්නට මගේ හිතට මග පෙන්වූ පොතක්.ඒ කාලයේ යක්ස යනු වචනයේ පරිසමාප්තියෙන්ම යකා බකා ලෙස හිතේ මැවී තිබූ කාලයකි. ඉතින් රාවණා යකාට ගිය අතර ඉන්දියානු මෙගා ටෙලියක නලුවා සුපිරි වීරයා වෙන්නා සේම රාමා පොර විය. ඒත් උපන් රටේ විරුවා බල්ලට දැමීම ලේ ධාතුව විසින් පිලිනොගත්තේ හෙලයා යනු අභීත අයෙක් නිසා විය යුතුය. අතට අහුවෙන රාමා රාවණා සීතා ලක්ශ්මණා ගැන ලියවූ ලිපි තැන නොතැන නොබලා වචනයකවත් මග හැර නොගෙන කියවන්නට පෙලඹුනේ වාල්මිකී කොලේ වසා ගසා ඇතැයි ලපටියට වැටහුනු නිසාවෙනි. ඉතින් ටිකෙන් ටික හෙල මහා විරුවා කවුරුන්ද යන වග මෙන්ම එතුමා  සමග බැදී පවතින්නාවූ අතීත වර්තමාන හා අනාගත කාලයන් පිලිබදව තතු බොහෝමයක් දැනුම් ගබඩාවට ඇතුලත් විය. ආචාර්ය මිරැන්ඩෝ අබේසේකරයන් වැනි ඉතිහාස  ගවේෂකයන් ,භද්‍රජි මහේන්ද්‍රයන් වැනි රචකයන් විසින් පුස්තකාරූඩ කරවූ තොරතුරු මත පදනම්ව මා මනසේ මැවූ රාවණයන් යනු තුන් කල් දැකි මහා පුරුසයෙකි.වෙදදුරෙකි.රටකට පිනට පහල විය යුතුම රජෙකි.අහස කුස හා සක්වලම ජයගත් නිපැයුම්කරුවෙකි. ක්ශනික තීරණයක ප්‍රතිඵලයක් ලෙස ල...

ෆීලින් මං වටිනවා

Image
ජිවිතේ අපිට සමහර වෙලාවල් එනවා කාටවත්ම අපිව වටින්නේ නැහැ ඇයි මම ජීවත් වෙන්නේ කියලා හිතෙන.අන්තෙටම කලකිරුනු එහෙම වෙලාවක මැරෙන්න හිතෙන්න වුනත් පුලුවනි.මම ඒ හැගීම විදලා තීනවා. ඒත් අද මේ ඇදිරිනීති වෙලාවෙත් අත්‍යවශ්‍ය සේවා සපයන අයගේ මූල්‍යමය අත්‍යවශ්‍යතා සපයන්න අත්‍යවශ්‍ය සේවාවකට අදාල සේවකයෙක් විදියට රැකියාවට ගිහින් ඇවිත් විශබීජ නැත්තටම නැතිවෙන්න පිරිසිදුවීම් කරලා ගෙදරට ආව මට (සනීපෙන් ඔව් හෙන ෆිට් කියලා පෙන්වන කිහිප දෙනෙක් මං එක්ක ජීවත්වෙනවා.වකුගඩු රෝගයක් , පිලිකාවකින් බැටකාපු දෙන්නෙක් මෙහේ ඉන්නවා.මාස කීපයකට කලින් ඔපරේශන් එකක් කරපු හබියෙකුත් ඉන්නවා,තව දියවැඩියාව උඩවැඩියාව කරගනිපු දෙන්නෙකුයි පට්ට සනීපෙන් කියල ඉන්න පිනි බිදක් වැදුනත් හචොස් ගාන ඩබලකුත් ඉන්නවා) හිතුනෙම ආයෙනම් මැරෙන්න හිතුනොත් මේ භයානක කාලේ ගැන මතක් කරලා බලනවා කියලා තමයි..ගැලරියේ තියෙන ෆොටෝ ටික ආයේම පීරනවා. අවුරුදු විස්සකට විතර කලින් මැරුන අයගේ පොත් ලකුනු කරන්න එන , රජයෙන් කියපු ණය සහන අහන්න ඇවිත් අපේ අම්මා අප්පා මතක් කරන අය ඉන්න රටක කොරෝනා කියන්නේ තවමත් වැඩ නොපෙන්වපු කෙරුම් කාරයෙක් කියලා තේරුම් ගන්න තරමට මොලේ තියන මිනිස්සුත් ඉද...

