Posts

Showing posts from May, 2018

34.මිතුර

Image
සසර සරන එක් භවයක මිතුරෙකු ලෙස මා වෙත ආ නුඹව තමයි සසර පතා මා ආවේ දිගු ගමනක් අමාවකට එලිය වෙලා මරු කතරට දියක් වෙල හැම මොහොතෙම ලඟම ඉන්න නුඹම තමයි මා පැතුවේ නුඹට ලංව ඉන්න ආස  මගේ පැතුම් බොඳ වන්නට කවදාවත් එපා මිතුර  මගේ ලඟින් දුරක යන්න නුඹ නොමැතිව තත්පරයක්  මට කල්පය තරම් දිගුයි නෙතු කඳුලැලි මට නපුරුයි සත්තකින්ම අපි දුරකයි ලංව ඉන්න මට ආසයි (2006-2010)

33.කුමරියේ

Image
සිහිනයේ දුටුව නුඹව නෙතු මානයේ දුටුව දින දැණුනි මුළු ලෝකයම හිමි වුණා සේ මෙමට සොඳුරු නුඹේ තෙපුල් බස් සිනා සෙන නුඹේ දෑස් මතකයේ රැදෙයි හැමවටම කුමරියේ නුඹෙ නමින් මසිත පිරි සෙනේහය කියා නිම කරන්නට කෙදිනක හැකිවේද මට සසර සරනා හැම භවේකම අපේ සිත් එක් සිත් වෙලා කුමරියේ නුඹ රැදෙන් මා ලඟ ආදරේ මා හට කියා (2008)

32. බුදු පියතුමා

Image
නිමල බුදු දහම් ගඟුලෙ ගිලෙන්නට පියාණෙනි මට දෙනු මැන අවසර ඉපදුණු දිනයේ මෙමා රජ මැදුරෙ තනිකර තපසට ඇයි ද ගියේ සක්විති රජ සැප එපා ය මා හට බුදු පියතුම ඔබෙ තුරුලෙ ඇතී ආවත් ඔබ හා පොඩි හිමියන් වී මවගෙ කදුළු දුක සිතෙහි ඇතී මව්තුමියට පින් පිරෙන්න ආදර සසරෙන් එතෙරට යන්න හැකී ඒ ඇති පියතුම ලැබදුන් දායද ගෙනවිත් සුළැගිල්ලේ පටලා පිය සෙනෙහස මට ලැබ දීලා (2005)

31. සැඩ මුහුද නුඹ

Image
සොඳුරු ඔබෙ රළ පෙළින් දෙපා දොවු අපිට වියරු වුණු රළ පෙළින්  නෑසියන් හිතමිතුරු අහිමි කරවුයෙ අැයි ද ? සිතිජයේ බසින හිරු  වෙනදාට දකින්නට  පොරකෑව ළපටියන් කුරිරු ඔබෙ සිත් පතුලේ අමා නිදි සුව විදින්නේ කිනම් වරදක් නිසාවෙ ද ? වැට කඩුළු මායිම් වලින් වෙන් වෙලා සිටි දනන් එකට සිතනා එකට පතනා මිනිස් සිත් ඇති කර ද ? නුඹ  බිලිගත් ඒ ජිවිත වල අගය කෙසේ මිල කරන්න ද ? සනසාලු අපේ සිත අඬවාලු අපේ සිත ඔබට තාමත් ආදරේ ඇයි ? ඔබේ සොදුරු බව හේතුවෙයි එ් ලෙසට.... (2006)                                                   

30. පියතුම මගෙ

Image
මව් සෙනෙහස අහිමි මවෙත ඔබයි මවක් වුයේ  මහ මෙරකට වැඩි⁣යෙන් ඔබ  ජිවන බර දැරුවේ දියණිය හට මව නැති බව නොදැනෙන්නට මෙන්නේ දුක් වින්දා හැම දිනකම නෙත් තෙත් කරමින්නේ ඔබේ සතුට කැප කෙරුවා මා ගැන සිතමින්නේ සුළු මව් සෙනෙහසක් මවෙත නැත ගෙනවිත් දුන්නේ ඔබෙ සෙනෙහස සිහිවන විට මා හද කකියන්නේ හොර රහසෙම මා හැරදා  මරු හා ඇයි බැදුණේ මතු භවයෙත් පියතුම මගෙ ඔබ වේවයි පතමි සෙනෙහෙ සිතින් ඔබෙ නාමය  මම නිති සිහි කරමි (2007)

