Posts

ලියුම දුන්නා මම

Image
ගිරිකුල පාමුල සිට  බිය නොවන්න දැක ගිරි හිස  කටු ලඳු දුරු මඟ පසුකොට නගින්න ගිරි මුදුනට බලන්න ඔබ ආ මඟ කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? ගඟබඩ ඉවුරෙහි සිට බිය නොවන්න දැක ජලකඳ  නගින්න ඔරුකඳ මත පදින්න එගොඩ ඉවුරට බලන්න ඔබ ආ මඟ කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? දොරක් වැසෙන විට පෙරමඟ  තව දොරක් විවරවෙයි වෙනතක බලන් විවරකර නුවණැස  නොවේද එය ඔබ ඉරණම? මෙයයිඅපට හිමි දිවි මග කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? ගොඩක් වෙලාවට මම තීරණ ගත්තේ අනෙක් අයගේ අණ වලට අනෙක් අයගේ තීරණ වලට ගැලපෙන්න. හැබැයි ඒවයින් මට මග හැරුන සමහර දේවල් තිබුනට වරදක්ම වුනා කියලා දෙයක් වෙලා නෑ.අද මම මගේ තීරණයකට මගේ විදියට අවදානමක් ගන්න තීරණය කරලා තියෙන මොහොතක්. හරියන්න හරි වරදින්න හරි මේක කරන්න ඕන කියලා හිත හයිය කර ගත්තා.  හරි හරි මේකටත් කීප දෙනෙක්ගෙන් ඇහුවා. එපා වගේම හා කියන දේත් මැද්දෙන් අන්තිමට මට කැමති මම කැමති තීරණයට ඉඩ දෙන්න ඒ කීප දෙනා කැමති වුනා.  හැබැයි අමාරු දරුණු තීරණ වලදී කතා කරලා උපදෙස් ගන්න , ජීවිතයේදී වගේම රැකියාවේදී හැම වෙලාවෙම හයියක් වුන තවත් කීප දෙන්ක්ට කෝල් එකක්වත් නොදී හිටියේ මේක කරන්න හ

73.ඉමු නේද රන් මැණික

Image
කඩා වැටුනෙමි දිනක  ඇසූවිට නුඹ නොඑන බව  දරා ගත්තෙමි නුඹට  එන්නට මගක් ඇති බැව්  අසනා තුරුම නියම කල තත්පරයකදී ගසාගෙන සිලින්ජර කටුව ගතකළා වේදනාවෙන් පිරිනු  කාලයක් එක දිගට දරා ගනු නොහැකීවී  එක පෙලට ලද  එන්නත් ගගුල රෝහලේ ගෙවී ගියේ දවස් සේලයින්  කටු අතරගෙවී  ගිය වසරේ පස් මසක් පුරාවට  පස් වරක් මම දුටුවේ ශල්‍යාගාරයේ නේක එළි නමුත් නුඹ ඇවිත් බැව්  කියු සලකුණු මතින්  හිනැහුණේ ලෝකයම කුසේ හිඳිනා ලෙසින් විදින  විදවන විදවාපු බොහෝ දේ අමතකව ගොස්  කොවිඩ් මාරයා ඇවිත්  ඉන්නා කාලයක  නුඹට එන්නට කියූවාට  අනේ අමනාපනම් වෙනු එපා රත්තරනේ ඉතින් අම්මාට හෙට ඉදන්  යන්න වෙයි වැඩමුරේ වෙත නුඹ ගැනම සිතා නොගෙන  කොවිඩ් වැක්සීන් එක නහය කට වසා ගමි  මුහුණු ආවරණ පැලද අම්මි එකක්ම පරිස්සමෙන්  ඉමු නේද රන් මැණික  04.08.2021     

72.උරුමය

Image
 ඈත කතරක යන්ත්‍ර බලයෙන් තැනූ රන්දම තෑගි වූයේ  දූගේ හිත ගත ගත්ත කුමරුට  නැකත් කියනා සුභ වෙලාවේ නිවෙස් හට ආ සොදුරු මොහොතේ  මනාලිය කර දමා හැඩ බැලු එකී රන්දම දිස්නේ දුන්නේ  නෑසියන් නොදකිනා මොහොතේ  ගලවා ගත්තා අනේ ආයේ පුරා වසරක් බැද තබා තිබු  ලක්ෂ ගානක මුදල් අස්සේ  තිලිණ ලැබුණයි ජාතියේ පහන් ටැඹ වෙතින්  යුවති පති හට මගුල් දවසේ  රන් කාසි ගානේ බැලුම් හෙලුවට නැතේ නැවුනේ රත්තරන් හා බැදුණ දැනුමේ පුතා දානා රත්තරන් යැයි කියා ලේලිය හිටියේ හරහේ දිනක් රහසේ නොකියා උකස් කෙරුමට ගිය වෙලාවේ අගය වැඩිමුත් බැංකු යන්තරේ නොපෙන්වයි එහි කැරට් අගයේ හිතෙනවත් ඇති බාල බඩ්ඩක් අනේ දීලයි කොලුට අපගේ රත්තරන් හා එක්ක ගැටිලම  ගානකුත් නෑ ඒවා ගානේ  හැබැයි වටිනාකමට වැඩියෙන්  කතාවක් ඇත ඕවා ගානේ වැස්සකටවත් ඕක බැංකුවේ  තියලා නෑ අපි පෙරදි කාලේ ඒක හංගන් අයිති හිතලා යන්න කලියෙන් බැංකු ගානේ ඇහුවනම් මේ ලේලි පොඩ්ඩම  කියනවා බං ඕකේ උරුමේ 2021.10.15