අසල්වැසියා

Image
කොරෝනා නිසා ඉරට කලින් වැඩට යන ඉරට පස්සේ ගෙදර එන විකාර ජීවන රටාව මග හැරුන අතරම අත්‍යවශ්‍ය සේවා රාජකාරියෙන් දින දෙකක විරාමයක්ද ලැබුනි. මේ කාලය අතර තුර සොයා ගත් දේවල් වලට අතේ දුරටත් අඩුවෙන් පිහිටා තිබෙන නිවෙස් වල ජීවීන් ඉන්නා බවත් එකී ජීවීන් මා මෙන්ම පණ ඇති අය බවද එකතු වේ.  එහා ගෙදර අක්කාට කඩේ වසා දමා ලමයින්ට පාඩම් කියාදීමට වෙලාවක් ඇති බවත් එකී පොඩි අය ඩබලට රණ්ඩු නොවී ෆිට් එකේ සෙල්ලම් කිරීමටද හැකි බව සොයා ගන්නට ලැබූ අනිත් දේවල් ය. මේ දවස් වල මේ පොඩි ඩබල මා වැඩ ඇරී එන තුරු බලා සිටින්නේ දවසේ විස්තර බැල්කනියෙන් එබී මා හට රස කර කර කියන්නටය.. පසුගිය දවසක ලොකු බබාගේ උපන් දිනයට බැල්කනිය මත සිට සුභ පතන්නෙද කේක් පුරවාපු තසිමක් ලැබෙන්නේද ජනේලය හරහාය. මේ අලකලංචි කාලේ මොනවාම හරි කරගන්නට උපන් හපන් මාව ගරුඩ පැත්තෑයෙක් විසින් කිස් කිරීමේ සොදුරු වේදනාව දරුනුවටම දැනෙන අතරම පොඩි ඩබලගේ ආච්චි විසින් විස නසන්නට හැකි යැයි කියා බැදි හාල් කැද සාදා ජනේල් හුවමාරුවෙන් ලබා දෙන ලදී.  හදවතට දැනුනුයේ අපට කෙතරම් දේවල් මග හැරී ඇද්දැයි කියාය.වසරකට කිට්ටු කාලයක් මෙම නිවසේ සිටි මට මේ සති කිහිපය හුගක් දේ කියාද...

කැන්වස් රෙදි

Image
සමහර චිත්‍ර ශිල්පීන්ට තමන්ගෙම කියලා කැන්වස් රෙද්දක් ගන්න ක්‍රමයක් නැතිව, එක්කෝ සල්ලි නැති කමින් , හොද මොනවර්‍ය ද කියලා නොදන්නා කමින් හෝ උවමනාවක් නැති කමින් අනුන්ගේ කැන්වස් රෙදිවල තමන්ගේ සිහින සිත්‍තමට නගනවා. අන්තිමට එහෙම සිත්තරුන්ට තමන්ගේ සිත්තමත් එක්කම සිහිනත් කැන්වස් රෙද්දේ අයිතිකාරයටම දෙන්න වෙනවා. සිත්තමේ පොඩි හරි පැටලිල්ලක් ‍තිබුනොත්, මම කියන්නේ අමතක වුන පැන්සල් හෝ පින්සල් ඉරක් තිබ්බොත් අර කැන්වස් එකේ අයිතිකෙනා නටන නැටුම දහ අට සන්නියේවත් නැති තරම්.. අනුන්ගේ කැන්වස් රෙදි මගේය මා සිත්තම් කල යුතුමය යන අනවශ්‍ය සිතුවිල්ල නිසාවෙන් අහිමිව යන සිතුවම් පිලිබදව සිහින පිලිබදව හිතෙහි මතුවන වේදනාවෙන්ම තවමත් පින්සල් රටා මවමි. ඉතින් තමන්ගේම කැන්වස් රෙද්දක සිතුවමක් ඇදීමෙහිලා අසීමිත ආසාවෙන් පෙලෙමින් පිඹුරුපත් සදමින්.. #corona2020 #curfewtime #dreams