අතිතයෙන් අනාගතයට යමින්

Image
ආයෙමත් මීට අවුරුදු බර ගානකට කලින් වගේම දවසක් ඇවිත්.. වැඩියෙ නැහැ අවුරුදු පහකට චුට්ටක් වැඩි ... ඒ කාර් එකේම නැගලා තාත්තත් එක්න අායෙමත් ඔෆිස් එකට..එදාට වඩා අද වෙනස් ..අම්මත් මේ දෝණි එක්ක යන්න ඇවිත්.. එයාලා මං ගැන ගොඩක් හිතනවා ඒකයි.අනිත් අතට මටත් හිතේ හයිය විතරයි තියෙන්නේ කියලා එයාලා දන්නවා..(මට හිතෙන විදියට මං ලඟ දැන් ඒකත් නැ)😓 ඒත් හුරුපුරුදු ඔ⁣ෆිස් එකට නෙවෙයි යන්නෙ කියලා හිතන කොට හිතට නිකන් හරි මොකක් ද වගේ දැනෙනවා. හුරුපුරුදු යාලුවෝ ටික මගේ වටේ නැ කියලා මතක් වෙද්දි මල කරදරයක් කියකියා ගියත්  අනේ ආයෙත් එහෙ යන්න තියෙනවා නම් කියලා හිතුනවා.😐 දුර වැඩි නිසා ඔයාලා ගාවට මේ තත්ත්වයෙන් එන්න හොඳ නැති නිසා පෙරලුන පිට හොඳයි කියලා මාත් මේ තිරණය ගත්තා .. හිත නිදහස් .මොකද ඊයේ දිගම දිග මල් පාත්තියක්ම ඒ ඔෆිස් එකේ යාලුවො එක්ක කැඩුවානෙ...💓 එකම ආයතනයක් ඔෆිස් දෙකක්.. හරියටම අදට අවුරුදු හයකට සති ගානකට කලින් මං මේ අද යන ඔෆිස් එකට මං ගියා. පුංචි දඟකාර කෙල්ලෙක් විදියට කැම්පස් යන්න කලින් දෙන පුහුණුවකට .. අන්තිමේ මට ඒ ආයතනයේම රැකියාව කරනවා.. අද යද්දි එදා හිටපු අය කවුරුවත් නැ.

රස්සාවට යන අම්මා

Image
දැන් ජිවිතය ඉස්සරට වඩා වෙනස්ය. 😒 පවුලක පිරිමියා පමනක් නොව කාන්තාවද හරි හරියට ජිවිත අරගලයේ යෙදෙනු වස් රැකියාවක නිරත වෙයි..කාන්තාවක් රැකියාවක නිරත විම සමාජය දකින්නේ විවිධාකාරයෙනි.. අපි හරි මග යයි නම් එක එකාලාගේ කතාවන්ට හිත යොමු නොකර සිටිය යුතුමය.. නැත්නම් බෙර පදේට නැටවෙනා නැට්ටුවා මම වෙනා කියා ඉන්න තමයි වෙන්නේ. මම ද රස්සාවට යන්නෙමි..තවමත් විවාහ ජිවිතයේ බරක් පතලක් හිසේ නැතත්  පෙම් ලෝකය තුල රස්සාව නිසා සමහර විට ගැටලු ඇති වුවද ඕන දෙයක් සුභවාදිව දකින ප්‍රභාගේ සිතුවිලි හොදින් වටහා ගත් දිල් නිසා මගේ ගැටලුවලට විසදුම් හැම විටම  ඇතිය.. ඉතින් අනාගතය ගැන බියක් හිතේ නැතිය... කොහොම වුවත් රස්සාවට වඩා පරස්තාවට කැමති මං ගෘහණියක් ලෙස සමාජ ගත විමට අනාගතයේ ඇති ඉඩකඩ වැඩිය.( අනාගත කාල වාක්‍යයකි )😁😁 සිතුවිල්ල ඇය ගැනය..මගේ මුර දේවතාවිය ගැනය..සිතුවිලි දහසක් ලියුවද මදිය අම්මෙ නුඹ නමට....💖 මගේ අම්මා ද රැකියාවක් කල අතර තවමත් රැකියාවෙහි නිරත වෙයි. ඇය ගුරුවරියෙකි. මෙලොව තිබෙන උතුම්ම වෘත්තියේ ඇය නිරත වෙන බව අතර එය උපරිම අන්දමින් ඉටු කිරිමටද ඇය කිසිදා පසු බසින්නේ නැත.. දැනුම සොයා