71 මහා මාශා

Image
පෝරු මස්තක මතදී දිවුරා සතර වරිගය ඉදිරියේ  ආල වඩලා කලක් තිස්සේ පොතේ ලියුවයි නීතියේ දිදුල හැම දේ රන් නොවන බැව්  හෙමි හෙමින් උගනා පැයේ කදුලු බීවද ලොවට කියනට දිරි නොමැතිවී ගෙවනා දිනේ කිරි සුවද ගෙපැල පුරා පැතිරී යද්දී ප්‍රේමයේ නාමයේ නවදැලි හේනේ වැදිරිය සේමා පෙනුනද මා ප්‍රියේ අගනගරේ බෝ ලදුන් මත්තේ නුඹේ හිත් නතරව ගියේ නුඹට පෙම් බැදි මගේ හිත සත් කඩට පැලිලා ගියේ කටුගා දමා හැර යන්න නුඹ සිතුනේ නෙක වරේ තවත් ඉවසමින් නුඹ නමට හිත් බැදි මගේ පෙම මතේ..

70. සාමිනේ

Image
දෙවිදුනේ දෙවොලේ වසනා හමුවෙන ආ පැයේ නුඹ සමීපයට එන්න පිනක් නොමැතිවී ගියේ ආවඩන පුතුන් හිමිකමේ විලම්බීත දොඩමිනේ මහ දොරටු වසා සිත් බින්දේ ඇයිද සාමිනේ

69. තුලාව

Image
දිනක මැන බැලූ කල ප්‍රේමය  නුඹේ හිත්හි  සගවා ඇතී උරුම මා හට ඉහල තැනකයි  සිතමින ඉරණමේ කව  සපථ කරමින්  ප්‍රේමයේ  බර වැඩිම තැන්  අදත් විදිමින් 

68.නුඹේ අයිතිය

Image
හෙලූ දාබිදු අපමණයි කියන්නට  අයිතිය නුඹට  ගෙවී අවසන්  නැතත් තාමත්  කියන්නට සින්නක්කර හිමිකම නුඹට  නුඹේ අයිතිය  හඩගෑව පමණින් වෙනත් දෑතක නුඹ  වෙලෙන කල  නොදැන මා එක  අවේලාවක කෙලෙහිගුණ නොදත්  නම් ලද නුඹේ හිමිකරු මමයි තවමත්  පරිගණක ණය  හිමිහිමිහිට පියවන...... (2020.05.19)

67. පලමු සංවත්සරය

Image
ආදරය කියා දුන් හිතක  ජිවිතය කියවීම ඇරඹී  ගෙවී ගොස් පුරා වසක් දරනා විට මාව  දරනා විට නුඹව ඉරිතැලුම් ඇති නේක සිනාමල් කැන් සේම ඉදිරි මග බෝම වෙයි හීන නම් තවත් වෙයි සෙවනැල්ල සේ ලගම  ඉන්න පින් පුරන්නයි සතුට නම් බෝ හිමියි දුක ඔයා නම් එපැයි නුඹ දුන්න පෙම් හිතට සදා මම ආදරෙයි  (ඉතින් ප්‍රභා දිල් එක්කලා අතිනත අරන් සම්පුර්ණයෙන් ම වසරක් ගෙවිලා..) 2019/05/09 - 2020/05/09

66. අසනු මිතුරේ

Image
දරා ගන්නට කියා දුන් අය දුරස් වී වග දැනෙනදා යකා වෙස් ගෙන වන්නම්  නටන්නත් එපා වීලා සිටිනදා හිතේ දුක නුඹ දැක්කේ  නසරානියක් ලෙස මෙදා ඇහේ කදුලැලි කියන්නේ  නුඹ කොහේ හිරවී ඇතිවදා කිරිල්ලියකට කැදැල්ලක් ඕනෑම යැයි කියු එදා අහන්නට අමතකම වූයේ  නුඹේ පෙම වේදැයි සදා ලොවක් ඉදිරියේ වනම් කියලා නුඹට පතිනිය වූවදා හීන කදු කදු නාය යනවා මතක අමතක වී මෙදා ඉසිඹුවක් ලද හොතින්  නුඹේ දෑසට ගැටෙන දා අසනු මිතුරේ මගේ පැතුමන් අපේ කර ගැනුමට බදා (2020.04.21)

මම මම ම

Image
හීන පාට නොකරම කටුසටහන් කොලත් නැතිවම මකලා දාන අපූරුව..... හැම හීනයක්ම කලිනුත් වෙනස් වුනා. ඒවා වෙනස් කරපු නිසා...... දැනුත් වෙන්නේ ඒකමයි. අනෙක් අය දකින හීන මගේ කරන්නේ නැතිව ඉන්න පුලුවන් නම් ගොඩක් පින් රෑ නින්දෙදී දකිනවටත් වඩා රිදෙන හිත හීන දකිනවා......... මම වෙන්න ..... මම ආස මම වෙන්න...... අනේ මටත් ඉඩක් දෙන්න ප්‍රභා...... 2020/04/19