පෙබරවාරි 24

Image
අද ඒ කියන්නේ පෙබරවාරි 24 වෙනිදා දවසක්. 🙂 අවුරුද්දටම මේ දවස එන්නේ එකම එක පාරක් විතරක් වගේම ජීවිතයට මේ වගේ මතකයන් එකතු කරන දවස් එන්නේත් බොහෝම කලාතුරකින්. හිසේ ඉදන් පාදාන්තයටම කිසිම කොටසක් භාග භාග නොතිබුනු , ජීවිතය හරී සැහැල්ලුවෙන් විදපු, හැම දෙයක්ම හරීයටම තිබුනු, ආදරයෙන් යාවෙලා පේවීලා ඉන්න හිත් දෙකක් සංසාරේ කවද හරි එකට එකතුවෙලා කරපු පාපකර්මයක ගෙවීම් චක්‍රය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න දිනය එදා බව නොදැන දවසට අදාලව කරන්න සැලසුම් කරපු බොහෝ දේවල් පෙලගස්වගෙන ගෙදරින් එලියට බැහැලා අදට මේ අද දවසට හරියටම අවුරුදු දෙකක්.🛵🛵🛵🛵🛵 ඒ අනතුර අදටත් මතක් කරද්දී හිතට ගේන්නේ භයානක හැගීමක් වුනත් දෙන්නාම ශාරීරිකව  තවමත් ප්‍රතිකාර ගන්නවා වුනත් , අදටත් ඉගෙන ගත්ත මම කියන්නේ උගත් පාඩම් කොච්චර වටිනවාද කියනවා නම් බොහොමයක් වෙලාවලට ඒ අනතුරට හේතු වූ  ත්‍රීවීල් රථය පැදපු කෙනා ත්‍රීවීල් කාරයා සිට මහත්මයා දක්වා විවිධාකාර උසස් වීම්ද හිමි කර ගන්නවා..😂😂😂🤷 හරියටම අවුරුදු දෙකක්, 🤷🤷 පෙර ආත්මයන්ගේ කරපු වැරදි පාපකර්මයන්ට ගෙවෙන්න ඕන තරම් බොහෝ දුරට මේ වෙනකොට ගෙවීගෙන යන්න ඇති කියලා හිතන් හිත හදාගෙන ජීවිත...

මගේ තියරිය

Image
මගේ තියරිය වෙනස් එකක් ..  අකැමැති වුනත් කැමැත්තක් ඇති කර ගනිපු රස්සාවක් මට තියෙන එකේ සැලරි එකත් දේව පිහිටෙන් five digits වලින් සෙට් වෙලා එනවා නම් (හරි හරි කැපිලා කෙටිලා ac එකට එනකොට දැනෙන feeling එක අදාලම නැ.හරිය) ශෝ එකට පින් මගේ නැතිව පලක් ඇති පිනක් මම කරනවා නම් අනේ වදින්නම් මගේ බඩකඩිත්තු මටම තියාගන්න කියලා පින් කරන විදිය කියලා දෙන්න එන්නේ නැතිව හිටහන් බං..🙋 අනිත් එක මං ආස දේවල් වලින් අංක එක පොත් .. ඒවා මම ගන්නවා.ගන්නෙත් මගේ සල්ලි වලින් නම් අනේ නාහෙන් අඩන්න එපා.මට ඒ ගනිපු පොත් වලට මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා දෙන අදහස් මට ගේන ෆීලින් එක ...පුහ් ! ඒක තේරුම් ගන්න ඔයාට අමාරුයි මෙයා..කේන්තියක් ඒක ඇස් වලට කදුලු පුරවනම..🤷 අනිත් එක මට කරන්න බැරි පුලුවන් දේවල් ගැන අදහසක් මට තියෙනවා.මට යාන්තම් සැප කියන හැගීම දෙන දෙයක් නම් ඉට්ස් ඕකේ බේබි.මම ඒක ඇක්සෙප්ට් කරන්වා..my car my petrol කියන්න තරම් ලෙවල් එකක් නැතත් මට (ඉස්සරෝම කාලෙනම් ෆුට් බයිසිකල් එකක් තිබ්බා) යන එන ගමන් ගැන ටිකක් විතර ශරීර සෞඛ්‍යය ගැන එහෙම හිතලා මම ගන්න තීරණ ගැන පට්ට ආගියු කරන්න එපා .. සුජීව අයියා වගේ කියුවොත් 'ඔයාට පව් ප...