29. නිසැකවම

Image
ගැඹුරු පඩි වදන් "නිව්ටන්" ද "ෆැරඩේ" ද "එල්මෝ" ද "මාකෝනි" ද සොයා බලන්නට විමර්ශනය කරන්නට තීක්ෂණ දෑසක් ඔබ සතුව ඇත කළ යුත්ත නිබඳවම මතකයට නැගීමයි ඔබද එවිට සක්වලම ජය ගනු ඇත නිසැකවම (2006-2010)

28.අසිමිත ආදරය

Image
දිවා රැය දෙක පුරා නුඹ ගැනම මා සිතයි අසිමිත ආදරය මේ තරම් තතු සොයයි.... මං දුරක බව දැනුනි විටක හද පාරවා.. අතිතය හිමි අතිතයටම බවත් අමතකව සිටි නිසා නුඹ එක්ක අනාගතේ තැනු සිහින මාලිගා බිඳි යනු නොපෙනුනා වත්මනේ අපි දුරස් බැව් අද මෙමට තේරැණා... මට තනිව යන්න යැයි නොකියාම කියවුණා... 💔💔 😢😭😭😭😭😭😭😭😭😭😪 (2018.05.22)

මගේ ලිවීම.

Image
ඉස්කොලෙ යන කාලෙ ඉදහිටලා කවියක් ගෙතුවට ආදරේ අරන් මගේ හදවත(මං එයාට දිල් කියලා කියන්නම්කෝ..හදවත=දිල් 💓මේ හින්දියෙන් හරිද ? 👍) මං ගාවට ආවට පස්සේ ආදරේ ගැන කවි ලියුවට මං ලියන ඒවා එයා බලලා හොඳයි කියුවට මං දැනන් හිටියා මට ලියන්න බැ කියලා. එයා මං දුක් වෙනවට කැමති නැති නිසා එහෙම කියලා මාව සනසවනවා ඇති කියලයි මං හිතුවේ(ඇත්තත් ඉතින් ඒකමනේ) .😀 ඉස්කොලේ හතේ අටේ පන්ති වලදි බිත්ති පුවත් පත කරන්න වගේම ඒකට ලිපි ලියන්නත් අවස්ථාවක් දිපු පන්ති බාර සිංහල සර් තමයි චුට්ටක් හරි හිත ෆිට් කරේ "ලියන්න පුතා හරි හැඩයි ඔයාගේ රචනා" කියලා.ඒත් ඉතින් මං ලියුවද රචනාවකට එහා දෙයක්..අනේ නැ..😊 කාලයක් මං දෙයකට කියලා කරේ ෆිල්ම් බැලිල්ලයි කතාපොත් කියවිල්ලයි තමයි.එක අතකට ඒවා නිසා ලියන්න තිබුන ආසාවත් තව වැඩි වුනාට අබරංට වෙච්චි දේ වෙයි කියලා මං බැරි වැඩ නොකර හිටියා. උසස් පෙලට ගණිත අංශයෙන් කරලා ශ්‍රම බලකායට සප් එක දෙන්න වෙනස්ම පාරක් තෝරගෙනත් දැන් අවුරැදු 05කට කිට්ටුයි ..ඔය කාලේ කවියක් කුරැටු ගැවේ  උපන් දිනේකට සුභ පතන්න විතරයි.. කොහොම හරි පහුගිය කාලේ ජිවිතේ වෙන්න ඕන චාටර්ම දේවල් වුනා..😖 එච්චර දෙ

27. කෙසේ දෝ පා නගන්නේ

Image
කුමරියක පතනියක වී අද පිරිවරා ගත් අසිරි ගී මැද දෙනෙත් යොමු කොට කළඹ දෙසටා එයත් ගෙන ඔබ දුරස් වුවා මල් වැටී විසිරුණු මාවතේ පියවරින් පියවර දෑලි බැඳගෙන ඇවිද ගිය අපි, මඟුල් පෝරුව මතට නැඟ ඔබ මා තවම ඔබ දෙපා පාමුල මැවුණු ලොව අද සුන්⁣වෙලා ගොස් මිතුරු මගෙ අතිනත ගෙනේ ඔබ සිනාසෙනු මට පෙනෙයි ඔබ නම් හිමි නොවු ඔබ දකින මා හට නිරුදක වූ සිනහව කෙසේ දෝ පා නගන්නේ.. (2006-2010)

