පෙබරවාරි 24


අද ඒ කියන්නේ පෙබරවාරි 24 වෙනිදා දවසක්. 🙂
අවුරුද්දටම මේ දවස එන්නේ එකම එක පාරක් විතරක් වගේම ජීවිතයට මේ වගේ මතකයන් එකතු කරන දවස් එන්නේත් බොහෝම කලාතුරකින්.

හිසේ ඉදන් පාදාන්තයටම කිසිම කොටසක් භාග භාග නොතිබුනු , ජීවිතය හරී සැහැල්ලුවෙන් විදපු, හැම දෙයක්ම හරීයටම තිබුනු, ආදරයෙන් යාවෙලා පේවීලා ඉන්න හිත් දෙකක් සංසාරේ කවද හරි එකට එකතුවෙලා කරපු පාපකර්මයක ගෙවීම් චක්‍රය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න දිනය එදා බව නොදැන දවසට අදාලව කරන්න සැලසුම් කරපු බොහෝ දේවල් පෙලගස්වගෙන ගෙදරින් එලියට බැහැලා අදට මේ අද දවසට හරියටම අවුරුදු දෙකක්.🛵🛵🛵🛵🛵

ඒ අනතුර අදටත් මතක් කරද්දී හිතට ගේන්නේ භයානක හැගීමක් වුනත් දෙන්නාම ශාරීරිකව  තවමත් ප්‍රතිකාර ගන්නවා වුනත් , අදටත් ඉගෙන ගත්ත මම කියන්නේ උගත් පාඩම් කොච්චර වටිනවාද කියනවා නම් බොහොමයක් වෙලාවලට ඒ අනතුරට හේතු වූ  ත්‍රීවීල් රථය පැදපු කෙනා ත්‍රීවීල් කාරයා සිට මහත්මයා දක්වා විවිධාකාර උසස් වීම්ද හිමි කර ගන්නවා..😂😂😂🤷
හරියටම අවුරුදු දෙකක්, 🤷🤷


පෙර ආත්මයන්ගේ කරපු වැරදි පාපකර්මයන්ට ගෙවෙන්න ඕන තරම් බොහෝ දුරට මේ වෙනකොට ගෙවීගෙන යන්න ඇති කියලා හිතන් හිත හදාගෙන ජීවිතය බේරපු යම් හෝ පිනක් නිසා වෙන් නම් එවන් පින් කරන්නට යලි යලිත් කරන්නට එක්ව එකග වෙමින්ද , එදා සිට අද  වෙනකම් වචන වලින් හෝ තනි නොකරමින් අප දෙදෙනා වෙනුවෙන් වෙහෙසවෙන සියල්ලන්ටම හර්දයාංගම තුති ප්‍රභා හා දිල් විසින් පුද කරන්නට මේ වෙලාවක් කර ගන්නෙමු..🙏🙏

ඒ වාගේම දිල්ට සිදු වූ දේවල් ප්‍රභා නිසා වූවායි කියමින් ප්‍රභාගේ හිත රිදපූ අයටත්(මේකනම් තවමත් වෙමින්) , ප්‍රභාට සිදු දේවල් දිල් නිසා වූවායි කියමින් දිල්ගේ හිත රිදවූ අයටත්(වුනේම නැති තරම් ) , මහ මහ යෑම ,අපගේ කාලකණ්ණි කම ආදී එකී නොකී මෙකී හැම සුන්දර අදහසක්ම  ඉදිරිපත් කල සහපිරිවරත් මේ වෙලාවේ බැතිසිතින් මතක් කරනවා .👊

ඉතින් මේ ප්‍රභාගේ සිතුවිලි ලියවෙන්නෙත් මේ අනතුර නිසාමයි .මොකද ඇදක් උඩ ජීවිතයේ එපා වෙද්දී ලියන්න පටන් ගත්ත ගමනුයි මේ.
ආදරෙයි මේ ජිවිතයට හැමදාමත් ,පාඩමක් කියාදුන් ..❤

Comments

  1. සිතා ගත නොහැකි එය.
    ඔබ දෙදෙනා ම පරිස්සමෙන් ඉන්න.
    බුදුසරණයි ❤

    ReplyDelete
    Replies
    1. අදහන්න අපහසු දේවල් ජීවිතයේ ගොඩක් සිද්ද වෙනවා. මේත් ඒ වගේ දෙයක්

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න