2❤2❤

Image
ජිවිතය ... අපි එක එක කෙනා ඒක දකින විදිය වෙනස්. කෙනෙක් මේ සසර පුරා කරන ලද මහා අනර්ඝ පිංකම් පලදීමෙන් ලද මේ ජිවිතය විදින අතරම තවකෙක් ඒ ජීවිතය විදවනවා... 😌 දයාන් ලයාන්විතව කියන "විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා " කියන පද පේලිය මේ දවස් ටිකේම මම හිමි හිමින් මුමුණනවා.. ඇයි මේ..   මම මගෙන්ම අහනවා.🤦 මගේ මනස අකීකරු වෙලා.උඩ හිත යටි හිතත් එක්කලා මහා සටනක්...🤺🤺 ඒක තමයි මේ මිමිනෙන ගී පදය මට ගැලපෙන්න තියෙන එකම සාධකය.. යටි හිතේ බොහෝ කලක් තැන්පත් වෙලා හිටපු සිහින..ඒවට සැබෑ වෙන්න ඕන කියලා හිතිලා මේ හදිසියේම.ඒත් යටි හිතට අමතක වෙලා මගේ යුතුකම් වගකීම් හැකියාවන්..උඩු හිත වලිකන්නේ ඒ දේවල් යටිහිතට මතක් කරලා දෙන්න.🙅🤷 ඒත් යටි හිත මේ පාර පැරදෙන්න කැමතිම නැහැ වගෙයි..අනෙක් හැම පාරකදිම වගේ පහුබහින්න සූදානම් නැහැ වගෙයි..ඒ දෙන්නට මම ගැන තීරණය කරන්න ඉඩදීලා මම පැත්තකට වෙනවා..හරි තීරණය අරන් මට කියන්නකෝ.. ඒ අතර මාත් මම ගැන හිතන්න ඕන කියන හැගීමට ඉඩක් වෙන් කරන්න හිතුවා ඉතින් නිදහසේ හිතුවාම හිතෙනවා මට මොනවද අඩු...ඇයි මේ මම දුකින් කියලා.🤷 දකින බලන ඕනම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ...

බලා හිදීම

Image
බලාසිටීම  එය කෙතරම් වෙහෙසකර දැයි විටින් විට ජීවිතයට කියා දෙන්නට තරම් කුරිරු වු සසර ගමනක් ගෙවා ඇවිත් බව පසක් වෙන හැම මොහොතකදිම ....  නුඹ බිය නොමැති බව වදනින් කියා දිරියෙන් හැම දෙයකටම මුහුන දෙන කල ඉතින් කදුලැලි සගවාගෙන ඉමි නුඹට සවියක්ම වී සිටින්නට .... බැදීමක වටිනාකම නොදන්නා බොහෝ හිත් අප හිත් රිදෙව්වද "මං නිසා මේ දේ වුනා නේ " සිතින් වැටෙනා හැම නිමේෂයක දකින්නට ආසම කරන ඒ හිනාවෙන් මුව පුරා ඔයත් ඔය දුක් විදින්නේ මම නිසා නේදැයි අසන නුඹ තමයි මගේ මුලු ලෝකයම. (මා දැස් ඇර නොබැලුවා නම් , සීත සුදු කලාපයේ අතරමං වුනානම් ලොවේ කතා කෙලෙසකද වෙන්නේ කියා මවා ගැනීම පවා අපහසුය මා හට නම්) නිමේෂයකදී ඕනෑම දෙයක් සිදුවිය හැකි බව උගත් පාඩම් අතරට එක් කල ඒ නපුරු තත්පර කිහිපය අපේ ජීවිත වලට කියාදුන් අනේකවිධ පාඩම් අතර තව තවත් ආදරය කිරීමට ඉගෙන ගනිමින්. ආදරය කියන වදන පුරාවට ගැබ් වූ ආදරය ජිවිතය මතින් විදගනිමින්...                අත්වැල් බැදන් එක මග යන්න එන්නෙමි මා නුඹ සමග ❤️,නමුදු FZ මත නම් කිසිම දිනයක යලි නොයන්නෙමි....ත්‍රීවීල් යන මගක 😉 ((201...