ආදරයේ උල්පත

Image
ජංගමය අතට ගත්තේ නුඹ අමතා පරිස්සමින් ගියා දැයි අසන්නටය.කියන්නට යමක් ද හිතේ විය. අංකය ඇතුලු කොට පසකින් තැබුවේ පසුගිය කාලයේ ජංගමය නුඹ ඇමතිමේදි මිමිණු හින්දි ගිතය හින් හඩින් මුමුණමින් ය. නමුත් ඇසුනේ වෙනත් පදවැලකි.වෙනස් තාලයකි.. අසා සිටියෙමි.කදුලු වලකා ගන්න නොසිතුවෙමි.ගැලු කදුලට ඉඩ දෙන්නට පසෙකින් ඉඳ ගතිමි..😢😢 නුඹ ජංගමයට පිළිතුරු නොම දුන් නිසා එහඬ අවසන් වන තුරුම ඇසුවෙමි.. ඇමතුවේ ඇයි දැයි මට අමතක විය.කියන්නට පෙල ගැස්සවු කරුණු පේලි කැඩි ගොස්ය..නමුත් නුඹ ජිවිතයේ සිතන්නට යමක් මට ඉතිරි කර තිබුණි. නුඹ අන් අයට වඩා වෙනස්ය .නුඹ බෝසත් පුතෙකි..නුඹ ඇයට නුඹේ පනටත් වඩා ආදරේ බව හැදින ගත්තෙමි.ඇය සමඟ සුරතල් වන හැටි දැක්කෙමි.ඇය සමඟ බොරුවට රණ්ඩු වන හැටිද තරහ වෙන හැටි ද දැක්කෙමි.ඇය අසල සිටින්නට ආසා කල බවත් දැක්කෙමි නු⁣ඹේ ආදරය නුඹේ දැසින් මෙන් ම ඇයගේ දැසින් ද දැක්කෙමි.ඒ ආදරය පිවිතුරු ය.මට ලියන්නට වචන නැති එකී ආදරය මෙලොව උතුම්ම ආදරයකි. මම නුඹේ කදුලු දැක ඇත්තෙමි.එය මගෙන් සඟවා ඉන්නට උත්සාහ කල ද නුඹ මාවද එදා හැඬවුයේ දරා ගන්නට නොහැකිම තැනදිය.එදින ඇය අසනිපයෙනි..අදත් එසේමය.. නමුත

පලමුව ආරක්ෂාව 01

Image
ම්ම් ඔයාලා ඉතින් ප්‍රභා ගැන දන්නවනේ..මං ගැන තමයි අනේ.. ඇහෙන්න කටක් ඇරලා වචනයක් කතා කරන්නෙ නැ.පොලවට දැනෙන්න ඇවිදින්නෙ නැ.හරිම අහිංසක ශාන්ත දාන්ත තින්ත කුඩුව..😆 හික්ස්...මං එහෙම ඉන්න ඇත්තෙ අපෙ අම්මගෙ හින වල තමයි...මං හරි දඟයි අනේ ඉස්සර..දඟයි කියන්නේ ගස් නගින්න උඩ පනින්න කැගහන්න දුවන්න උපන් හපන්.දැනුයි කියලා ඉතින් ආයි වෙනසක් නැ..😋 හරි හරි මං දැන් කියන්න යන්නේ මගේ මගෝඩි වැඩ ගැන නෙවි අනේ..මං වගේ දඟ සුටි සුටි බබාලා ඉන්න අයගේ ගෙදර අනිවාර්යයෙන් ම තියෙන්න ඕන දෙයක් ගැන. බබාලා වුනාම එක තැනකට කොටු කරලා තියන්න හොද නැ.එයාලට පුංචි කමට ලොකු වැඩ කරන්න දෙන්න ඔින.හැබැයි ඉතින් අම්මි තාත්ති ගේ ඉදන් නැදැ පරපුරම මෙයාලා කරන වැඩ ගැන ෆුල් ඇලට් එකේ ඉන්න ඔිනිමයි..එහෙම හිටියත් පොඩ්ඩො පොඩ්ඩ මිස් වෙච්චි ගමන් තුවාල කර ගන්න එක නම් අනිවාර්යයි.. පොඩ්ඩෝ විතරක් නෙවි ලොකු අපිටත් කොච්චරක් නම් අනතුරැ, අසනිප වෙනවද එදිනෙදා ගෙදරදි.. අන්න ඒ නිසා අනිවාර්යයෙන් ම අපේ ගෙදර ප්‍රථමාධාර පෙට්ටියක් නැත්නම්  Firstaid box එකක් තියෙන්නම ඔීන.ගමන් අරන් යන අත්බැගයටත් පුංචි පසුම්බියක දාලා සමහර පුංචි බෙහෙත් ජාති දාගෙන යන්න පුලුව