මම මම වීම

Image
හරියටම අදින් දින 587 කට කලින් හිටිය මම ආයෙමත් ම මම විදියට එනවා නම් , නැතිවෙච්චි ගොඩරියක් දේවල්  ආයෙමත් මගේ ජීවිතයට එනවා නම් , මම " plz help me" හරී "plz support me" හරී නොකියා මගේ වැඩ මමම කරගන්නවා නම් , අඩන්න ඕන වෙලාවල හිනාවෙලා හිනාවෙන්න ඕන වෙලාවල උඩ පැනපැන හිනා වෙලා ඉන්නවා නම් , බැහැ නැහැ නොකියා YES I CAN සිතුවිල්ලේ ඉන්නවා නම්, ....................... ඔව් එදා මම ගාව හිටිය මම අද මම ගාව නැහැ..ඒකීට රිදෙන්න ඕන තැන් වලටම රිදුනා..රිදෙන හැම මොහොතකදිම රිද්දවපු අයට රිදේවි කියල  මම හිතන් හැසිරුන විදියට රිදිලා තියෙන්නේ මටමයි... ඒත් මම වෙනස් වෙන්න තීරණය කරා..අද නෙවෙයි ටික දවසක ඉදන්..ඒත් වේදනාවල් දැනෙද්දී ඇගයුමක් නැති වෙද්දී මට අමතකම වෙලා ගියා මම ආයෙමත් මම වෙන්න හිතුවා කියලා .ඒක එක ස්වප්නයක් ,මොහොතක සිතුවිල්ලක් විතරක් වෙලා තියෙද්දි  , මට ඉස්සර හිටපු මාව මතක් කරන්න ඒ හිටපු මගේ වටිනාකම අදට වඩා එදා හුගක් වැඩි බවත් එදා හිටිය මම ආයෙමත් නැවිදින් හිටියොත් මගේ ජීවිතයේ හුගක් පසුතැවීම් සිදු වෙන එක නවත්වන්න බැරි බවත් හිතේ ගැඹුරටම කතාකරලා තේරුම් කරවන්න අද පුලුවන් කම ලැබුනා.. මම මේ ...

50:200

Image
50:200 මේක මාර අනුපාතයක්.. වෙනස සන්සන්දනය කිරීමට වෙහෙස වෙමින්.. 50 න් අඩු කල විට යලිත් එකතු කල යුතු නොවන අතර 200 න් අඩු කිරීම යලි එකතු කල යුතුය .. 50 න් සිදුවන කිසියම් අඩු වීමක් නොගිනිය හැකි තරම් වන අතර 200න් අඩු වන නොගිනිය හැකි තරම් වූ අඩු වීමක් ගැනිය හැකි අගයක් ගන්නේ උපරිමයෙනි... 50 සැදෙන්නේ නෝමල් ගස් වලින් කැඩීමෙන් වන අතර 200 සැදෙන්නේ කප්රුක වැනි විශේෂ ගසක වන බැවින් කැඩිය යුතු නොවේ.. 200මත මෙන්ම 50 මතද  ගතට මෙන්ම හිතටද ඔලු ගෙඩියටද ඇති වෙන වෙහෙස අපමන බව නොතේරුම්කම නිසා මෙන්ම සමහර අලි ඔලු නිසා ද නොපෙනී යාම මහත් පාපයකි.. 50ට වඩා 200 වැදගත් බව අගයානූරූපීවද පුද්ගලානුබද්ධවද 50 මෙන්ම 200 ද අවිවාදයෙන් පිලිගන්නා අතර 200හි අඩුවන අගයන් පිලිබඳ  50 විසින් මහ හුගාක්  හොයන්නේද නැත..එමෙන්ම 200 විසින් 50 බිංදු බවට පත් වීම ගැන නොඅසන අතර එය ප්‍රතිපූර්නය කිරීමද සිදු කරන අවස්ථා ද නැතුවා නොවෙයි . 200න් කල කී දේ කාටවත් නොදැන අතර 50 සීන් එකේ ඉන්නට ගොස් අනාගෙන ඇති බවක් පෙනීයමින් පවතී.. 50 හා 200 අතර වෙනසක් දරුනුවටම මවා පානා එනමුදු තවමත් ඒ අතර ඇත්තේ 150ක වෙ...

55.මගේ විතරක් වේවා ..

Image
නුඹ ලග රැදෙමි මගේ ආදරෙ  නුඹ හින්දා හිත ගුලි කර ගනිමි නුඹ හට ආදරේ හින්දා  මුලු ලොව උරන වී හිටි දා නුඹ එක්කා මම නුඹ නමින් කැපවීලා හිටි හින්දා  දුක සැප දරන් එක පත කෑමට ආදා කිම නුඹ අමතකව ඉන්නේ  නුඹේ ලන්දා නැත මා කලේ වරදක් නුඹ හට කිසිදා සැම දේ දරා හිටියේ  නුඹ එක්කා වරදක් කරලා නුඹ  හිනැහී හිටි හින්දා  සමාව කියන්නෙත්  එක වදනක් හින්දා  අඩලා පලක් නැත කදුලුත් මගේම නිසා කිසිවක් නැති විලසේ ඉමි ඉවසා මම නුඹ දනිමි නුඹ දන්නා තරමටත් වඩා සමුගෙන ගියත් නුඹ ගෙන් සැගවිලා මෙදා දුව එමි නුඹට මා ඇවැසි  කියු විගසා මතු භවයේවත් නුඹ  මගේ විතරක් වේවා

ඉල්ලීම

Image
ජිව්තය ලස්සනම ලස්සනයි කියලා මම හිතුවට ඒක ඒ තරමට ලස්සන නැති බව තේරුම් ගන්න මට මේ තරම් වෙලා යන්නේ ඇයි ද මන්දා ... මට කොහේදි හරි වැරදුනා.ආයේ ආයේ මම ඒ වැරද්දම කරනවා කියල හිත කියන කියන පාරක් ගානෙම මම හිතටත් තරවටු කරලා ඒ වැරද්දම කරා.. මම හිතුවේ හැම වැරද්දක්ම මගෙයි කියලා. මොකක් ද කියලා කියන්න නොදන්න මහ ලොකු බැදීමක් මම මගෙයි ඔයාගෙයි අතර තිනවා කියලා හිතන් හිටියට ඒක එහෙම නෙවෙයි කියලා ඔයා මට නොකියා කියපු බව අතීතයේ මතක අතර සරන මේ වගේ වෙලා වලට මතක් වෙද්දී ඇස් වල කදුලු පිරෙනවා.. ඔව් ඔයා මගේ ආදරේ.. මගේ පන.. පන වගේ ආදරය කරන මට ඔයා රිද්දන්නේ කාලෙන් කාලෙට.. අනේ මං දන්නේ නැහැ.මම ඔයාට මොන වරදක් කරලා ද කියලා . ඔයාට නිදහස මම නොදි ඉදලා තියෙනවද? සමහර දේවල් එපා කියලා කියනවා.ඒත් ඒ කියන්නේ ඔයාගේම හොදට .ඔයාගේ පරිස්සමට .අන්තිමට ඔයාටම තේරුම් යනව ඇයි මම එපා කියුවේ කියලා. ලෝකේන්ම ඔයා නිසා බැනුම් අහන්න මට පුලුවන් වුන වෙලාවල් තිබුනා.ඔයාත් රිද්දන මගේ හිත ඔයාගේ සමහර මෝඩ වැඩ නිසා ලෝකයේ මිනිස්සුත් රිදුවා...ඉවසුවා ඉවසුවා ..වාවා ගන්නම බැහැ රත්තරං .. සමහරු අපි පතාගෙන ආවා කියලා කියන කොට ඔයා මගෙන් ඇත් වෙලා ඉන්න හැම...

54.අතහැර යන්නට

Image
සමුගැනීම ලේසි යමක් නොවන බව කියාදුන් නුඹම අද දරා ගැනීම ලේසි යමක් නොවන බව කියාදුන් නුඹම අද හිතක් පපුවක් නැති බව දැනුනද මෙමට නුඹ ගැන ඉවසා ඉන්නෙමි තවත් සත් වසකට වඩා කලක් නුඹට බැදි ප්‍රේමයේ නාමයෙන් මම අදත් ලබාදුන් දේට වැඩියෙන් නුඹ මෙමට පේ වෙලා කැපකරපු දේ වැඩිය මම අතහැර යන්නට මෙමට මං කියාදෙනු එපා...

ගමේ සැටලයිට්

Image
" වැඩකට යනවා ද දැන්? " රටේම ඕපාදූප ගෙයි ඉස්සරහට වෙලා හොයන මනුස්සයාගේ මනුස්සකමටත් ගරු කරන්න එපායි කියලා හිතුන එකේ ඔන්න ඔහේ උත්තරයක් දුන්නා..😋 " දැන් ටික දවසක ඉදලා හන්දියේ පොඩි වැඩකට යනවා" 😊😊😊😊😊😊😊😊 අනේ අම්මපා මං ගැන මටත් වඩා දන්න අයනේ මෙව්වා මගෙන් අහන්නේ... ඒ තරමටම අපේ ගමේ සැටලයිට් සර්විස් අවුල් වෙලා ද??? (මේක වෙලා නම් ටික දවසක් වෙනවා ...😂😂)