26.අහිමි විය

Image
නිරුදක කතරක් වන් මසිත පොද වැස්සෙන් සිසිල් කළා කොදුරා ආදර වදනක්  මගෙ සිත මට අහිමි කළා (2006-2010)

25. ඔබ මා

Image
සිහින විමන් දොර ඇරුණා  ආදරයෙන් නෙත තෙමුණා තනිවු මා අත ගන්නට ඔබ මා තුරුලට ආවා (2006-2010)

24. සිත් පුරා ආදරය

Image
මසිත ඉකිගසන පාළු නිමේෂය  අපි ලංවි සිටි සොඳුරු අතීතය මගෙ මතකය වෙත ගෙන ආවා දුර සිටවත් ඔබ දෙස බලන⁣ට දෛවය මා හට දුක දුන්නා  මගෙ කුමාරා ළඟ දැවටී දැවටී මුමුණන්නට ආසා හිතුණා මා අසරණ වී ඔබ අසරණ වී අප අද දෙතැනක නතර වෙලා       කයින් දෙතැනක දුරස් වී මුත්      සිතින් අපි  එක තැනමයි      සිත් පුරා ගත් ආදරය සදා      ඔබ මා ජිවත් කරවයි     දෙවි රැකවරණින් මගෙ කුමරුනෙ     නුඹ සදා සුරැකි සිටි මැනවි     ඔබ වෙනුවෙන් දුක් විදින හිතක්      ඇති වග හිත් රදවා ගනු මැනවි (2006-2010)

23. හද පාරයි

Image
සොඳුරු සෙනෙහස රිදයි හදවත හිමි නොවේ ඔබ මගේ අහසට සඳවතිය ඇයි හඳක් හඩවා බැස යන්නෙ අහසින් තරහවී ( 2006-2010)

22. කෙසේ පිළිගමි

Image
මතක සිතුවිලි සිතට වද දෙන දිනය හා මා සබැඳිලා අද මිතුරියේ ඔබ සැඟවිලා ගොස් ක්ෂිතිජයේ සැඟවෙනා හිරු මෙන හෙට දින දි හිරු යළිත් නැඟ එයි එසේ ඔබ යළි එතැයි සිතනට ධවල දජයන් දිරි නොදෙයි මට කනට කොදුරා විහිළු වදනක් කිකිණි නද විසිරුවා දස අත එකට සිටි අප වෙන් වෙලා අද මෙලොව මා තනි වෙලා සදහට පියා දෙනුවන් ධවල කන්‍යා වැතිර සිටියා පහන් එළි මැද කෙසේ පිලිගමි වෙන්ව ගිය බව ළැබැඳි යෙහෙළිය කඳුලෙ තනිකර (2006-2010)

21. ඔබ නපුරු වුනත්

Image
පුර පෝය දිනය උදුවප්               මාසේ  හැම නිවුණු හදිනි සතුටින්     හිටියේ  සිඳු දළ රළ පෙළ රට වෙත     ගැලුවේ දන මන හැම දෙන ගියෙ පර ලෝකේ අපි ආස කරපු ලස්සන           වෙරළේ හිත මිතුරු පිරිස වැලලි          හිටියේ දන ලොබින් එකතු කළ හැම  දේවල් මහ මුහුද ඇවිත් අරන්          ගියානේ ඔබ ඇවිත් ගියත් සුනාමි         විලසේ මක් කරන්න දැයි සෙලවුණි පොළවේ ඔබ නපුරු වුනත් සුන්දර         සයුරේ  අපි තරහ නොවෙමු ඔබ හා   මිතුරේ (2006)

ඇවිත් යන්න එන්න

Image
ආදර අයියටයි අක්කටයි ඉතින් ඔයාලා දෙන්නට කොහොමද? හුඟ දවසකින් මට ඔයාලා දෙන්න දකින්න හම්බ වුනෙත් නැ.මං ගෙදර එද්දි ඔයාලා ගෙදර එන්න හිතලවත් නැ කියලා පොඩි අයියා කියනවා ඇහුනා. ඔයාලා දෙන්න මාත් එක්ක ගොඩක් තරහද ?😌 එදා උදේ අක්කව ඔෆිස් එකට දාලා හවසත් අක්කව එක්කන් එන්න අපි දෙන්න ගියෙත් අක්කා අසනිපෙන් හිටිය නිසානේ.පරිස්සමට එක්කන් එන්න. අපි එච්චර හයියෙන් ආවෙත් නැනේ නේද අයියේ? අපේ ඉස්සරහින් ගිය කාර් එක පැද්දෙත් වයසක අන්කල් කෙනෙක් නේ..එයා ගියේ 30ට නැත්නම් 40ට.ඉතින් කොහෙද මායි අයියයි හයි ස්පීඩ් යන්නේ..අපි එයාගේ පස්සෙන් සුහච කිකරු විදියට නේ ආවේ.අනිත් එක අක්කා පණ අපි එක්ක ඉන්න කොට අපි දඟ නැ නේ නේද අයියේ ? 😋 කොහොමටත් ඇගට පන නැතිව එහා මෙහා වැනෙන්නත් මට උවමනාවක් තිබුනෙ නැ.(විහිළුවට හරි කවුරු හරි කියුවොත් එහෙම මං වැරදි කියලා ඒකයි මං මතක් කරේ😈) ඔයාලා දෙන්නා මාව එදා උදේත් ෆුල් බොඩි ⁣චෙකප් එකක් කරානේ..මං ඒකත් පාස් නේ..😀 ඇත්තමයි අයියේ තාමත් මට හිතා ගන්න බැ එදා මොකෝ වුනේ කියලා..අක්කා අයියට කෑ ගහන සද්දේ ඇහුනා විතරයි මතක ..අක්කා උඩින් විසි වෙලා පැත්තක වැටිලා හිටියා.අයියා පාර මැද්දේ වැටිලා අක්කට

දෙවෙනි මනමාලි විම

Image
මං කැතය..හිත පිලිගැනිමට අකමැති වුවද ඇත්තම අැත්ත එයය..මං සුදු නැත.උසට සරිලන මහතකින් ද යුතු නොවේ.පිට මැදට ඇති කෙටි කොන්ඩයත් හදිස්සි⁣යෙන් හිටෙව්වාක් මෙන් ඇති දත් සෙට් එකත් බෝල ඇසුත් ඇති මා හරියන්නේ අපායේ කැලැන්ඩරයට බව මා තිරණය කරේ මෙයින් වසර බොහෝ ගනනකට පෙරය. හැබැයි මට හිතෙන තරම් මං කැත නැති බව මුලින් ම තිරණය කරේ ඔහුය.එයට නම් පින්ය.රටේ මෙචච්චර කෙල්ලො ඉද්දි මාව ඔහුගේ තේරිම විය..(ඔහු කන්නාඩි පාවිච්චි නොකරන නිසා විතරයි මං පිලිගත්තේ💓) හරි හරි දැන් කියන්නේ තමන්ගේ ජිවිතේ ලස්සනම දවසේ මාවත් ලගින් තියා ගත් මට අනුව නම් නට් එක ලුස් දෙදෙනෙක් ගැනය..හරියටම කියුවොත් හතර දෙනෙක් ගැනය .මොකද වෙන්ඩ නෝනාගේ බසට ගරු කල අයියා මහත්තයලා නැති නම් මගේ හින කුඩුය. මනාලියක් වෙන දවසට දැන් නම් චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා වැදගත් වෙන්නේ අ⁣රෙහෙ මෙහෙ හරව හරවා ගහනා ජායාරූප ටිකය.වෙඩිමෙන් පසු පලමු දරැවාගේ පලමු උපන් දිනය දවසට විතර ලැබෙන වෙඩින් ඇල්බමය ඉතාමත් වැදගත් මතක සටහනක්ය..මාත් ඉතින් දෙයියනේ කියා එවැනි ඇල්බම් දෙකකම ඉන්නට පින් කර තිබුණි. කැත මටත් දෙවෙනි මනමාලියෙක් වෙන හිනයක් හිතේ තිබුනත් එවැන්නක් ඉටු වේයැය

කොම්පියුටර් පන්ති

Image
"If u have played this game,then your childhood was awesome"   ඒක නම් ඉතින් මොන භාෂාවෙන් කියුවත් ඇත්තය.මේ ගේම ගැසු නිසා පමනක් නොව එ් හා බැදි පවතින්නා වු සමස්ත ක්‍රියාවලියම නිසා මගේ ලමා කාලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම awesome ය . මේ ඒ ගැන කතාවයි.....😍 මතකය හරි නම් අම්මලාගේ විභාගය (අපෙ අම්මාට නම් ඒ ගැන වගේ වගක් නැත.මගේ ආසාවට කල විභාගයක් නිසා ඇය දුක් වින්දාය) අවසන් වු කාලයේදි ⁣කොම්පියුටර් ඉගෙනිමේ මහා ආසාවක් මට හට ගත්තේ රැල්ලට විය යුතුය.අපේ අම්මා මගේ පරිස්සමත් හොඳ ගුරැවරයෙකුත් යන දෙකම බලා මාව අල්ලපු ගමේ (ඕක අපේ අම්මියාගෙ ගම) පන්තියකට යවන්නට පටන් ගත්තා. පන්තිය හොදය.කියා දෙන ඒවත් හරි ශෝක්ය..උගන්වන මිස් සුදු ලස්සන අක්කියෙක්ය.(බැදලා තිබු අයියා කලුම කලු වුනේ ඇයි කියලා කල්පනා කරන්න මං පැය ගනන් වැය කරේ ඒ නිසාමය 😈)  මොනව උනත් තනිවම ඉගෙන ගත් පන්තියට අපේ ගමේ කොලුවෙක් එනවා යැයි මිස් කියුවාම මං බලන් උන්නෙ මොකාද කියා බලා ගන්නය.ඒ කොල්ලා හරි හොද වස සැර කොල්ලෙකි.දැක්ක තැන රණ්ඩු විමට ඒකව දැක්කාම මට හිතෙන්නෙ ඇයිද මං දන්නේ නැත.මං අද වගේම ඉස්සරත් නොසැලි හිටිය නිසා ඒක⁣ගේ ආගමනය

හරි තිරණය

Image
ජිවිතයේදි මං ගනිපු ගොඩක් තිරණ මහ අමන තකතිරැ ගොන් ඒවා.ඒත් එහෙමයි කියලා ඉදලා හරි යන්නෙ නැති නිසා මං  මේ කියන්න යන්නේ මං ගත්ත හරි තිරණයක් ගැන. ඒ ඔයාගෙ වෙන්න කැමතිද අහපු වෙලාවෙ කැමති කියපු එක..ඔව් මං ඔයාට කැමති වුනා. නොදන්න කෙනෙක්ට ජිවිතේ භාර දෙනවට වඩා මං ඔයාගෙ වෙන්න ගොඩක් ආස කලා.ඒක පාර්ශවිය පෙමක් ද්වි පාර්ශවිය වුනේ එහෙමයි.. මට පිස්සු බව දැන දැනම මං පුංචි පිස්සියෙක් කියලා දැන දැනම පිස්සන් කොටුවේ පුංචි දොස්තර වෙන්න ඔයාගෙ තිබුන නොසන්සිදෙන ආසාව මගේ ඒ හරි තිරණය නිසා ඉශ්ඨ වුනා..😉 විහිලුවක් නෙවි මං කියන්නේ අනේ.ඔහොම හිනා වෙන්න එපා😄  මම හිනාව, හිනා වෙන හැටි, ජිවිතය, ජිවත් වෙන හැටි මේ වගේ මහා හුඟක් දේවල් ඒ තිරණය නිසා ඔයා නිසා මං ඉගෙන ගත්තා.ඇත්ත; කදුල ,වේදනාවත් අකුරු කරා මං ඔයත් එක්කම.මිට කලින් ඔයා වුනත් ඒ දේවල් නම් දැනන් හිටියෙ නැ කියලා මං දන්නවා. හරි තිරණයට පුලුවන් වුනා ගොඩක් දේවල් මට උගන්වන්න වගේම මං තවමත් හුඟක්  දේවල් ඉගෙන ගන්නවා. ඒ තිරණය නිසා මට ඔයා , ඔයාගෙ වුනාට මගෙ වෙච්චි  ඔයාගෙ සහෝදරයා ,අම්මා තාත්තා ලැබුනා.හුඟක් ආදරේ පිරැන ලස්සන පවුලක් ලැබුනා.. සැපේදි හිනා වෙවි ජිවිතේ බෙදා

20. අහිංසක ආයාචනයක්

Image
ආදරයෙන් මා හට දුන් ඔවදන් කියු මුවඟ අද ගොළුවිලා රට දැය රකිනට යුධ පිටියට ගිය ඔබේ දෙපය අද නැවතිලා කොහොමද  අයියේ ඉවසා ඉන්නේ මගේ දැස් පොඩි කඳුලු සලන්නේ ඔබේ සිනිඳු ගත සිතල විලා වෙනදා නොඑනා තාලෙට ආවා සුදුවතකින් ඔබ සැරසිලා මිතුරන් හඩවා සොයුරිය තනිකර මව්පිය දැසට සමුදුර සමකර ඔබ තනියම දිගු නින්දට වැටුණයි මතු අත් භවයෙත් නොවන් මෙවන් දුක් කරනා පින්කම් පල දිලා අප සැමගෙම දිවි ආයුෂ ලැබගෙන ඉපදෙන් අයියේ අප අතරම ඔබ මගේම අයියා ලෙස විලා.. (2004)

19. අවසරයි

Image
හිමි නොමැති නුඹ ගැනම මගේ සිත ඉකිගසයි ළඟ නොමැති නුඹ සොයා මගේ නෙතු මඟ බලයි අනේ නුඹ ළඟ ඉන්න කවදා මට අවසරයි (2006-2010)

18. සිනහ මුව

Image
නෙතු ගැටෙනු නොහැකි විටදි හද මා ලත වෙනු දැණුනා යොමු වෙනා නෙතට සැමදේ ඔබ සිනහා මුවම පෙනුණා (2006-2010)

17. ආසයි මට

Image
සිහිනෙන් වත් මගෙ ළඟට හොර රහසෙන් ඇවිත් ඉන්න නිදි දුවගෙන් සමු ගනිද්දි එපා මාව දාලා යන්න   තුරැල් වෙලා ඔබෙ පපුවට   හෙට ගැන සිහිනයන් දකින්න   ආසයි මට හරි ආසයි   කුමරුනි ඔබ ළඟ රැදෙන්න. (2006-2010)

16. මල් මාවත

Image
සිත ගාව හෙමි හෙමිට පෙම් ගිත මුමුණාපු ම⁣ගෙ පුංචි සුර අඟන කොහේදෝ        ගියේ අත්වැල් බැදන් පිය මැන්න මල්     මාවතත් අද පාළු නුඹ නැති නිසාමයි                නගේ (2006-2010)

15. ප්‍රේම කොදෙව්වේ

Image
පද පබැඳුම් නුඹ ගැනමයි සිත   තෙපලන්නේ නෙතු පියාන සයනත ඔබමයි      සිහිවන්නේ පිරෑ පැතුම් සංසාරේ සඵල             වෙමින්නේ හද ගැටුණා අත්වැල් බැද  පේ‍ම  කොදෙව්වේ (2006-2010)

14. කවි පදවැල්

Image
නෙතට කදුලු බිඳු එක් කොට අහක බලා ගෙන නොඉන්න සිත් පත්ලෙන් නැගෙනා දුක කවි පද වැල් සේ ගොතන්න (2006-2010)

13. මගේ හිත

Image
නිසල දැස් යුග මා වෙත       යොමලා නිහඬ බැලුම් ඔවදන් මට      දෙවනා කුමරුනි ඔබ මගේ හිත ගෙනියනවා මටත් හොරා ඔබ හිත    ගෙනියනවා (2006-2010)

12. ඔයා

Image
හිත අද්දර හිමි හෙමිහිට විහිලු කරපු ඔයා නෙතු අද්දර හින ගොඩක් මවා දුන්න ඔයා කතා කරන නෙත් යුගලෙන් ආදරයයි කියා කොහි ගිහින්ද මා ලඟ අද නැතිය ඔයා (2006-2010)

11. ජිවය

Image
නිමේෂයක දි දැස් පියවුනි ලොවම අඳුරේ ගිල්වුනි හැර යන්න සැරසුනත් නිහඬව නුඹව සිහියෙහි රැදවුනි මවෙත ඇමතු නුඹෙ කටහඩ මවෙත ජිවය ගෙනදුනි 2018.03.05 💑